දැනුදු නුඹේ අතින් නුඹේ සහෝදරයාගේ ලෙය පිළිගන්නා පිණිස මුඛය ඇරියාවූ භූමියෙන් නුඹ ශාපලද්දෙක්ය.
1 රාජාවලිය 2:32 - Sinhala Revised Old Version ඔහු තමාට වඩා ධර්මිෂ්ඨවූ වඩා යහපත්වූ මනුෂ්‍යයන් දෙදෙනෙකු එනම් නේර්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් සේනාවට අධිපතියා වූ අබ්නේර්ටද යෙතෙර්ගේ පුත්‍රවූ යූදා සේනාවට අධිපතියා වූ අමාසාටද ගසා මාගේ පියවූ දාවිත් නොදැනුවත්ව ඔවුන් කඩුවෙන් මරාදැමූ බැවින් ස්වාමීන්වහන්සේ ඔහුගේ ලේ ඔහුගේම හිස පිටට මෙසේ පමුණුවනවා ඇත. Sinhala New Revised Version ඔහු තමාට වඩා ධර්මිෂ්ඨ, වඩා යහපත් මිනිසුන් දෙදෙනෙකු එනම්, නේර්ගේ පුත් ඉශ්රායෙල් සේනාවට අධිපති අබ්නේර්ට ද ජෙතෙර්ගේ පුත් ජුදා සේනාවට අධිපති අමාසාට ද පහර දී, මාගේ පිය වූ දාවිත් රජතුමාට නොදැනුවත් ව ඔවුන් කඩුවෙන් මරාදැමූ බැවින්, සමිඳාණන් වහන්සේ ඔහුගේ ලේ ඔහුගේ ම හිස පිට මෙසේ ආපසු පමුණුවනු ඇත. Sinhala New Revised Version 2018 ඔහු තමාට වඩා ධර්මිෂ්ඨ, වඩා යහපත් මිනිසුන් දෙදෙනෙකු එනම්, නේර්ගේ පුත් ඉශ්රායෙල් සේනාවට අධිපති අබ්නේර්ට ද ජෙතෙර්ගේ පුත් ජුදා සේනාවට අධිපති අමාසාට ද පහර දී, මාගේ පිය වූ දාවිත් රජතුමාට නොදැනුවත් ව ඔවුන් කඩුවෙන් මරාදැමූ බැවින්, සමිඳාණන් වහන්සේ ඔහුගේ ලේ ඔහුගේ ම හිස පිට මෙසේ ආපසු පමුණුවනු ඇත. |
දැනුදු නුඹේ අතින් නුඹේ සහෝදරයාගේ ලෙය පිළිගන්නා පිණිස මුඛය ඇරියාවූ භූමියෙන් නුඹ ශාපලද්දෙක්ය.
රූබෙන් ඔවුන්ට උත්තරදෙමින්: ළමයාට විරුද්ධව පව් නොකරල්ලාය කියා මම නුඹලාට නොකීයෙම්ද? එහෙත් නුඹලා ඇහුවේ නැත. බලව, ඒ නිසාත්, ඔහුගේ ලේ ගැන පළිගනු ලැබේයයි කීවේය.
දෙවියන්වහන්සේ තමන්ගේ ස්වරූපයෙන් මනුෂ්‍යයා සෑදූ බැවින් යමෙක් මනුෂ්‍යයාගේ ලේ වගුරුවන්නේද ඔහුගේ ලේ මනුෂ්‍යයා විසින් වගුරුවනු ලබන්නේය.
දාවිත් ඔහුට කථාකොට: නුඹේ ලේ නුඹේම හිස පිට වේවා; මක්නිසාද–මම ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තා මැරුවෙමියි කියා නුඹේම මුඛය නුඹට විරුද්ධව සාක්ෂිදුන්නේයයි කීවේය.
තවද අබ්සලොම්ද යෝවාබ් වෙනුවට අමාසා සේනාපතියා කෙළේය. අමාසා වූකලී නාහාෂ්ගේ දුවක්වද යෝවාබ්ගේ මවුවූ ශෙරුයාගේ සහෝදරියක්වද සිටි අබිගායිල් කරා පැමුණුණු ඉත්රා නම් ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙකුගේ පුත්‍රයාය.
ඒ වරද යෝවාබ්ගේ හිස පිටත් ඔහුගේ පියාගේ මුළු වංශය පිටත් පැමිණේවා; යෝවාබ්ගේ වංශයෙහි ප්‍රමේහයක් ඇති කෙනෙක් හෝ කුෂ්ඨරෝගකාරයෙක් හෝ හැරමිටි වාරුවෙන් යන කෙනෙක් හෝ කඩුවෙන් වැටෙන කෙනෙක් හෝ කෑම හිඟවූ කෙනෙක් හෝ නැතුව නොසිටීවයි කීවේය.
මෙසේ නේර්ගේ පුත්‍රවූ අබ්නේර් මැරීම රජ්ජුරුවන් කෙරෙන් නොවූ බව මුළු සෙනඟද සියලු ඉශ්‍රායෙල්වරුද ඒ දවසේ දැනගත්තෝය.
මම රජ මෙන් ආලේපලත්තෙම් නුමුත් අද දුර්වලව සිටිමි; ශෙරුයාගේ පුත්‍රයෝ වූ මේ මනුෂ්‍යයෝ මට සැර වැඩිය. නපුර කරන්නාට ඔහුගේ නපුරුකම ලෙස ස්වාමීන්වහන්සේ විපාක දෙනසේක්වයි කීවේය.
තමාගේ ගෙයි තමාගේ යහනේ ඉන්දදී ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකු මරාදැමූ දුෂ්ට මිනිසුන්ට ඊට කොපමණ වැඩියෙන් එසේ කරන්ට ඕනෑ නොවේද? එබැවින් මම ඔහුගේ ලේ නුඹලාගේ අතින් අයකර නුඹලා දැන් පොළොවෙන් පහනොකරන්නෙම්දැයි කීවේය.
තවද රජ ෂිමෙයිට කථාකොට: නුඹ මාගේ පියවූ දාවිත්ට කළාවූ නුඹේ සිතට දැනෙන මුළු දුෂ්ටකම නුඹ දන්නෙහිය. එබැවින් ස්වාමීන්වහන්සේ නුඹේ හිස පිටට නුඹේ දුෂ්ටකම හරවනසේක.
තවද ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් විසින් මට කළ දේ, එසේය, ඉශ්‍රායෙල් සේනාවල අධිපතීන් දෙදෙනාවූ නේර්ගේ පුත්‍රවූ අබ්නේර්ටත් යෙතෙර්ගේ පුත්‍රවූ අමාසාටත් කළ දේ නුඹ දන්නෙහිය; ඔහු ඔවුන් මරා සමාදාන කාලයේදී යුද්ධ ලේ වගුරුවා තමාගේ ඉඟටියෙහි තිබුණු පටිය පිටත් තමාගේ පාදවල තිබුණු වහන් පිටත් යුද්ධ ලේ දමාගත්තේය.
ඔබ ස්වර්ගයෙහි සිට අසා ක්‍රියාකරමින්, දුෂ්ටයා වරදට පත්කර, ඔහුගේ මාර්ගය ඔහුගේ හිස පිටට පමුණුවා, ධර්මිෂ්ඨයා නිදොස්කර, ඔහුගේ ධර්මිෂ්ඨකමේ හැටියට ඔහුට විපාක දෙමින්, ඔබගේ මෙහෙකරුවන් විනිශ්චය කළමැනව.
ඉශ්‍රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසිරෙමින්, ආහබ්ගේ වංශය කළාක් මෙන් යූදාවරුන්ද යෙරුසලමේ වැසියන්ද වේශ්‍යාකමට පමුණුවා, නුඹේ පියාගේ වංශය වන නුඹට වඩා යහපත්වූ නුඹේ සහෝදරයන් මැරූ බැවින්,
ස්වාමීන්වහන්සේ නුඹේ සෙනඟටත් නුඹේ දරුවන්ටත් නුඹේ භාර්යාවන්ටත් නුඹේ සියලු සම්පත්වලටත් මහත් පීඩාවකින් පීඩාකරනවා ඇත.
රජ්ජුරුවන් සතුටු නම් වස්තී තවත් අහෂ්වේරොෂ් රජු ඉදිරියට නොඑන ලෙස රජ්ජුරුවන්ගෙන් රාජ ආඥාවක් පතළ වෙන්ටත්, එය වෙනස් නොවන පිණිස පාර්සිවරුන්ගේද මේදවරුන්ගේද ව්‍යවස්ථා අතරෙහි ලියා තබන්ටත් යෙදේවා; ඇගේ බිසෝකමද ඈට වඩා හොඳ තැනැත්තියකට රජ්ජුරුවන් විසින් දෙනු ලැබේවා.
ඔහුගේ නපුරුකම ස්වකීය හිස පිටට හැරෙන්නේය, ඔහුගේ බලාත්කාරකම ස්වකීය ඉස් මුදුනෙහි වැටෙන්නේය.
ස්වාමීන්ගේ ධර්මිෂ්ඨකම පරිද්දෙන් උන්වහන්සේට ස්තුතිකරන්නෙමි. මහෝත්තමවූ ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි.
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මා ජීවමාන බව සැබෑවා සේම ඔහු සුළුකළේ මාගේ දිවුරුමය, ඔහු කඩකළෙත් මාගේ ගිවිසුමය, මමද ඔහුගේ හිස පිටට ප්‍රතිඵල දෙන්නෙමි.
එහෙත්, නුඹලා එසේ නොකළොත්, බලව, නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළා වේ. නුඹලාගේ පාපයද නුඹලා පිටට පැමිණෙන බව සහතිකලෙස දැන ගන්න.
මෙසේ වුණේ යෙරුබ්බාල්ගේ පුත්‍රයන් සැත්තෑදෙනාට කළාවූ අයුක්තියේ ඵලද ඔවුන්ගේ ලේද ඔවුන් මැරූ ඔවුන්ගේ සහෝදරවූ අබිමෙලෙක් පිටටත් ඔහුගේ සහෝදරයන් මැරීමට ඔහුගේ අත් බලවත්කළාවූ ෂෙකෙම් වැසියන් පිටටත් පැමිණෙන පිණිසය.
ෂෙකෙම්හි මිනිසුන්ගේ මුළු දුෂ්ටකමේ ප්‍රතිඵලත් දෙවියන්වහන්සේ ඔවුන්ගේ හිස් පිටට පැමිණෙවුසේක. මෙසේ යෙරුබ්බාල්ගේ පුත්‍රවූ යෝතාම් කළ ශාපය ඔවුන් පිටට පැමුණුණේය.
සාමුවෙල් ඔහුට කථාකොට: ස්වාමීන්වහන්සේ අද ඉශ්‍රායෙල් රජකම නුඹෙන් පැහැරගෙන නුඹට වඩා යහපත්වූ නුඹේ අසල්වාසියෙකුට දී තිබේ.