ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්ට අණකළාවූ උන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන සියල්ල ප්‍රකාරයට, දවන පූජා පුදන පූජාසනය පිට දවන පූජා නිතරම උදය සවස ස්වාමීන්වහන්සේට ඔප්පුකරන පිණිස,
1 ලේකම් 21:29 - Sinhala Revised Old Version මක්නිසාද මෝසෙස් කාන්තාරයේදී සෑදූ ස්වාමීන්වහන්සේගේ මණ්ඩපයත් දවන පූජාසනයත් ඒ කාලයෙහි ගිබියොන්හි උස්තැන තිබුණේය. Sinhala New Revised Version මන්ද, මෝසෙස් පාළුකරයේ දී සෑදූ සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයත්, දවන පූජාසනයත් ඒ කාලයෙහි ගිබියොන්හි ගිරිකුළක තිබුණේ ය. Sinhala New Revised Version 2018 මන්ද, මෝසෙස් පාළුකරයේ දී සෑදූ සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයත්, දවන පූජාසනයත් ඒ කාලයෙහි ගිබියොන්හි ගිරිකුළක තිබුණේ ය. |
ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්ට අණකළාවූ උන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන සියල්ල ප්‍රකාරයට, දවන පූජා පුදන පූජාසනය පිට දවන පූජා නිතරම උදය සවස ස්වාමීන්වහන්සේට ඔප්පුකරන පිණිස,
ඒ කාලයෙහි ස්වාමීන්වහන්සේ යෙබූසිය ඔර්ණාන්ගේ කමතේදී තමාට උත්තරදුන් බව දාවිත් දැක එහිදී පූජා ඔප්පුකෙළේය.
එහෙත් ස්වාමීන්වහන්සේගේ දූතයාගේ කඩුවට භයවූ නිසා දෙවියන්වහන්සේගෙන් විචාරන පිණිස ඒක ඉදිරියට යන්ට දාවිත්ට නොහැකිවිය.
එවිට සාලමොන් ගිබියොන්හි උස්තැන තිබුණ සම්මුඛවීමේ කූඩාරම වෙතින් යෙරුසලමට ආවේය; ඔහු ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කෙළේය.
ඉක්බිති සාලමොන්ද ඔහු සමඟ මුළු සභාවද ගිබියොන්හි තිබෙන උස්තැනට ගියෝය; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් කාන්තාරයේදී සෑදූ දෙවියන්වහන්සේගේ සම්මුඛවීමේ කූඩාරම එහි තිබුණේය.