ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 18:14 - Sinhala Revised Old Version

දාවිත් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කරමින් තමාගේ මුළු සෙනඟට විනිශ්චයද යුක්තියද ඉෂ්ටකෙළේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දාවිත් මුළු ඉශ්රායෙල් ජාතිය පාලනය කරමින් තමාගේ මුළු සෙනඟට සාධාරණකම ද යුක්තිය ද ඉෂ්ට කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දාවිත් මුළු ඉශ්රායෙල් ජාතිය පාලනය කරමින් තමාගේ මුළු සෙනඟට සාධාරණකම ද යුක්තිය ද ඉෂ්ට කෙළේ ය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 18:14
13 හුවමාරු යොමු  

දාවිත් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කරමින් තමාගේ මුළු සෙනඟට විනිශ්චය හා යුක්තිය ඉෂ්ටකෙළේය.


යුද්ධ පිළිවෙළට පැමිණෙන්ට පුළුවන්වූ මේ සියලු යුද්ධකාරයෝ සියලු ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි දාවිත් රජකමට පත්කිරීමට සම්පූර්ණ සිතින් හෙබ්‍රොන්ට ආවෝය. අනික් සියලු ඉශ්‍රායෙල්වරුත් දාවිත් රජකමට පත්කිරීමට එක්සිත්ව සිටියෝය.


ඔහු ඒදොම්හි මුර හමුදාවල් තැබුවේය; සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූවෝය. දාවිත් ගිය ගිය තැන ස්වාමීන්වහන්සේ ඔහුට ජය දුන්සේක.


ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් සේනාපතියාව සිටියේය; අහිලුද්ගේ පුත්‍රවූ යෙහෝෂාපාට් වාර්තාකරුව සිටියේය.


යෙස්සේගේ පුත්‍රවූ දාවිත් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කෙළේය.


දෙවියන්වහන්ස, රජ්ජුරුවන්ට ඔබගේ විනිශ්චයන්ද රාජ පුත්‍රයාණන්ට ඔබගේ ධර්මිෂ්ඨකමද දුන මැනව.


ධර්මිෂ්ඨකමත් යුක්තියත් ඔබගේ සිංහාසනයේ අත්තිවාරමය. කරුණාවත් සැබෑකමත් ඔබට පෙරටුව යති.


මෙතැන් පටන් සදාකාලයටම දාවිත්ගේ සිංහාසනයත් ඔහුගේ රාජ්‍යයත් යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ස්ථිරකර පිහිටුවන පිණිස ඒවා කෙරෙහි උන්වහන්සේගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය. සේනාවල ස්වාමීන්වහන්සේගේ ජවලිතය මෙය ඉෂ්ටකරන්නේය.


නුඹ කිහිරි ලීවලින් උසස්වෙන්ට වීර්ය කරන බැවින් නුඹට රජකම්කරන්ට ලැබේද? නුඹේ පියා කා බී යුක්තියද ධර්මිෂ්ඨකමද කළා නොවේද? එවිට ඔහුට ශුභසිද්ධවූයේය.


ඒ දවස්වලදීත් ඒ කාලයටත් මම දාවිත්ට ධර්මිෂ්ඨකමේ පැලෑටියක් ලියලවන්නෙමි; උන්වහන්සේ ධර්මිෂ්ඨකමත් යුක්තියත් දේශයෙහි ඉෂ්ටකරනවා ඇත.