Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 11:5 - Sinhala Revised Old Version

5 යෙබූස වැසියෝ: නුඹ මෙහි ඇතුල් නොවන්නෙහියයි දාවිත්ට කීවෝය. නුමුත් දාවිත් සියොන් බලකොටුව අල්වාගත්තේය; එය දාවිත්ගේ නුවරය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ජෙබුසිවරු කතා කොට, “ඔබ මෙහි ඇතුල් නොවන්නෙහි ය”යි දාවිත්ට කීවෝ ය. එහෙත්, දාවිත් සියොන් බලකොටුව අල්ලාගත්තේ ය. එය දාවිත්ගේ නුවර විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ජෙබුසිවරු කතා කොට, “ඔබ මෙහි ඇතුල් නොවන්නෙහි ය”යි දාවිත්ට කීවෝ ය. එහෙත්, දාවිත් සියොන් බලකොටුව අල්ලාගත්තේ ය. එය දාවිත්ගේ නුවර විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 11:5
26 හුවමාරු යොමු  

තවද බැටළුපැටවාණන්ද උන්වහන්සේ සමඟ එක්ලක්ෂක් සතළිස් සාරදහස් දෙනෙක්ද සියොන් කන්දේ සිටිනවා දුටිමි, උන්වහන්සේගේ නාමයද උන්වහන්සේගේ පියාණන්ගේ නාමයද ඔවුන්ගේ නළල්වල ලියා තිබුණේය.


නුමුත් නුඹලා ළඟාවී සිටින්නේ සියොන් කන්දටත්, ජීවමාන දෙවියන්වහන්සේගේ නුවරවූ ස්වර්ගීය යෙරුසලමටත්, ගණන් නැති දේවදූත සේනා වෙතටත්,


කෙසේදයත්: පැකිලීමේ ගලක්ද බාධාවේ පර්වතයක්ද සියොනෙහි තබමි. උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා ලජ්ජාවට නොපැමිණෙන්නේයයි ලියා තිබෙන ලෙසය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් තෝරාගත්සේක; ස්වකීය නිවාසය ලෙස ඊට ආශාවූසේක.


මක්නිසාද සිංහාසන, එනම් දාවිත්ගේ වංශයේ සිංහාසන, විනිශ්චය පිණිස එහි පිහිටා තිබේ.


එසේය, සියොන් ගැන: ඔහුද මොහුද ඈ තුළ උපන්නේයයි කියනු ලබන්නේය; මහෝත්තමයාණෝම ඈ ස්ථිර කරනසේක.


ස්වාමීන්වහන්සේ යාකොබ්ගේ වාසස්ථාන සියල්ලට වඩා සියොන් දොරටුවලට ප්‍රේමවනසේක.


නුමුත් යූදා ගෝත්‍රය, තමන් ප්‍රේමකළ සියොන් කන්ද, තෝරාගත්සේක.


උතුරු පැත්තේ තිබෙන මහා රජ්ජුරුවන්ගේ නුවරවූ සියොන් කන්ද උසින් අලංකාරය, මුළු පොළොවට ප්‍රියකරුය.


සියොන්හි වාසයකරන ස්වාමීන්ට ප්‍රශංසා ගී කියව්; සෙනඟ අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශකරව්.


මම සියොන්නම් මාගේ පිරිසිදු කන්ද මතුයෙහි මාගේ රජ්ජුරුවන් පිහිටුවීමියි කියනසේක.


එකල සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරවූ සියොන්හි සිට ගෙනෙන්ට ඉශ්‍රායෙල්ගේ වැඩිමහල්ලන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය වංශවල අධිපතීන්වූ ගෝත්‍රවල සියලු ප්‍රධානීන්ද යෙරුසලමට රැස්කෙරෙවුවේය.


දාවිත් බලකොටුවෙහි වාසයකෙළේය; ඒ නිසා ඊට දාවිත්ගේ නුවරයයි නම් කළෝය.


එවිට සාලමොන් දාවිත්ගේ නුවරවූ සියොනේ සිට ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනෙන පිණිස ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය වංශවල අධිපතීන්වූ ගෝත්‍රවල සියලු ප්‍රධානීන්ද සාලමොන් රජු වෙතට යෙරුසලමට රැස්කෙරෙවුවේය.


තවද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය නිසා ස්වාමීන්වහන්සේ ඕබෙද්-ඒදොම්ටත් ඔහුට අයිති සියල්ලටත් ආශීර්වාදකළසේකැයි දාවිත් රජුට දන්වන ලද්දේය. එවිට දාවිත් ගොස් දෙවියන්වහන්සේගේ පෙට්ටිය ඕබෙද්-ඒදොම්ගේ ගෙයින් දාවිත්ගේ නුවරට ප්‍රීති සහිතව ගෙනායේය.


මෙසේ දාවිත් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට තමා වෙතට ගෙනෙන්ට අකැමැතිව අහකට හරවා ගිත්තිය ඕබෙද්-ඒදොම්ගේ ගෙට ගෙන ගියේය.


දාවිත් බලකොටුවෙහි වාසයකෙළේය, ඊට දාවිත්ගේ නුවරයයි නම් කෙළේය. දාවිත් මිල්ලෝ පටන් වටකරින්ද ඇතුළතින්ද ගොඩනැගුවේය.


ඔබගේ මෙහෙකරුවාවූ මම සිංහයාත් වලසාත් දෙන්නාම මැරුවෙමි. ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවලට නින්දාකළ මේ අචර්මඡේදිත පිලිස්තියයාත් උන්ගෙන් එකෙකු මෙන් වන්නේයයි සාවුල්ට කීවේය.


දාවිත් තමා ළඟ සිටි මනුෂ්‍යයන්ට කථාකොට: මේ පිලිස්තියයා මරා ඉශ්‍රායෙල්වරුන් කෙරෙන් නින්දාව පහකරන මනුෂ්‍යයාට කුමක් කරන්නේද? ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවලට මිගකියන මේ අචර්මඡේදිත පිලිස්තියයා කවුදැයි කීවේය.


එහෙත් ඒ මනුෂ්‍යයා ඒ රාත්‍රියේ නවතින්ට නොකැමතිව නැගිට ඇඳුම් දැමූ කොටළුවන් දෙදෙනෙකුත් තමාගේ උපභාර්යාවත් රැගෙන ගොස් යෙබූස් (එනම් යෙරුසලම) ඉදිරිපිටට පැමුණුණේය.


පසුව දාවිත්ද සියලු ඉශ්‍රායෙල්වරුද යෙබූස නම්වූ යෙරුසලමට ගියෝය; දේශවාසීවූ යෙබූසිවරු එහි සිටියෝය.


දාවිත් කථාකොට: පළමුකොට යෙබූසිවරුන්ට පහරදෙන කවරෙක් නුමුත් ප්‍රධානියාද අධිපතියාද වන්නේයයි කීවේය. ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් පළමුකොට නැගී ගොස් ප්‍රධානියා වුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්