Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 10:19 - Sinhala Revised Old Version

19 එහෙත් නුඹලාගේ සියලු විපත්තිවලින්ද පීඩාවලින්ද නුඹලා ගැළෙවූ නුඹලාගේ දෙවියන්වහන්සේ නුඹලා අද එපාකර: රජකෙනෙකු අප කෙරෙහි පත්කරන්ට ඕනෑයයි උන්වහන්සේට කීවහුය. එබැවින් දැන් නුඹලාගේ ගෝත්‍ර හා දහස් ගණන් ප්‍රකාරයට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටින්නැයි කියනසේකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 එහෙත්, නුඹලාගේ සියලු විපත්තිවලින් ද පීඩාවලින් ද නුඹලා ගැළෙවු නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා නුඹලා අද එපා කර, නුඹලාට රජ කෙනෙකු පත් කරන ලෙස මාගෙන් ඉල්ලන්නහු ය. එබැවින් දැන් නුඹලා ගෝත්‍ර වශයෙන් ද පවුල් වශයෙන් ද ස්වාමීන් වන මා ඉදිරියේ රැස් වන්න.’ “

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එහෙත්, නුඹලාගේ සියලු විපත්තිවලින් ද පීඩාවලින් ද නුඹලා ගැළෙවු නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා නුඹලා අද එපා කර, නුඹලාට රජ කෙනෙකු පත් කරන ලෙස මාගෙන් ඉල්ලන්නහු ය. එබැවින් දැන් නුඹලා ගෝත්‍ර වශයෙන් ද පවුල් වශයෙන් ද ස්වාමීන් වන මා ඉදිරියේ රැස් වන්න.’ ”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 10:19
18 හුවමාරු යොමු  

නුමුත් අම්මොන් පුත්‍රයන්ගේ රජවූ නාහාෂ් නුඹලාට විරුද්ධව එන බව නුඹලා දුටු කල, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාගේ රජව සිටි නුමුත් නුඹලා–එසේ නොවේ, රජකෙනෙක් අප කෙරෙහි රජකම්කරන්ට ඕනෑයයි කීවහුය.


එහෙත් සෙනඟ සාමුවෙල්ගේ හඬට කීකරුවෙන්ට කැමති නොවී කථාකොට: නැත;


පසුව යෝෂුවා සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රයන් ෂෙකෙම්ට රැස්කරවා, ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ද ඔවුන්ගේ ප්‍රධානීන්ද ඔවුන්ගේ විනිශ්චයකාරයන්ද ඔවුන්ගේ මුලාදෑනීන්ද කැඳවිය; ඔව්හු දෙවියන්වහන්සේ ඉදිරිපිට පෙනී සිටියෝය.


නුමුත් බෙත්-ලෙහෙම් එප්‍රාතා, යූදාගේ දහස් ගණන් අතරෙහි සිටීමට කුඩාව සිටින නුඹෙන්, ඉශ්‍රායෙල් කෙරෙහි ආණ්ඩුකාරයා වීමට මා වෙතට කෙනෙක් නික්ම එන්නේය; උන්වහන්සේගේ නික්මීම පුරාණයේ පටන්ද සදාකාලයේ සිටද වූයේය.


නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර, එක එක පිය වංශයට සැරයටියක් බැගින් ඔවුන්ගේ සියලු අධිපතීන්ගෙන් ඔවුන්ගේ පිය වංශවලට සැරයටි දොළොසක් රැගෙන, එක එක මනුෂ්‍යයාගේ නම ඔහුගේ සැරයටිය පිට ලියන්න.


එක දවසක් නොව දෙදවසක් නොව පස් දවසක් නොව දස දවසක් නොව විසි දවසක් නොව මාසයක් මුළුල්ලේම මාංස නුඹලාගේ නාස්පුඩුවලින් නික්ම නුඹලාට පිළිකුල් වන තුරු නුඹලා ඒවා කනවා ඇතැයි සෙනඟට කියන්නැයි කීසේක.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයට නුඹ පැමිණ ඒක හිමිකරගන එහි වාසයකරන විට, මා වටකර සිටින සියලු ජාතීන් මෙන් මා කෙරෙහි රජෙකු පත්කරගන්නෙමියි කීවොත්,


ගිඩියොන් ඔවුන්ට කථාකොට: මම නුඹලා කෙරෙහි ආණ්ඩු නොකරන්නෙමි, මාගේ පුත්‍රයාවත් නුඹලා කෙරෙහි ආණ්ඩුනොකරන්නේය; ස්වාමීන්වහන්සේ නුඹලා කෙරෙහි ආණ්ඩුකරනසේකැයි කීවේය.


මෙසේ සාමුවෙල් සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රයන් ළංකෙරෙවු විට බෙන්යමින් ගෝත්‍රය ගන්නාලද්දේය.


මෙසේ ස්වාමීන්වහන්සේ ඒ දවසේදී ඉශ්‍රායෙල්වරුන් ගැළවූසේක. යුද්ධයද බෙත්-ආවන් ඉක්මවා පැවතුණේය.


එවිට සාවුල් කථාකොට: සෙනඟගේ සියලු ප්‍රධානියෙනි, මෙහි ඇවිත්, අද මේ පාපය සිද්ධවුණේ කුමක් කරණකොටගෙනද කියා බලා දැනගන්න.


පසඇටය ඔඩොක්කුවට දමනු ලැබේ; එහෙත් එය මෙහෙයීම මුළුමනින්ම ස්වාමීන්වහන්සේගෙන් පැමිණෙයි.


ස්වාමීන්වහන්සේ ෂීලෝහිදී නැවතත් පෙනුණුසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ වචනයෙන් ෂීලෝහි සාමුවෙල්ට එළිදරව්වුණසේක.


සාමුවෙල්ගේ වචනයද සියලු ඉශ්‍රායෙල්වරුන් වෙතට පැමුණුණේය. ඉශ්‍රායෙල්වරු පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට පිටත්ව ගොස් එබෙන්-එසෙර් ළඟ කඳවුරු බැඳගත්තෝය. පිලිස්තිවරු අපෙක්හි කඳවුරු බැඳගත්තෝය.


ඔබ මහලුව සිටිනෙහිය, ඔබගේ පුත්‍රයෝ ඔබගේ මාර්ගවල නොහැසිරෙති. ඉතින් සියලු ජාතීන්ට මෙන් අප විනිශ්චයකරන පිණිස අපටත් රජෙකු පත්කළ මැනවැයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්