1 ලේකම් 11:7 - Sinhala Revised Old Version දාවිත් බලකොටුවෙහි වාසයකෙළේය; ඒ නිසා ඊට දාවිත්ගේ නුවරයයි නම් කළෝය. Sinhala New Revised Version දාවිත් බලකොටුවෙහි වාසය කෙළේ ය. ඒ නිසා ඊට දාවිත්ගේ නුවර යයි නම් කෙළේ ය. Sinhala New Revised Version 2018 දාවිත් බලකොටුවෙහි වාසය කෙළේ ය. ඒ නිසා ඊට දාවිත්ගේ නුවර යයි නම් කෙළේ ය. |
යෙබූස වැසියෝ: නුඹ මෙහි ඇතුල් නොවන්නෙහියයි දාවිත්ට කීවෝය. නුමුත් දාවිත් සියොන් බලකොටුව අල්වාගත්තේය; එය දාවිත්ගේ නුවරය.
දාවිත් කථාකොට: පළමුකොට යෙබූසිවරුන්ට පහරදෙන කවරෙක් නුමුත් ප්‍රධානියාද අධිපතියාද වන්නේයයි කීවේය. ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් පළමුකොට නැගී ගොස් ප්‍රධානියා වුණේය.