Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 14:11 - Sinhala Revised Old Version

11 නුවරදී මැරෙන යෙරොබොවම්ට අයිති කෙනෙකු බල්ලෝ කන්නෝය; පිටතදී මැරෙන කෙනෙකු ආකාශයේ පක්ෂීහු කන්නෝය. කුමක් හෙයින්ද ස්වාමීන්වහන්සේ එය කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 නගරයේ දී මැරෙන ජෙරොබෝවම්ට අයිති අය බල්ලෝ කන්නෝ ය. පිටත දී මැරෙන අය ආකාශයේ පක්ෂීහු කන්නෝ ය.’ එසේ වන්නේ, සමිඳාණන් වහන්සේ එය වදාළ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 නගරයේ දී මැරෙන ජෙරොබෝවම්ට අයිති අය බල්ලෝ කන්නෝ ය. පිටත දී මැරෙන අය ආකාශයේ පක්ෂීහු කන්නෝ ය.’ එසේ වන්නේ, සමිඳාණන් වහන්සේ එය වදාළ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 14:11
14 හුවමාරු යොමු  

නුවරදී මැරෙන බාෂාට අයිති කෙනෙකු බල්ලෝ කන්නෝය; පිටතදී මැරෙන ඔහුට අයිති කෙනෙකු ආකාශයේ පක්ෂීන් විසින් කනවා ඇතැයි කීවේය.


මම සතර වර්ගයක්, එනම් මරා දමන්ට කඩුවද ඉරන්ට බල්ලන්ද කාදමා නැතිකරන්ට අහසේ පක්ෂීන් හා පොළොවේ මෘගයන්ද, ඔවුන් කෙරෙහි නියමකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔවුන් පිටතට ගොස් මට විරුද්ධව වරදකළ අයින්ගේ මළකඳන් බලනවා ඇත. මක්නිසාද ඔවුන්ගේ පණුවා නහින්නේවත් ඔවුන්ගේ ගින්න නිවෙන්නේවත් නැත; ඔව්හුද මාංසමයවූ සියල්ලන්ට පිළිකුලක් වන්නෝය.


නුඹ ඔහුට කථාකොට–නුඹ මිනීමරා අයිතිකරගත්තෙහිදැයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න. තවද–බල්ලෝ යම් තැනකදී නාබොත්ගේ ලේ ලෙවකෑවෝද එතැන්හිදී බල්ලෝ නුඹේ ලේ, එසේය නුඹේ ලේත් ලෙවකන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කියන්නැයි කීසේක.


ආහබ්ගේ වංශය නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ වංශය මෙන්ද අහියාගේ පුත්‍රවූ බාෂාගේ වංශය මෙන්ද වන්ට සලස්වන්නෙමි.


ඔවුන්ගේ සතුරන් අතටත් ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් පාවාදෙන්නෙමි. ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේය.


බොරු කියන්ට දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක්වත් තැවෙන්ට මනුෂ්‍ය පුත්‍රයෙක්වත් නොවනසේක. උන්වහන්සේ කී දේ නොකරනසේක්ද? උන්වහන්සේ කථාකළ දේ ඉෂ්ට නොකරනසේක්ද?


මේ කාරණය වනාහි යෙරොබොවම්ගේ වංශය සිඳ දමා පොළෝතලයෙන් විනාශකිරීමට ඔවුන් කෙරෙහි පාපයක් විය.


තවද රජවූ වහාම ඔහු යෙරොබොවම්ගේ මුළු වංශය නැසුවේය; විනාශනොකර පණපිටින් කිසිවෙකු ඔහු යෙරොබොවම්ට ඉතුරු නොකෙළේය.


මම බාෂා හා ඔහුගේ වංශය සහමුලින්ම පිසදමා, නුඹේ වංශය නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ වංශය මෙන් වෙන්ට සලස්වන්නෙමි.


එවිට ස්වාමීන්වහන්සේගේ තේජස ප්‍රකාශවන්නේය, සියලු මනුෂ්‍යයෝ එක්ව එය දකින්නෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ මුඛය එය වදාළසේකැයි මොරගසන්නෙකුගේ හඬක් වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්