ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 2:19 - Sinhala Revised Old Version

අසුබා මැරුණු පසු කාලෙබ් එප්‍රාත් පාවාගත්තේය, ඈ ඔහු නිසා හූර් බිහිකළාය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අශුබා මියගිය පසු කාලෙබ් එප්‍රාතා පාවාගත්තේ ය. ඈ ඔහුගෙන් හූර් ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අශුබා මියගිය පසු කාලෙබ් එප්‍රාතා පාවාගත්තේ ය. ඈ ඔහුගෙන් හූර් ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 2:19
7 හුවමාරු යොමු  

හෙශ්රොන්ගේ පුත්‍රවූ කාලෙබ්ට දාව ඔහුගේ භාර්යාවවූ අසුබාගෙන්ද යෙරියොත්ගෙන්ද පුත්‍රයෝ උපන්නෝය. ඇගේ පුත්‍රයෝ නම්: යේෂෙර්, ෂෝබාබ් සහ අර්දොන්ය.


හූර්ට දාව උරී උපන්නේය, උරීට දාව බෙශලෙල් උපන්නේය.


හෙශ්රොන් කාලෙබ්-එප්‍රාතාහිදී මැරුණු පසු හෙශ්රොන්ගේ භාර්යාවවූ අබියා තෙකෝවාගේ පියවූ අෂ්හූර් ඔහු නිසා බිහිකළාය.


මොව්හු කාලෙබ්ගේ පුත්‍රයෝය; එප්‍රාතාගේ කුලුඳුලාවූ බෙන්හුර්ය, කිරියත්-යෙයාරීම්ගේ පියවූ ෂෝබාල්;


ගෙදොර්ගේ පියවූ පෙනුවේල්ය, හූෂාගේ පියවූ එසෙර්ය. මොව්හු එප්‍රාතාගේ කුලුඳුලාවූ, බෙත්-ලෙහෙම්ගේ පියවූ හූර්ගේ පුත්‍රයෝය.


යෝෂුවා මෝසෙස් තමාට කී ලෙස කොට, අමලෙක්වරුන් සමඟ සටන් කෙළේය. මෝසෙස්ද ආරොන්ද හූර්ද හෙළ මුදුනට ගියෝය.


නුමුත් බෙත්-ලෙහෙම් එප්‍රාතා, යූදාගේ දහස් ගණන් අතරෙහි සිටීමට කුඩාව සිටින නුඹෙන්, ඉශ්‍රායෙල් කෙරෙහි ආණ්ඩුකාරයා වීමට මා වෙතට කෙනෙක් නික්ම එන්නේය; උන්වහන්සේගේ නික්මීම පුරාණයේ පටන්ද සදාකාලයේ සිටද වූයේය.