යාකොබ්යයි ඔහු කීය. නුඹ දෙවියන්වහන්සේ සමඟත් මනුෂ්‍යයන් සමඟත් පොරබදා ජයගත් නිසා නුඹේ නම මින්මතු යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි උන්වහන්සේ කීසේක.
1 ලේකම් 2:1 - Sinhala Revised Old Version ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝ නම්: රූබෙන්, සිමියොන්, ලෙවී සහ යූදාය, ඉස්සාඛර් සහ සාබුලොන්ය; Sinhala New Revised Version ඉශ්රායෙල්ගේ පුත්‍රයෝ නම්: රූබන්, සිමියොන්, ලෙවී සහ ජුදා ය; ඉස්සාකර් සහ සාබුලොන් ය; Sinhala New Revised Version 2018 ඉශ්රායෙල්ගේ පුත්‍රයෝ නම්: රූබන්, සිමියොන්, ලෙවී සහ ජුදා ය; ඉස්සාකර් සහ සාබුලොන් ය; |
යාකොබ්යයි ඔහු කීය. නුඹ දෙවියන්වහන්සේ සමඟත් මනුෂ්‍යයන් සමඟත් පොරබදා ජයගත් නිසා නුඹේ නම මින්මතු යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි උන්වහන්සේ කීසේක.
ඈ මළාය, ඇගේ ප්‍රාණය යන කල්හි ඈ ඔහුට බෙන්-ඕනි යන නම තැබුවාය. එහෙත් ඔහුගේ පියා ඔහුට බෙන්යමින් යන නම තැබීය.
ඉශ්රායෙල්ගේ කුලුඳුලාවූ රූබෙන්ගේ පුත්‍රයෝ මොව්හුය. (ඔහු කුලුඳුලාව සිටිය නුමුත් තම පියාගේ යහන කිලුටුකළ නිසා ඔහුගේ කුලුඳුල්කම ඉශ්‍රායෙල්ගේ පුත්‍රවූ යෝසෙප්ගේ පුත්‍රයන්ට දෙනලද්දේය; කුලුඳුල්කමේ හැටියට පෙළපත ගණන්නොගන්නා ලද්දේය.
යූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ්ද ශෙරාද උපන්නෝය; පෙරෙශ්ට දාව හෙශ්‍රොන් උපන්නේය; හෙශ්‍රොන්ට දාව රාම් උපන්නේය;