1 ලේකම් 2:18 - Sinhala Revised Old Version හෙශ්රොන්ගේ පුත්‍රවූ කාලෙබ්ට දාව ඔහුගේ භාර්යාවවූ අසුබාගෙන්ද යෙරියොත්ගෙන්ද පුත්‍රයෝ උපන්නෝය. ඇගේ පුත්‍රයෝ නම්: යේෂෙර්, ෂෝබාබ් සහ අර්දොන්ය. Sinhala New Revised Version හෙශ්රොන්ගේ පුත් කාලෙබ්ට දාව ඔහුගේ භාර්යාව වූ අශුබාගෙන් ජෙරියොත් උපන්නා ය. ඈට පුත්‍රයෝ උපන්නෝ ය. ඔව්හු නම්: ජේෂෙර්, ෂෝබාබ් සහ අර්දොන් ය. Sinhala New Revised Version 2018 හෙශ්රොන්ගේ පුත් කාලෙබ්ට දාව ඔහුගේ භාර්යාව වූ අශුබාගෙන් ජෙරියොත් උපන්නා ය. ඈට පුත්‍රයෝ උපන්නෝ ය. ඔව්හු නම්: ජේෂෙර්, ෂෝබාබ් සහ අර්දොන් ය. |
හෙශ්රොන් කාලෙබ්-එප්‍රාතාහිදී මැරුණු පසු හෙශ්රොන්ගේ භාර්යාවවූ අබියා තෙකෝවාගේ පියවූ අෂ්හූර් ඔහු නිසා බිහිකළාය.
යෙරාමෙයෙල්ගේ සහෝදරවූ කාලෙබ්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ කුලුඳුලාවූ, සීප්ගේ පියවූ මේෂා සහ හෙබ්‍රොන්ගේ පියවූ මරේෂාගේ පුත්‍රයොත්ය.
කාලෙබ්ගේ උපභාර්යාවවූ ඒපා හාරාන්ද මෝශාද ගාසෙස්ද බිහිකළාය. හාරාන්ට දාව ගාසෙස් උපන්නේය.