Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 16:39 - Sinhala Revised Old Version

39 ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්ට අණකළාවූ උන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන සියල්ල ප්‍රකාරයට, දවන පූජා පුදන පූජාසනය පිට දවන පූජා නිතරම උදය සවස ස්වාමීන්වහන්සේට ඔප්පුකරන පිණිස,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 පූජක ශාදොක් ද පූජකයන් වන ඔහුගේ සහෝදරයන් ද ගිබියොන්හි ගිරිකුළක තිබෙන සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි සිටින්න නියම කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 පූජක ශාදොක් ද පූජකයන් වන ඔහුගේ සහෝදරයන් ද ගිබියොන්හි ගිරිකුළක තිබෙන සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි සිටින්න නියම කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 16:39
8 හුවමාරු යොමු  

ගිබියොන් ප්‍රධාන උස් තැනවූ බැවින් පූජා ඔප්පුකරන පිණිස රජ එතැනට ගියේය. දවන පූජා දහසක් සාලමොන් ඒ පූජාසනය පිට පුදකෙළේය.


දාවිත් වනාහි පූජකයන්වූ ශාදොක්ට සහ අබියාතර්ටද ලෙවීවරුන්වූ උරියෙල්, ආසායා, යෝවෙල්, ෂෙමායා, එලීයෙල් සහ අම්මිනාදාබ්ටද අඬගසා ඔවුන්ට කථාකොට:


එවිට සාලමොන් ගිබියොන්හි උස්තැන තිබුණ සම්මුඛවීමේ කූඩාරම වෙතින් යෙරුසලමට ආවේය; ඔහු ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කෙළේය.


මක්නිසාද මෝසෙස් කාන්තාරයේදී සෑදූ ස්වාමීන්වහන්සේගේ මණ්ඩපයත් දවන පූජාසනයත් ඒ කාලයෙහි ගිබියොන්හි උස්තැන තිබුණේය.


බලවන්ත යෞවනයෙක්වූ ශාදොක් සහ ඔහුගේ පිය වංශයේ අධිපතිවරු විසිදෙදෙනෙක්ය.


අහිතුබ්ගේ පුත්‍රවූ ශාදොක් හා අබියාතර්ගේ පුත්‍රවූ අහිමෙලෙක් පූජකයෝව සිටියෝය; සෙරායා ලේකම්ව සිටියේය,


නුමුත් ශාදොක් පූජකයාද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද අනාගතවක්තෘවූ නාතාන්ද ෂිමෙයිද රේයිද දාවිත්ට අයිති බලවන්තයෝද අදොනියා සමඟ නොවූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්