Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 14:19 - Sinhala Revised Old Version

19 නුමුත් නුඹ පිළිකුල් අත්තක් මෙන්ද, කඩුවෙන් ඇන මැරුම්කා වළේ ගල්වලට බසින්නන්ගේ වස්ත්‍ර මෙන්ද, පයින් පාගාදැමූ මළකඳක් මෙන්ද නුඹේ සොහොන්ගෙයින් පිටත වීසිකරනු ලබන්නෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 එහෙත්, දුගඳ හමන ඔබේ මළසිරුර පිටතට ඇදදමා ඇත. එය යුද්ධයේ දී මළ හේවායන්ගේ මළකඳන්වලට යට වී ඇත. ඒවා සමඟ ඔබේ මළකඳත් ගල් වළකට විසිකරදමනු ලැබ පාගාදමා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එහෙත්, දුගඳ හමන ඔබේ මළසිරුර පිටතට ඇදදමා ඇත. එය යුද්ධයේ දී මළ හේවායන්ගේ මළකඳන්වලට යට වී ඇත. ඒවා සමඟ ඔබේ මළකඳත් ගල් වළකට විසිකරදමනු ලැබ පාගාදමා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 14:19
17 හුවමාරු යොමු  

ඉෂ්මායෙල් විසින් ගෙදලියා ළඟ මැරූ මනුෂ්‍යයන්ගේ මළකඳන් සියල්ල හෙළුවාවූ වළ නම් ආසා රජු විසින් ඉශ්‍රායෙල්වරුන්ගේ රජවූ බයෙෂාට භයින් සෑදූ වළය. නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මැරුම්කෑ අයගෙන් ඒක පිරෙවුවේය.


ඔවුන් නුවර මැදට පැමුණුණ විට, නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් සහ ඔහු සමඟ සිටි මනුෂ්‍යයෝ ඔවුන් මරා වළ ඇතුළට හෙළුවෝය.


ඔවුන්ගේ මිනීවළවල් වළේ ඉතා දුර තැන්වල සාදා තිබේ, ඇගේ සමූහය ඇගේ මිනීවළ වටකර සිටිති. ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි භීතිය ඉපදෙවූ ඔවුන් සියල්ලෝම කඩුවෙන් වැටී මැරුම්කෑවෝය.


කොටළුවෙකු වළලන්නාක්මෙන් ඔහු යෙරුසලමේ දොරටුවලින් එපිටට ඇදගෙන ගොස් හෙළා වළලනු ලබනවා ඇත.


මේ දේශයෙහි ලොකු කුඩා අය මැරෙනවා ඇත. ඔව්හු වළලනු නොලබන්නෝය, කිසිවෙක් ඔවුන් ගැන විලාප නොකියන්නේය, ශරීරය කපා නොගන්නේය, ඔවුන් ගැන හිස මුඩුකර නොගන්නේය.


එවිට යේහු තමාගේ අධිපතියාවූ බිද්කර්ට කථාකොට: ඔහු රැගෙන යෙස්‍රෙයෙලිය නාබොත්ගේ බිම් කොටසෙහි දමන්න. මක්නිසාද මාත් නුඹත් එක්ව ඔහුගේ පියවූ ආහබ් පස්සෙන් අසුන් පිට යන විට ස්වාමීන්වහන්සේ ඔහුට විරුද්ධව කී තීරණ-වාක්‍යය සිහිකරන්න;


ආහබ්ගේ වංශයෙන් නුවරදී මැරෙන අය බල්ලෝ කන්නෝය; පිටතදී මැරෙන අය පක්ෂීහු කන්නෝයයි කීවේය.


නුඹ ඔහුට කථාකොට–නුඹ මිනීමරා අයිතිකරගත්තෙහිදැයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න. තවද–බල්ලෝ යම් තැනකදී නාබොත්ගේ ලේ ලෙවකෑවෝද එතැන්හිදී බල්ලෝ නුඹේ ලේ, එසේය නුඹේ ලේත් ලෙවකන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කියන්නැයි කීසේක.


එබැවින් ස්වාමීන්වහන්සේගේ උදහස තමන්ගේ සෙනඟට විරුද්ධව ඇවිළ, උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව තමන්ගේ අත දිගුකොට, හෙල් චංචලවෙන්ටත් ඔවුන්ගේ මළකඳන් කසළ මෙන් වීථිවල තිබෙන්ටත් ඔවුන්ට පහරදුන්සේක. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


සම්බවෙන එකිනෙකා ඇනුම් කනවා ඇත; අසුවෙන එකිනෙකා කඩුවෙන් වැටෙනවා ඇත.


ජාතීන්ගේ රජවරු සියල්ලෝම ගෞරවය ඇතුව එකිනෙකා තම තමාගේ ගෘහයෙහි සැතපී හිඳිති.


ඔවුන් අතරෙන් මැරුම්කෑ අය අහක දමනු ලබන්නෝය, ඔවුන්ගේ මළකඳන් ගඳගසන්නේය, කඳු ඔවුන්ගේ ලෙයින් දියවන්නේය.


ඔව්හු මැරුම්කා කල්දිවරුන්ගේ දේශයෙහිද අනිනු ලැබ එහි වීථිවලද වැටෙන්නෝය.


වැටී තමුන්ගේ යුද්ධායුධ පිටින් පාතාලයට බැස ගියාවූද තමුන්ගේ කඩු තමුන්ගේ හිස යට තබාගත්තාවූද තමුන්ගේ අපරාධ තමුන්ගේ ඇට පිට ඇත්තාවූද අචර්මඡේදිත බලවතුන් සමඟ ඔව්හු වැටී නොසිටින්නෝය; මක්නිසාද ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි ඔව්හු බලවතුන්ට භීතියක්ව සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්