1 ලේකම් 27:29 - Sinhala Revised Old Version ෂාරොන්හි ගොදුරු කෑ ගවයන් කෙරෙහි ෂාරෝනිය ෂිත්රයිද මිටියාවත්වල උන් ගවයන් කෙරෙහි අද්දයිගේ පුත්‍රවූ ෂාපාත්ද පත්ව සිටියෝය. Sinhala New Revised Version ෂාරොන්හි තණ බිම්වල සිටි ගවයන් කෙරෙහි ෂාරෝනීය ෂිත්රයි ද මිටියාවත්වල සිටි ගවයන් කෙරෙහි අද්දයිගේ පුත් ෂාපාත් ද පත් ව සිටියෝ ය. Sinhala New Revised Version 2018 ෂාරොන්හි තණ බිම්වල සිටි ගවයන් කෙරෙහි ෂාරෝනීය ෂිත්රයි ද මිටියාවත්වල සිටි ගවයන් කෙරෙහි අද්දයිගේ පුත් ෂාපාත් ද පත් ව සිටියෝ ය. |
ඔව්හු ගිලියද්හිද බාෂාන්හිද එහි නුවරවලද ෂාරෝන්හි සියලු පිට-බිම්වලද තමුන්ගේ සීමා දක්වා වාසයකළෝය.
ඔහුට පාත රටෙහිත් සමභූමියෙහිත් බොහෝ සිවුපාවුන් සිටි නිසා ඔහු කාන්තාරයෙහි මුර කොටු ගොඩනගා බොහෝ ජලාසයන්ද සෑදුවේය. ඔහු ගොවි කර්මාන්තයට ප්‍රසන්නව සිටි බැවින් කඳුවලත් සරු කෙත්වලත් ගොවියෝද මිදිවතු වවන්නෝද ඔහුට සිටියෝය.
මම දාසයන්ද දාසීන්ද මිලේට ගතිමි, මාගේ ගෙයි උපන් වැඩකාරයොත් මට සිටියෝය; යෙරුසලමෙහි මට ඉස්සර සිටි සියල්ලන්ට වඩා ගව රැළවල් හා එළු බැටළු රැළවල් මට උන්නෝය.
සන්තෝෂයද ගී කීමද ඇතුව එය බොහෝසේ මල් දරා ප්‍රීතිමත්වන්නේය; ලෙබනොන්හි තේජසත් කර්මෙල් සහ ෂාරොන්හි අලංකාරකමත් ඊට දෙනුලබන්නේය. ඔව්හු ස්වාමීන්වහන්සේගේ තේජසද අපේ දෙවියන්වහන්සේගේ අලංකාරකමද දකින්නෝය.
මා සෙවුවාවූ මාගේ සෙනඟ උදෙසා ෂාරොන් එළු බැටළු රැළවලට තෘණ බිමක්ද ආකොර් මිටියාවත ගව රැළවලට ලැගුම්පළක්ද වන්නේය.
හැරී ගමන්කොට අමෝරිවරුන්ගේ කඳුකරයටද ඊට ළංවූ අරබා සම භූමියෙත් කඳුකරයෙහිත් පාතරටෙහිත් දකුණු දිසාවෙත් කානානිවරුන්ගේ දේශය වන මුහුදුබඩත් සියලු තැන්වලටද ලෙබනොන්ටද මහත් ගංගාව වන ප්‍රාත් ගංගාව දක්වාද යන්න.
තවද ඒ දවසේදී සාවුල්ගේ වැඩකාරයන්ගෙන් එක්කෙනෙක්වූ සාවුල්ගේ එඬේරුන්ගේ ප්‍රධානියා වන දොවෙග් නම්වූ ඒදොමිය මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි එහි නැවතී සිටියේය.