Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 11:6 - Sinhala Revised Old Version

6 දාවිත් කථාකොට: පළමුකොට යෙබූසිවරුන්ට පහරදෙන කවරෙක් නුමුත් ප්‍රධානියාද අධිපතියාද වන්නේයයි කීවේය. ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් පළමුකොට නැගී ගොස් ප්‍රධානියා වුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 දාවිත් කතා කොට, “මුලින් ම ජෙබුසිවරයෙකුට පහර දෙන කවරෙකු නමුත්, ඔහු ප්‍රධානියා ද අධිපතියා ද වන්නේ ය”යි කීවේ ය. ශෙරුයාගේ පුත් ජෝවාබ් මුලින් ම නැඟිට ගොස් ප්‍රධානියා වුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 දාවිත් කතා කොට, “මුලින් ම ජෙබුසිවරයෙකුට පහර දෙන කවරෙකු නමුත්, ඔහු ප්‍රධානියා ද අධිපතියා ද වන්නේ ය”යි කීවේ ය. ශෙරුයාගේ පුත් ජෝවාබ් මුලින් ම නැඟිට ගොස් ප්‍රධානියා වුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 11:6
13 හුවමාරු යොමු  

ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් සේනාපතියාව සිටියේය; අහිලූද්ගේ පුත්‍රවූ යෙහෝෂාපාත් වාර්තාකරුවාව සිටියේය.


යෝවාබ් මුළු ඉශ්‍රායෙල් සේනාවට අධිපතියාය. යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ටත් පෙලෙතිවරුන්ටත් අධිපතියාය.


අබ්නේර් හෙබ්‍රොන්ට හැරී ආකල යෝවාබ් ඔහු සමඟ රහසින් කථාකරන්ට දොරටුවේ පැත්තකට කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේය. එසේ කළේ තමාගේ සහෝදරවූ අසාහෙල්ගේ ලේ සඳහාය. ඔහු මළේය.


ශෙරුයාගේ පුත්‍රයන් තුන්දෙනා වන යෝවාබ්ද අබිෂයිද අසාහෙල්ද එහි සිටියෝය. අසාහෙල්ට වනයේ මුවෙකුට මෙන් පාදවල ශීඝ්‍රකම තිබුණේය.


ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ කථාකොට: ඉස්සරහට එන්නාවූ අර මනුෂ්‍යයා නුඹලා දැක්කහුද? ඉශ්‍රායෙල්වරුන්ට මිගකියන්ටම ඔහු ඇවිත් සිටියි. රජ්ජුරුවෝ ඔහු මරන මනුෂ්‍යයා බොහෝ වස්තුවෙන් පොහොසත්කොට, තමාගේ දුව ඔහුට සරණ පාවාදී, ඉශ්‍රායෙල්හි ඔහුගේ පියාගේ පවුලට නිදහසද දෙන්නාහයි කීවෝය.


ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ද දාවිත්ගේ සේවකයෝද පිටත්ව ගොස් ගිබියොන් පොකුණ ළඟදී මුණගැසී එක පක්ෂයක් පොකුණේ එක පැත්තකද අනික් පක්ෂය පොකුණේ අනික් පැත්තේද හිඳගත්තෝය.


ඔහු ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් සහ අබියාතර් පූජකයා සමඟ මන්ත්‍රණයකෙළේය. ඔව්හු අදොනියාට පක්ෂව ඔහුට උපකාරකළෝය.


යෙබූස වැසියෝ: නුඹ මෙහි ඇතුල් නොවන්නෙහියයි දාවිත්ට කීවෝය. නුමුත් දාවිත් සියොන් බලකොටුව අල්වාගත්තේය; එය දාවිත්ගේ නුවරය.


දාවිත් බලකොටුවෙහි වාසයකෙළේය; ඒ නිසා ඊට දාවිත්ගේ නුවරයයි නම් කළෝය.


ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් සේනාපතියාව සිටියේය; අහිලුද්ගේ පුත්‍රවූ යෙහෝෂාපාට් වාර්තාකරුව සිටියේය.


අහිතොපෙල් ළඟට බෙනායාගේ පුත්‍රවූ යෙහෝයාදා සහ අබියාතර්ද මන්ත්‍රීයෝව සිටියෝය. රජුගේ සේනාපතියා යෝවාබ්ය.


බලවත් නුවරට මා පමුණුවන්නේ කවුද? ඒදොම්ට මා පැමිණෙවුවේ කවුද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්