මෙසේ දාවිත් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට තමා වෙතට ගෙනෙන්ට අකැමැතිව අහකට හරවා ගිත්තිය ඕබෙද්-ඒදොම්ගේ ගෙට ගෙන ගියේය.
1 ලේකම් 26:4 - Sinhala Revised Old Version ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයෝ වන කුලුඳුලාවූ ෂෙමායාය, දෙවෙනියාවූ යෙහෝසාබාද්ය, තුන්වෙනියාවූ යෝවාය, හතරවෙනියාවූ සාකාර්ය, පස්වෙනියාවූ නෙතනේල්ය; Sinhala New Revised Version ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයන් වන කුලුඳුලා වූ ෂෙමායා ය; දෙවැනියා වූ ජෙහෝශාබාද් ය; තුන්වැනියා වූ ජෝවා ය; හතරවැනියා වූ සාකාර් ය; පස්වැනියා වූ නෙතනේල් ය; Sinhala New Revised Version 2018 ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයන් වන කුලුඳුලා වූ ෂෙමායා ය; දෙවැනියා වූ ජෙහෝශාබාද් ය; තුන්වැනියා වූ ජෝවා ය; හතරවැනියා වූ සාකාර් ය; පස්වැනියා වූ නෙතනේල් ය; |
මෙසේ දාවිත් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට තමා වෙතට ගෙනෙන්ට අකැමැතිව අහකට හරවා ගිත්තිය ඕබෙද්-ඒදොම්ගේ ගෙට ගෙන ගියේය.
ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගිත්තිය ඕබෙද්-ඒදොම්ගේ ගෙයි තුන් මාසයක් තිබුණේය. ස්වාමීන්වහන්සේ ඕබෙද්-ඒදොම්ටත් ඔහුගේ මුළු පවුලටත් ආශීර්වාද කළසේක.
තවද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය නිසා ස්වාමීන්වහන්සේ ඕබෙද්-ඒදොම්ටත් ඔහුට අයිති සියල්ලටත් ආශීර්වාදකළසේකැයි දාවිත් රජුට දන්වන ලද්දේය. එවිට දාවිත් ගොස් දෙවියන්වහන්සේගේ පෙට්ටිය ඕබෙද්-ඒදොම්ගේ ගෙයින් දාවිත්ගේ නුවරට ප්‍රීති සහිතව ගෙනායේය.
එසේ දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඕබෙද්-ඒදොම්ගේ පවුල සමඟ ඔහුගේ ගෙයි තුන් මාසයක් තිබුණේය. ස්වාමීන්වහන්සේ ඕබෙද්-ඒදොම්ගේ ගෙදරටත් ඔහු සන්තක සියල්ලටත් ආශීර්වාදකළසේක.
ඔවුන් සමඟ දොරටුපාලයන් කොට තමුන්ගේ බාල සහෝදරයන් වන සෙකරියාද බෙන්ද යයසීයෙල්ද ෂෙමිරාමොත්ද යෙහීයෙල්ද උන්නිදි එලියාබ්ද බෙනායාද මයසේයාද මත්තිතියාද එලීපෙලේහුද මික්නේයාද ඕබෙද්-ඒදොම්ද යෙයියෙල්ද පත්කළෝය.
මත්තිතියාද එලීපෙලේ හුද මික්නේයාද ඕබෙද්-ඒදොම්ද යෙයියෙල්ද අසසියාද ෂෙමීනිත් නම් මහ වීණාවලින් මූලික මහ ශබ්ද පැවැත්වීමටත් නියමවුණෝය.
පූජකයෝවූ ෂෙබනියාද යෝෂාපාට්ද නෙතනෙල්ද අමසයිද සෙකරියාද බෙනායාද එලීයෙසෙර්ද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය පෙරටුවෙන් නළා පිම්බෝය. ඵිබෙද්-ඒදොම්ද යෙහියාද ගිවිසුම් පෙට්ටිය උදෙසා දොරටුපාලයෝව සිටියෝය.
ඕබෙද්-ඒදොම් සහ ඔවුන්ගේ සහෝදරයන් හැට අට දෙනෙක්ද සිටෙවුවේය; යෙදූතුන්ගේ පුත්‍රවූ ඕබෙද්-ඒදොම්ද හෝසාද දොරටුපාලයන් කොට නියමකෙළේය.
එනම් ප්‍රධානියා ආසාප්ය, ඔහු ළඟට ශෙකරියා, යෙයීයෙල්, ෂෙමිරාමොත්, යෙහීයෙල්, මත්තිතියා, එලීයාබ්, බෙනායා, ඕබෙද්-ඒදොම් සහ යෙයීයෙල්ය; මොව්හු වීණාවලින්ද මහ වීණාවලින්ද ගායනාකළෝය; නුමුත් ආසාප් අත්තල්වලින් ශබ්ද පැවැත්තුවේය;
හවෙනියාවූ අම්මීයෙල්ය, හත්වෙනියාවූ ඉස්සාඛර්ය, අටවෙනියාවූ පෙයුල්ලෙතයිය. මක්නිසාද දෙවියන්වහන්සේ ඔහුට ආශීර්වාදකළසේක.