Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 2:42 - Sinhala Revised Old Version

42 යෙරාමෙයෙල්ගේ සහෝදරවූ කාලෙබ්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ කුලුඳුලාවූ, සීප්ගේ පියවූ මේෂා සහ හෙබ්‍රොන්ගේ පියවූ මරේෂාගේ පුත්‍රයොත්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

42 ජෙරාමෙයෙල්ගේ සහෝදර වූ කාලෙබ්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ කුලුඳුලා වූ, සීප්ගේ පියා වූ මේෂා සහ හෙබ්‍රොන්ගේ පියා වූ මරේෂාගේ පුත්‍රයෝත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 ජෙරාමෙයෙල්ගේ සහෝදර වූ කාලෙබ්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ කුලුඳුලා වූ, සීප්ගේ පියා වූ මේෂා සහ හෙබ්‍රොන්ගේ පියා වූ මරේෂාගේ පුත්‍රයෝත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 2:42
20 හුවමාරු යොමු  

ස්වර්ගයෙහි නාම ලියා තිබෙන කුලුඳුලන්ගේ මහ රැස්වීමට හා සභාවටත්, සියල්ලන්ගේ විනිශ්චයකාරවූ දෙවියන්වහන්සේද සම්පූර්ණකරනලද ධර්මිෂ්ඨයන්ගේ ආත්මද,


මක්නිසාද උන්වහන්සේ පූර්වයෙන් ඇඳිනගත්තවුන් තමන්වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුලුඳුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමානවෙන්ට පූර්වයෙන් නියමකළසේක.


ගිබියොන්ගේ පියවූ යෙයීයෙල් ගිබියොන්හි විසුවේය, ඔහුගේ භාර්යාවගේ නම මයකාය.


කිරියත්-යෙයාරීම්ගේ පියවූ ෂෝබාල්ට පුත්‍රයෝ සිටියෝය; එනම් හාරොවේ සහ මෙනුහොත්වරුන්ගෙන් දෙකෙන් කොටසක්ය.


ඈ මද්මන්නාගේ පියවූ ෂයප්ද මක්බේනාගේ සහ ගිබෙයාගේ පියවූ ෂෙවාද බිහිකළාය; කාලෙබ්ගේ දුව අක්සාය.


මායොන් ෂම්මයිගේ පුත්‍රයාය; මායොන් බෙත්-ශුර්ගේ පියාය.


ශීප්වරු ගිබියාහි සිටි සාවුල් ළඟට ඇවිත්: දාවිත් මරුකතර ඉදිරියේ තිබෙන හකීලා හෙලේ සැඟවී ඉන්නවා නොවේදැයි කීවෝය.


එවිට ශීප් වැසියෝ ගිබියාහි සිටි සාවුල් ළඟට අවුත්: දාවිත් අප අතරේ මරුකතරට දකුණෙන් තිබෙන හකීලා හෙලේ කැලෑවේ බලකොටුවල සැඟවී සිටිනවා නොවේද?


ශිප්ද තෙලෙම්ද බෙයාලොත්ද,


රූබෙන්, නුඹ මාගේ කුලුඳුලාය, මාගේ බලයය, මාගේ ශක්තියේ නාඹුල් ඵලයය; ශ්‍රේෂ්ඨ භාවයේ උතුම්කමය, පරාක්‍රමයේ උතුම්කමය.


ෂල්ලුම්ට දාව යෙකමියා උපන්නේය, යෙකමියාට දාව එලිෂාමා උපන්නේය.


හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ නම්: කෝරා, තප්පුවා, රෙකෙම් සහ


කෙයිලාද අක්ශිබ්ද මරේෂාද යන නුවරවල් නවය සහ ඒවායේ ගම්ද යන මේවාය.


මායොන්ද කර්මෙල්ද ශිප්ද යූතාද,


හෙශ්රොන්ට උපන් ඔහුගේ පුත්‍රයෝ නම්: යෙරාමෙයෙල්, රාම් සහ කෙලුබයිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්