1 සාමුවෙ 10:17 - Sinhala Revised Old Version සාමුවෙල් ස්වාමීන්වහන්සේ වෙතට මිශ්පාට සෙනඟ රැස්කරවා, Sinhala New Revised Version සාමුවෙල් සමිඳාණන් වහන්සේ වෙත මිශ්පා නගරයට සෙනඟ රැස් කරවී ය. Sinhala New Revised Version 2018 සාමුවෙල් සමිඳාණන් වහන්සේ වෙත මිශ්පා නගරයට සෙනඟ රැස් කරවී ය. |
එවිට යෙප්තා ගිලියද් වැඩිමහල්ලන් සමඟ ගියේය, සෙනඟ වනාහි ඔහු තමුන්ගේ ප්‍රධානියාද අධිපතියාද කරගත්තෝය. යෙප්තා මිශ්පායේදී තමාගේ සියලු වචන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කීවේය.
එවිට දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වාත් ගිලියද් දේශයෙත් සිටි සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් පිටත්ව ඇවිත් සභාව එක්කෙනෙකු මෙන් මිශ්පාහි ස්වාමීන්වහන්සේ වෙතට රැස්වුණාය.
මුළු සෙනඟද ගිල්ගාල්ට ගොස් එහි ස්වාමීන්වහන්සේ ඉදිරියේදී සාවුල් රජකමට පත්කොට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාන්ති පූජා ඔප්පුකළෝය; එහි සාවුල්ද සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද බොහෝසෙයින් ප්‍රීතිවූවෝය.
ඔහු අවුරුද්දෙන් අවුරුද්ද පිටත්වී බෙතෙල්ටත් ගිල්ගාල්ටත් මිශ්පාටත් පිළිවෙළින් ගොස්, ඒ සියලු ස්ථානවලදී ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකර,