මම වනාහි ඔවුන් අතරේ වාසයකරන පිණිස ඔවුන් මිසර දේශයෙන් ගෙනාවාවූ ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝය. මම ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
1 සාමුවෙ 10:18 - Sinhala Revised Old Version ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම ඉශ්‍රායෙල් මිසරයෙන් ගෙනැවිත් මිසරවරුන්ගේ අතින්ද නුඹලාට පීඩාකළ සියලු රාජ්‍යයන්ගේ බලයෙන්ද නුඹලා ගළවාගතිමි. Sinhala New Revised Version ඔහු ඉශ්රායෙල් සෙනඟ අමතා මෙසේ කීවේ ය: “ඉශ්රයෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ඉශ්රායෙල් සෙනඟ වන නුඹලා මිසරයෙන් ගෙනවුත් මිසරවරුන්ගේ අතින් ද නුඹලාට පීඩා කළ සියලු රාජ්‍යයන්ගේ බලයෙන් ද නුඹලා ගළවාගතිමි. Sinhala New Revised Version 2018 ඔහු ඉශ්රායෙල් සෙනඟ අමතා මෙසේ කීවේ ය: “ඉශ්රයෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ඉශ්රායෙල් සෙනඟ වන නුඹලා මිසරයෙන් ගෙනවුත් මිසරවරුන්ගේ අතින් ද නුඹලාට පීඩා කළ සියලු රාජ්‍යයන්ගේ බලයෙන් ද නුඹලා ගළවාගතිමි. |
මම වනාහි ඔවුන් අතරේ වාසයකරන පිණිස ඔවුන් මිසර දේශයෙන් ගෙනාවාවූ ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝය. මම ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
නුඹලාගේ දේශයෙහි නුඹලාට සතුරුකම් කරන සතුරාට විරුද්ධව නුඹලා යුද්ධයට යන විටද මහත් හඬකින් හොරණෑ පිඹින්න; එවිට නුඹලා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිහිකරනු ලැබ නුඹලාගේ සතුරන්ගෙන් ගළවනු ලබන්නහුය.
ස්වාමීන්වහන්සේගේ දූතයා ගිල්ගාල්හි සිට බෝකීම්ට ඇවිත් කථාකොට: මම නුඹලා මිසරයෙන් පිටතට පමුණුවා, නුඹලාගේ පියවරුන්ට දිවුළ දේශයටද නුඹලා ගෙනායෙමි; නුඹලා සමඟ මාගේ ගිවිසුම කිසිකලකත් කඩනොකරන්නෙමියි කියාද,
යාකොබ් මිසරයට පැමිණියාට පසු නුඹලාගේ පියවරුන් ස්වාමීන්වහන්සේට මොරගැසූ විට ස්වාමීන්වහන්සේ මෝසෙස්ද ආරොන්ද යවා නුඹලාගේ පියවරුන් මිසරයෙන් ගෙන්වා මේ ස්ථානයෙහි වාසයකෙරෙවුසේක.