Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 15:18 - Sinhala Revised Old Version

18 ඔවුන් සමඟ දොරටුපාලයන් කොට තමුන්ගේ බාල සහෝදරයන් වන සෙකරියාද බෙන්ද යයසීයෙල්ද ෂෙමිරාමොත්ද යෙහීයෙල්ද උන්නිදි එලියාබ්ද බෙනායාද මයසේයාද මත්තිතියාද එලීපෙලේහුද මික්නේයාද ඕබෙද්-ඒදොම්ද යෙයියෙල්ද පත්කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ඔවුන් සමඟ දොරටු පාලකයන් කොට තමන්ගේ බාල සහෝදරයන් වන ශෙකරියා ද බෙන් ද ජයසීයෙල් ද ෂෙමිරාමොත් ද ජෙයීයෙල් ද උන්නී ද එලියාබ් ද බෙනායා ද මයසේයා ද මත්තිතියා ද එලීපෙලේහු ද මික්නේයා ද ඕබෙද්-ඒදොම් ද ජෙයීයෙල් ද පත් කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඔවුන් සමඟ දොරටු පාලකයන් කොට තමන්ගේ බාල සහෝදරයන් වන ශෙකරියා ද බෙන් ද ජයසීයෙල් ද ෂෙමිරාමොත් ද ජෙයීයෙල් ද උන්නී ද එලියාබ් ද බෙනායා ද මයසේයා ද මත්තිතියා ද එලීපෙලේහු ද මික්නේයා ද ඕබෙද්-ඒදොම් ද ජෙයීයෙල් ද පත් කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 15:18
15 හුවමාරු යොමු  

ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයෝ වන කුලුඳුලාවූ ෂෙමායාය, දෙවෙනියාවූ යෙහෝසාබාද්ය, තුන්වෙනියාවූ යෝවාය, හතරවෙනියාවූ සාකාර්ය, පස්වෙනියාවූ නෙතනේල්ය;


ඕබෙද්-ඒදොම්ට වැටුණේ දකුණු පැත්තය; ඔහුගේ පුත්‍රයන්ට වැටුණේ භාණ්ඩාගාරයය.


මොවුන් සියල්ලෝ ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයෝය. ඔව්හුද ඔවුන්ගේ පුත්‍රයෝද සහෝදරයෝද සේවයට බලවන්තව ශක්තිමත්ව සිටියෝය; මෙසේ ඕබෙද්-ඒදොම්ගේ හැටදෙදෙනෙක් සිටියෝය.


ඕබෙද්-ඒදොම් සහ ඔවුන්ගේ සහෝදරයන් හැට අට දෙනෙක්ද සිටෙවුවේය; යෙදූතුන්ගේ පුත්‍රවූ ඕබෙද්-ඒදොම්ද හෝසාද දොරටුපාලයන් කොට නියමකෙළේය.


එසේ දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඕබෙද්-ඒදොම්ගේ පවුල සමඟ ඔහුගේ ගෙයි තුන් මාසයක් තිබුණේය. ස්වාමීන්වහන්සේ ඕබෙද්-ඒදොම්ගේ ගෙදරටත් ඔහු සන්තක සියල්ලටත් ආශීර්වාදකළසේක.


මෙසේ ඔව්හු ඇවිත් නුවර දොරටුපාලයන්ට හඬගසා කථාකොට: අපි සිරියවරුන්ගේ කඳවුරට ගියෙමුව, එහි කිසි මනුෂ්‍යයෙක්වත් මනුෂ්‍ය හඬක්වත් නැත, බැඳපු අශ්වයොත් බැඳපු කොටළුවොත් සිටිති, කූඩාරම්ද තිබුණු හැටියටම තිබේයයි ඔවුන්ට දැන්නුවෝය.


මෙසේ ලෙවීවරු යෝවෙල්ගේ පුත්‍රවූ හේමාන්ද ඔහුගේ සහෝදරයන්ගෙන් බෙරකියාගේ පුත්‍රවූ ආසාප්ද තමුන්ගේ සහෝදරයන්වූ මෙරාරීගේ පුත්‍රයන්ගෙන් කුෂායාගේ පුත්‍රවූ ඒතාන්ද;


හේමාන්ද ආසාප්ද ඒතාන්ද යන ගායනාකාරයෝ පිත්තල අත්තල්වලින් ශබ්දකිරීමටත්;


සෙකරියාද අසීයෙල්ද ෂෙමිරාමොත්ද යෙහීයෙල්ද උන්නිද එලීයාබ්ද මයසේයාද බෙනායාද යන මොව්හු අලමොත් නම් කුඩා වීණාවලින් හීන් ශබ්ද පැවැත්වීමටත්;


මත්තිතියාද එලීපෙලේ හුද මික්නේයාද ඕබෙද්-ඒදොම්ද යෙයියෙල්ද අසසියාද ෂෙමීනිත් නම් මහ වීණාවලින් මූලික මහ ශබ්ද පැවැත්වීමටත් නියමවුණෝය.


මෙසේ දාවිත් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට තමා වෙතට ගෙනෙන්ට අකැමැතිව අහකට හරවා ගිත්තිය ඕබෙද්-ඒදොම්ගේ ගෙට ගෙන ගියේය.


මීකාගේ සහෝදරයාවූ ඉෂ්ෂියාය. ඉෂ්ෂියාගේ පුත්‍රයන්ගෙන් ශෙකරියාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්