1 ලේකම් 16:15 - Sinhala Revised Old Version උන්වහන්සේගේ ගිවිසුම සදාකාලේටත් උන්වහන්සේ අණකළ වචනය පරම්පරා දහසකටත් සිහිකරව්. Sinhala New Revised Version එතුමන්ගේ ගිවිසුම සදහටත්, එතුමන් අණ කළ වචනය පරම්පරා දහසක් දක්වාත් සිහි කරන්න. Sinhala New Revised Version 2018 එතුමන්ගේ ගිවිසුම සදහටත්, එතුමන් අණ කළ වචනය පරම්පරා දහසක් දක්වාත් සිහි කරන්න. |
ස්වාමීන්ගේ, ගිවිසුමද ශික්ෂාද රක්නවුන්ට උන්වහන්සේගේ සියලු මාවත් කරුණාව හා සැබෑකමද වෙති.
මේ සියල්ල අපට පැමිණියේය; එහෙත් ඔබ සිහිනැති නොකෙළෙමුව, ඔබගේ ගිවිසුම ගැන වංචාවෙන් ක්‍රියා නොකෙළෙමුව.
මා විසින් සියලු ඉශ්‍රායෙල්වරුන් උදෙසා හොරෙබ්හිදී මාගේ මෙහෙකරුවාවූ මෝසෙස්ට අණකළ ව්‍යවස්ථාව වන නියෝග සහ විනිශ්චයන් සිහිකරන්න.
එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බවද උන්වහන්සේට ප්‍රේමකරමින් උන්වහන්සේගේ ආඥා පවත්වන්නන් සමඟ පරම්පරා දහසක් දක්වා ගිවිසුම සහ කරුණාව පවත්වන්නාවූ විශ්වාසවූ දෙවියන්වහන්සේ බවද,