Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 5:16 - Sinhala Revised Old Version

16 ඔව්හු ගිලියද්හිද බාෂාන්හිද එහි නුවරවලද ෂාරෝන්හි සියලු පිට-බිම්වලද තමුන්ගේ සීමා දක්වා වාසයකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ඔව්හු ගිලියද්හි ද බාෂාන්හි ද එහි නුවරවල ද ෂාරොන්හි සියලු තණ බිම්වල ද තමන්ගේ සීමා දක්වා වාසය කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ඔව්හු ගිලියද්හි ද බාෂාන්හි ද එහි නුවරවල ද ෂාරොන්හි සියලු තණ බිම්වල ද තමන්ගේ සීමා දක්වා වාසය කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 5:16
8 හුවමාරු යොමු  

ෂාරොන්හි ගොදුරු කෑ ගවයන් කෙරෙහි ෂාරෝනිය ෂිත්රයිද මිටියාවත්වල උන් ගවයන් කෙරෙහි අද්දයිගේ පුත්‍රවූ ෂාපාත්ද පත්ව සිටියෝය.


සන්තෝෂයද ගී කීමද ඇතුව එය බොහෝසේ මල් දරා ප්‍රීතිමත්වන්නේය; ලෙබනොන්හි තේජසත් කර්මෙල් සහ ෂාරොන්හි අලංකාරකමත් ඊට දෙනුලබන්නේය. ඔව්හු ස්වාමීන්වහන්සේගේ තේජසද අපේ දෙවියන්වහන්සේගේ අලංකාරකමද දකින්නෝය.


මම ෂාරොන්හි සෙව්වන්දි මලක්ය, මිටියාවත්වල මහනෙල් මලක්ය.


ලිද්දායෙහිද ෂාරොනෙහිද විසූ සියල්ලෝ ඔහු දැක, ස්වාමීන්වහන්සේ වෙතට හැරුණෝය.


ගුනීගේ පුත්‍රවූ අබ්දියෙල්ගේ පුත්‍රයා වන අහී ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියාය.


මා සෙවුවාවූ මාගේ සෙනඟ උදෙසා ෂාරොන් එළු බැටළු රැළවලට තෘණ බිමක්ද ආකොර් මිටියාවත ගව රැළවලට ලැගුම්පළක්ද වන්නේය.


මෝසෙස් ගාද් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට දුන්නේය.


ඒ වනාහි නුවරවල්ද ඒවායේ ගම්ද ඇතුළුව පවුල්වල හැටියට ගාද් පුත්‍රයන්ට ලැබුණු උරුමයය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්