Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 13:14 - Sinhala Revised Old Version

14 එසේ දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඕබෙද්-ඒදොම්ගේ පවුල සමඟ ඔහුගේ ගෙයි තුන් මාසයක් තිබුණේය. ස්වාමීන්වහන්සේ ඕබෙද්-ඒදොම්ගේ ගෙදරටත් ඔහු සන්තක සියල්ලටත් ආශීර්වාදකළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 එසේ දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ පවුල සමඟ ඔවුන්ගේ ගෙයි තුන් මාසයක් තිබිණි. සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ගේ ගෙදරටත්, ඔහු සන්තක සියල්ලටත් ආශීර්වාද කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 එසේ දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ පවුල සමඟ ඔවුන්ගේ ගෙයි තුන් මාසයක් තිබිණි. සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ගේ ගෙදරටත්, ඔහු සන්තක සියල්ලටත් ආශීර්වාද කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 13:14
8 හුවමාරු යොමු  

එවිට ලාබන්: නුඹෙන් මට කරුණාව ලැබී තිබේ නම් නැවතී යන්න. නුඹ නිසා ස්වාමීන්වහන්සේ මට ආශීර්වාදකළ බව නිමිත්තකින් මට පෙනී ගොස් තිබේයයි ඔහුට කීවේය.


ඔහු තමාගේ ගෙට සහ තමා සන්තක සියල්ලටත් ඔහු ප්‍රධානියා කළ තැන් පටන් ස්වාමීන්වහන්සේ යෝසෙප් නිසා මිසරයාගේ ගෙට ආශීර්වාද කළසේක; ගෙයි සහ කෙතෙහි ඔහුට තිබුණාවූ සියල්ල කෙරෙහි ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය වූයේය.


මෙසේ දාවිත් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට තමා වෙතට ගෙනෙන්ට අකැමැතිව අහකට හරවා ගිත්තිය ඕබෙද්-ඒදොම්ගේ ගෙට ගෙන ගියේය.


ඕබෙද්-ඒදොම් සහ ඔවුන්ගේ සහෝදරයන් හැට අට දෙනෙක්ද සිටෙවුවේය; යෙදූතුන්ගේ පුත්‍රවූ ඕබෙද්-ඒදොම්ද හෝසාද දොරටුපාලයන් කොට නියමකෙළේය.


ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය පොහොසත්කම ලබාදෙන්නේය, උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්