Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 18:14 - Sinhala New Revised Version

14 දාවිත් මුළු ඉශ්රායෙල් ජාතිය පාලනය කරමින් තමාගේ මුළු සෙනඟට සාධාරණකම ද යුක්තිය ද ඉෂ්ට කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 දාවිත් මුළු ඉශ්රායෙල් ජාතිය පාලනය කරමින් තමාගේ මුළු සෙනඟට සාධාරණකම ද යුක්තිය ද ඉෂ්ට කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 දාවිත් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කරමින් තමාගේ මුළු සෙනඟට විනිශ්චයද යුක්තියද ඉෂ්ටකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 18:14
13 හුවමාරු යොමු  

ඒ දවස, ඒ අවදිය පැමිණි විට සැබෑ ලෙස දාවිත්ගේ පරපුරෙන් පැවත එන දැහැමි උතුමෙකු මම නැඟුටුවන්නෙමි. එතුමාණෝ දේශය මුළුල්ලේ සාධාරණ ව, යුක්තිසහගත ව කටයුතු කරන සේක.


සාධාරණකම සහ යුක්තිය ඔබ සිහසුනේ පදනම් ය; තිර පෙම හා සත්‍යය ඔබ කරන සියල්ලෙහි වේ.


කිසිවකට දෙ වන නොවන කිහිරි ලීයෙන් නිවාසයක් තනා ගැනීමෙන් නුඹ රජ කෙනෙකු කියා සිතන්නෙහි ද? නුඹේ පියා සැපට කා බී යුතු දේත්, සාධාරණ දේත් කර හැම අතින් ම සමෘද්ධ වුණා නොවේ ද?


එතුමන්ගේ රාජ බලය වැඩි වර්ධනය වන්නේ ය; එම රාජ්‍යයේ සාමයට කෙළවරක් නොවන්නේ ය; මෙතැන් සිට සදහට ම දාවිත් රජුගේ සිහසුනේ වැඩ හිඳින එතුමන්ගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන ලෙස එතුමාණෝ යුක්තියෙන් ද ධර්මිෂ්ඨකමින් ද රජකම් කරන සේක. සව් බලැති සමිඳුන්ගේ උද්‍යෝගයෙන් මෙය අධිෂ්ඨාන කළ සේක.”


යුද්ධ පිළිවෙළට පැමිණෙන්න පුළුවන් වූ මේ සියලු යුද්ධ භටයෝ සියලු ඉශ්රායෙල්වරුන් පාලනය කිරීම සඳහා දාවිත් රජකමට පත් කිරීමට සම්පූර්ණ සිතින් හෙබ්‍රොන්ට ආවෝ ය. අනික් සියලු ඉශ්රායෙල්වරුත් දාවිත් රජකමට පත් කිරීමට එක් සිත් ව සිටියෝ ය.


දාවිත් මුළු ඉශ්රායෙල් කෙරෙහි රජකම් කරමින් තමාගේ මුළු සෙනඟට විනිශ්චය හා යුක්තිය ඉෂ්ට කෙළේ ය.


ඔහු ඒදොම්හි මුර හමුදාවල් තැබී ය. සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූ හ. දාවිත් ගිය ගිය තැන සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත් කර දුන් සේක.


ශෙරුයාගේ පුත් ජෝවාබ් සේනාධිපතියා ව සිටියේ ය. අහිලුද්ගේ පුත් ජෙහෝෂාපාට් වාර්තාකරු ව සිටියේ ය.


ජෙස්සේගේ පුත් දාවිත් රජු මුළු ඉශ්රායෙල් ජනයා පාලනය කෙළේ ය.


දෙවිඳුනි, රජතුමාට ඔබගේ විනිශ්චය කිරීමේ ඥානය දුන මැනව! රජ කුමරු හට යුක්තිගරුක ව ක්‍රියා කිරීමට ඔබගේ හැකියාව දුන මැනව!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්