නුවරදී මැරෙන යෙරොබොවම්ට අයිති කෙනෙකු බල්ලෝ කන්නෝය; පිටතදී මැරෙන කෙනෙකු ආකාශයේ පක්ෂීහු කන්නෝය. කුමක් හෙයින්ද ස්වාමීන්වහන්සේ එය කීසේක.
1 රාජාවලිය 21:24 - Sinhala Revised Old Version ආහබ්ගේ වංශයෙන් නුවරදී මැරෙන අය බල්ලෝ කන්නෝය; පිටතදී මැරෙන අය පක්ෂීහු කන්නෝයයි කීවේය. Sinhala New Revised Version ආහබ්ගේ වංශයෙන් නුවර තුළ දී මැරෙන අය බල්ලෝ කන්නෝ ය. පිටත දී මැරෙන අය පක්ෂීහු කන්නෝ ය’යි වදාළ සේකැ”යි කීවේ ය. Sinhala New Revised Version 2018 ආහබ්ගේ වංශයෙන් නුවර තුළ දී මැරෙන අය බල්ලෝ කන්නෝ ය. පිටත දී මැරෙන අය පක්ෂීහු කන්නෝ ය’යි වදාළ සේකැ”යි කීවේ ය. |
නුවරදී මැරෙන යෙරොබොවම්ට අයිති කෙනෙකු බල්ලෝ කන්නෝය; පිටතදී මැරෙන කෙනෙකු ආකාශයේ පක්ෂීහු කන්නෝය. කුමක් හෙයින්ද ස්වාමීන්වහන්සේ එය කීසේක.
නුවරදී මැරෙන බාෂාට අයිති කෙනෙකු බල්ලෝ කන්නෝය; පිටතදී මැරෙන ඔහුට අයිති කෙනෙකු ආකාශයේ පක්ෂීන් විසින් කනවා ඇතැයි කීවේය.
එවිට යේහු තමාගේ අධිපතියාවූ බිද්කර්ට කථාකොට: ඔහු රැගෙන යෙස්‍රෙයෙලිය නාබොත්ගේ බිම් කොටසෙහි දමන්න. මක්නිසාද මාත් නුඹත් එක්ව ඔහුගේ පියවූ ආහබ් පස්සෙන් අසුන් පිට යන විට ස්වාමීන්වහන්සේ ඔහුට විරුද්ධව කී තීරණ-වාක්‍යය සිහිකරන්න;
නුමුත් නුඹ පිළිකුල් අත්තක් මෙන්ද, කඩුවෙන් ඇන මැරුම්කා වළේ ගල්වලට බසින්නන්ගේ වස්ත්‍ර මෙන්ද, පයින් පාගාදැමූ මළකඳක් මෙන්ද නුඹේ සොහොන්ගෙයින් පිටත වීසිකරනු ලබන්නෙහිය.
මම සතර වර්ගයක්, එනම් මරා දමන්ට කඩුවද ඉරන්ට බල්ලන්ද කාදමා නැතිකරන්ට අහසේ පක්ෂීන් හා පොළොවේ මෘගයන්ද, ඔවුන් කෙරෙහි නියමකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
කොටළුවෙකු වළලන්නාක්මෙන් ඔහු යෙරුසලමේ දොරටුවලින් එපිටට ඇදගෙන ගොස් හෙළා වළලනු ලබනවා ඇත.
නුඹලා රජුන්ගේ මස්ද සේනාපතීන්ගේ මස්ද බලවත් මනුෂ්‍යයන්ගේ මස්ද අශ්වයන් සහ උන් පිට හිඳිනවුන්ගේ මස්ද දාස නිර්දාස ලොකු කුඩා සියලු මනුෂ්‍යයන්ගේ මස්ද කන පිණිස, දෙවියන්වහන්සේගේ මහත් රාත්‍රි කෑමට ඇවිත් රැස් වෙන්නැයි කීවේය.