මෙසේ ලෙවීවරු යෝවෙල්ගේ පුත්‍රවූ හේමාන්ද ඔහුගේ සහෝදරයන්ගෙන් බෙරකියාගේ පුත්‍රවූ ආසාප්ද තමුන්ගේ සහෝදරයන්වූ මෙරාරීගේ පුත්‍රයන්ගෙන් කුෂායාගේ පුත්‍රවූ ඒතාන්ද;
1 ලේකම් 16:42 - Sinhala Revised Old Version ඔවුන් සමඟ හේමාන්ද යෙදූතුන්ද නියමකරනු ලැබුයේ නළාවලිනුත් අත්තල්වලිනුත් දෙවියන්වහන්සේට ගීතිකා සඳහා තූර්ය භාණ්ඩවලිනුත් ශබ්දකිරීමටය. යෙදූතුන්ගේ පුත්‍රයන්ද දොරටුපාලයන් කොට පත්කෙළේය. Sinhala New Revised Version ඔවුන් සමඟ හේමන් ද ජෙදුතුන් ද පත් කෙළේ, දෙවියන් වහන්සේට ගී ගයමින් නළාවලිනුත්, අත්තල්වලිනුත්, තූර්ය භාණ්ඩවලිනුත් ශබ්ද කිරීමට ය. තවද, දාවිත් රජ ජෙදුතුන්ගේ පුත්‍රයන් දොරටු පාලකයන් කොට පත් කෙළේ ය. Sinhala New Revised Version 2018 ඔවුන් සමඟ හේමන් ද ජෙදුතුන් ද පත් කෙළේ, දෙවියන් වහන්සේට ගී ගයමින් නළාවලිනුත්, අත්තල්වලිනුත්, තූර්ය භාණ්ඩවලිනුත් ශබ්ද කිරීමට ය. තවද, දාවිත් රජ ජෙදුතුන්ගේ පුත්‍රයන් දොරටු පාලකයන් කොට පත් කෙළේ ය. |
මෙසේ ලෙවීවරු යෝවෙල්ගේ පුත්‍රවූ හේමාන්ද ඔහුගේ සහෝදරයන්ගෙන් බෙරකියාගේ පුත්‍රවූ ආසාප්ද තමුන්ගේ සහෝදරයන්වූ මෙරාරීගේ පුත්‍රයන්ගෙන් කුෂායාගේ පුත්‍රවූ ඒතාන්ද;
යෙදූතුන්ගේ පුත්‍රයෝ වූ ගෙදලියාද ශෙරීද යෙෂායාද හෂබියාද මත්තිතියාද යන හදෙනාය. මොව්හු ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසාකිරීමට මහ වීණාවෙන් ගායනාකළ තමුන්ගේ පියවූ යෙදූතුන් යටතේ සිටියෝය.
එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත් ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් එක ශබ්දයක් ඇසෙන පිණිස එක්කෙනෙකු මෙන් සිට, නළාවලින්ද අත්තල්වලින්ද වෙනත් තූර්ය භාණ්ඩවලින්ද: මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, ගෘහය වලාපටලයෙන් පිරීගියේය.
පූජකයෝද තම තමුන්ගේ තනතුරුවල යෙදී සිටියෝය; ලෙවීවරුත් ස්වාමීන්වහන්සේගේ තූර්ය භාණ්ඩ රැගෙන සිටියෝය, ඔවුන් ලවා දාවිත් රජ ප්‍රශංසාකරවන විට: මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ස්තුතිකිරීමට දාවිත් විසින් ඒවා සාදවා තිබුණේය. පූජකයෝද ඔවුන් ඉදිරිපිටින් සිට නළා පිම්බෝය; සියලු ඉශ්‍රායෙල්වරුද නැගිට සිටියෝය.
මක්නිසාද ඔබගේ මණ්ඩපවල එක දවසක් දවස් දහසකට වඩා යහපත. දුෂ්ටකමේ කූඩාරම්වල විසීමට වඩා මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි දොරටුපාලයෙක්ව ඉන්ට කැමැත්තෙමි.