Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 8:58 - Sinhala New Revised Version

58 එසේ උන් වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙන්නටත්, උන් වහන්සේ අපේ පියවරුන්ට අණ කළ උන් වහන්සේගේ ආඥා ද පණත් ද විනිශ්චයයන් ද පවත්වන්නටත් උන් වහන්සේ අපේ සිත් තමන් වෙත නමාගන්න සේක් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

58 එසේ උන් වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙන්නටත්, උන් වහන්සේ අපේ පියවරුන්ට අණ කළ උන් වහන්සේගේ ආඥා ද පනත් ද විනිශ්චයයන් ද පවත්වන්නටත් උන් වහන්සේ අපේ සිත් තමන් වෙත නමාගන්න සේක් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

58 එසේ උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙන්ටත් උන්වහන්සේ අපේ පියවරුන්ට අණකළ උන්වහන්සේගේ ආඥාද පනත්ද විනිශ්චයවල්ද පවත්වන්ටත් උන්වහන්සේ අපේ සිත් තමන් වෙතට නමාගන්නසේක්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 8:58
12 හුවමාරු යොමු  

තමන්ගේ මෙහෙකරුවාටත්, තම සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ටත් දවසින් දවස වුවමනා වන ලෙස යුක්තිය ඉෂ්ට කිරීමට සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මා ඔප්පු කළ මේ කන්නලව්වේ වචන දිවා රෑ දෙක්හි අපේ දෙවි සමිඳාණන් වහන්සේ සමීපයෙහි පවතී වා!


ඔබ සතුරන් සමඟ සටන් කරන දවසේ දී ඔබේ සෙනඟ සිය කැමැත්තෙන් ඔබට එකතු වන්නෝ ය. අලුයම පිනි මෙන්, ඔබේ තරුණයෝ ඔබ වෙත පැමිණෙති.


අයුතු ලාභයට නොව, ඔබේ ශික්ෂා පදවලට මාගේ සිත යොමු කළ මැනව.


මා ඔබ සමඟ ගෙන යන්න; අපි එකට දුවමු. මාගේ රජ තුමෙනි, ඔබේ විමනට මා ගෙන යන්න. එකට සිටීම අපට මහා ප්‍රීතියක් වනු ඇත. අපි ප්‍රේමයෙහි ඇලී ගැලී නෑවී සිටිමු. සියලු කාන්තාවන් ඔබට පෙම් කිරීම පුදුමයක් ද?


එහෙත්, ඒ කාලය පැමිණි විට, ඉශ්රායෙල් සෙනඟ සමඟ මා කරන ගිවිසුම මෙය වේ. මම මාගේ අණපණත් ඔවුන් තුළ පිහිටුවා එය ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


මෝසෙස් ඉශ්රායෙල්වරුන්ට කතා කොට මෙසේ කී ය: “ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්නට යන දේශයට ඇතුළු වී, එය අයිති කරගෙන, එහි ජීවත් වන පිණිස, ඔබ විසින් ඉටු කළ යුතු, මා ඔබට උගන්වන නීති හා නියෝගයන්ට, ඉශ්රායෙල්වරුනි, දැන් ඉතින් සවන් දෙන්න.


ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් නික්ම ආ පසු මෝසෙස් දුන් ශික්ෂා පද ද, නීති හා නියෝග ද, අණපණත් ද මේවා ය.


“ඔබ අයිති කරගන්නට යන දේශයෙහි පිළිපැදිය යුතු, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ඉගැන්වීමට අණ කළ, අණපණත් ද නීති හා නියෝග ද මේවා ය.


මන්ද, ඔබ දෙවියන් වහන්සේගේ යහපත් කැමැත්තට අවනත වී, එය ඉෂ්ට කරවීමට උන් වහන්සේ ම ඔබ තුළ ක්‍රියා කරන සේක.


ඔබ උන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන පිණිස, සියලු යහපත් ක්‍රියාවලින් ඔබ පරිපූර්ණ කරන සේක් වා! තමන්ට ප්‍රසන්න දේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන උන් වහන්සේ අප තුළ ඉටු කරන සේක් වා! උන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්.


“එසේ වී නම් ඔබ අතරෙහි ඇති අන් දෙවිවරුන් පහකර දමා, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත ඔබේ සිත් යොමු කරන්නැ”යි ජෝෂුවා ඔවුන්ට කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්