ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බවත් වෙන දෙවිකෙනෙක් නැති බවත් පොළොවේ සියලු ජාතීන් දැනගන්නා පිණිස,
1 රාජාවලිය 8:58 - Sinhala Revised Old Version එසේ උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙන්ටත් උන්වහන්සේ අපේ පියවරුන්ට අණකළ උන්වහන්සේගේ ආඥාද පනත්ද විනිශ්චයවල්ද පවත්වන්ටත් උන්වහන්සේ අපේ සිත් තමන් වෙතට නමාගන්නසේක්වා. Sinhala New Revised Version එසේ උන් වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙන්නටත්, උන් වහන්සේ අපේ පියවරුන්ට අණ කළ උන් වහන්සේගේ ආඥා ද පණත් ද විනිශ්චයයන් ද පවත්වන්නටත් උන් වහන්සේ අපේ සිත් තමන් වෙත නමාගන්න සේක් වා! Sinhala New Revised Version 2018 එසේ උන් වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙන්නටත්, උන් වහන්සේ අපේ පියවරුන්ට අණ කළ උන් වහන්සේගේ ආඥා ද පනත් ද විනිශ්චයයන් ද පවත්වන්නටත් උන් වහන්සේ අපේ සිත් තමන් වෙත නමාගන්න සේක් වා! |
ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බවත් වෙන දෙවිකෙනෙක් නැති බවත් පොළොවේ සියලු ජාතීන් දැනගන්නා පිණිස,
ඔබගේ පරාක්‍රමයේ දවසේදී ඔබගේ සෙනඟ කැමැත්තෙන් පූජාවෙති. උදය ගර්භයෙන් නිකුත්වූ, ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තවූ ඔබගේ යෞවනකමේ පිනි ඔබට ඇත්තේය.
මා ඇදගන්න; අපි නුඹ අනුව දුවන්නෙමුව. රජ තමාගේ ඇතුල් ගෙවලට මා පැමිණෙවුවේය. අපි නුඹ කෙරෙහි ප්‍රීති සන්තෝෂවන්නෙමුව, මුද්‍රිකපානයට වඩා නුඹේ ප්‍රේමය සඳහන්කරන්නෙමුව. ඔවුන් නුඹට ප්‍රේමකරනවා හරිය.
නුමුත් ඒ දවස්වලට පසු මා ඉශ්‍රායෙල් වංශය සමඟ කරන ගිවිසුම මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබා, ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟ වන්නෝය.
ඉතින් ඉශ්‍රායෙල්වරුනි, නුඹලා ජීවත්ව සිට නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන දේශයට ඇතුල්වී ඒක හිමිකරගන්නා පිණිස පවත්වන්ට මා විසින් නුඹලාට උගන්වන පනත්වලටද විනිශ්චයවලටද ඇහුම්කන්දෙන්න.
ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් ආ කල මෝසෙස් යොර්දානෙන් එගොඩදී හෙෂ්බොන්හි වාසයකළාවූ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ දේශයෙහි බෙත්-පෙයෝර් ඉදිරිපිට තිබෙන මිටියාවතේදී ඔවුන්ට කියාදුන් ශික්ෂාද පනත්ද විනිශ්චයවල්ද මේවාය.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයව නුඹේ ජීවිතයේ සියලු දවස්වල නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ පුත්‍රයාගේ පුත්‍රයාද මා විසින් නුඹට අණකරන උන්වහන්සේගේ සියලු පනත් සහ ආඥා පවත්වන පිණිසත් නුඹේ දවස් වැඩිවෙන පිණිසත්,
මක්නිසාද තමන්වහන්සේගේ යහපත් කැමැත්ත නිසා, කැමතිවෙන්ටත් වැඩකරන්ටත් නුඹලා තුළ ක්‍රියාකරන්නේ දෙවියන්වහන්සේමය.
තමන් ඉදිරියෙහි ප්‍රසන්නව තිබෙන දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අප තුළ කරමින්, නුඹලා උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක්‍රියාවලට නුඹලා සම්පූර්ණකරනසේක්වා. උන්වහන්සේට සදාකාලේටම ගෞරවය වේවා. ආමෙන්.
එසේ වී නම් නුඹලා අතරෙහි ඇත්තාවූ අන්‍ය දෙවිවරුන් පහකර දමා, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලාගේ සිත් යොමුකරන්නැයි ඔහු කීවේය.