Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 10:18 - Sinhala New Revised Version

18 ඔහු ඉශ්රායෙල් සෙනඟ අමතා මෙසේ කීවේ ය: “ඉශ්රයෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ඉශ්රායෙල් සෙනඟ වන නුඹලා මිසරයෙන් ගෙනවුත් මිසරවරුන්ගේ අතින් ද නුඹලාට පීඩා කළ සියලු රාජ්‍යයන්ගේ බලයෙන් ද නුඹලා ගළවාගතිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඔහු ඉශ්රායෙල් සෙනඟ අමතා මෙසේ කීවේ ය: “ඉශ්රයෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ඉශ්රායෙල් සෙනඟ වන නුඹලා මිසරයෙන් ගෙනවුත් මිසරවරුන්ගේ අතින් ද නුඹලාට පීඩා කළ සියලු රාජ්‍යයන්ගේ බලයෙන් ද නුඹලා ගළවාගතිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම ඉශ්‍රායෙල් මිසරයෙන් ගෙනැවිත් මිසරවරුන්ගේ අතින්ද නුඹලාට පීඩාකළ සියලු රාජ්‍යයන්ගේ බලයෙන්ද නුඹලා ගළවාගතිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 10:18
7 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේගේ දූතයා ගිල්ගාල්හි සිට බෝකීම්ට අවුත් ඉශ්රායෙල්වරුන්ට මෙසේ කීවේ ය: “මම නුඹලා මිසරයෙන් පිටතට පමුණුවා, නුඹලාගේ පියවරුන්ට පොරොන්දු වූ දේශයට නුඹලා ගෙනාවෙමි. ‘නුඹලා සමඟ මාගේ ගිවිසුම කිසි කලක කඩ නොකරන්නෙමි’යි කීවෙමි.


නුඹලාගේ දේශයෙහි, නුඹලාට පීඩා කරන සතුරාට විරුද්ධ ව නුඹලා සටන් කරන විට රණ හඬ නඟින ලෙස හොරණෑ පිඹිය යුතු වේ. නුඹලාගේ දෙවියන් වන සමිඳාණන් වහන්සේ එවිට නුඹලා සිහිපත් කොට සතුරාගෙන් නුඹලා මුදාගනු ලබන්නහු ය.


ජාකොබ් මිසරයට පැමිණි පසු ඔබේ පියවරුන් සමිඳාණන් වහන්සේට මොරගැසූ විට, සමිඳාණන් වහන්සේ මෝසෙස් ද ආරොන් ද යවා ඔබේ පියවරුන් මිසරයෙන් ගෙන්වා මේ දේශයෙහි වාසය කෙරෙව් සේක.


ඔව්හු ද තමන් අතර වාසය කරන පිණිස මිසර දේශයෙන් පිටතට ගෙනා ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මා බව දැනගන්නෝ ය. මම ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්