එබැවින් ඔබගේ මෙහෙකරුවාගේ වංශය ඔබ ඉදිරියෙහි සදාකාලේටම පවතින පිණිස ඊට ආශීර්වාදකරන්ට ඔබ කැමතිවනසේක්වා. මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබ ඒක කීසේක. ඔබගේ ආශීර්වාදයෙන් ඔබගේ මෙහෙකරුවාගේ වංශය සදාකාලේටම ආශීර්වාදකරනු ලබාවයි කීවේය.
1 රාජාවලිය 2:12 - Sinhala Revised Old Version සාලමොන් තමාගේ පියවූ දාවිත්ගේ සිංහාසනය පිට වැඩඋන්නේය; ඔහුගේ රජකමද බොහෝ සෙයින් ස්ථිරවුණේය. Sinhala New Revised Version සලමොන් ද තම පිය දාවිත් රජුගේ සිංහාසනය අරා හිඳගත්තේ ය. ඔහුගේ රාජ්‍යය ද ස්ථීර ලෙස පිහිටුවන ලදී. Sinhala New Revised Version 2018 සලමොන් ද තම පිය දාවිත් රජුගේ සිංහාසනය අරා හිඳගත්තේ ය. ඔහුගේ රාජ්‍යය ද ස්ථීර ලෙස පිහිටුවන ලදී. |
එබැවින් ඔබගේ මෙහෙකරුවාගේ වංශය ඔබ ඉදිරියෙහි සදාකාලේටම පවතින පිණිස ඊට ආශීර්වාදකරන්ට ඔබ කැමතිවනසේක්වා. මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබ ඒක කීසේක. ඔබගේ ආශීර්වාදයෙන් ඔබගේ මෙහෙකරුවාගේ වංශය සදාකාලේටම ආශීර්වාදකරනු ලබාවයි කීවේය.
නුඹ ගොස් දාවිත් රජු ළඟට පැමිණ ඔහුට කථාකොට: මගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි–සැබවින් නුඹේ පුත්‍රවූ සාලමොන් මට පසුව රජවී ඔහු මාගේ සිංහාසනය පිට හිඳගන්නේය කියා ඔබගේ මෙහෙකාරීට ඔබ දිවුරුම් දුන්නා නොවේද? එසේවීනම් අදොනියා රජ වී සිටින්නේ මන්දැයි ඔහුට කියන්න.
සැබවින් නුඹේ පුත්‍රවූ සාලමොන් මට පසුව රජ වී මා වෙනුවට මාගේ සිංහාසනයෙහි හිඳින්නේය කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් මා විසින් නුඹට දිවුරුම් දුන් ලෙසම සැබවින් අද දවසේ කරමියි කියා දිවුළේය.
එවිට නුඹලා ඔහු අනුව නැගී එන්න, ඔහුද ඇවිත් මාගේ සිංහාසනය පිට හිඳ ගනීවා; ඔහුම මා වෙනුවට රජ වන්නේය. ඔහු ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද කෙරෙහි අධිපතියා කොට පත්කෙළෙමියි ඔවුන්ට කීවේය.
මෙසේ රජ යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාට අණකෙළේය; ඔහු පිටතට ගොස් ඔහුට ගසා මැරුවේය. මෙසේ රජකම සාලමොන් අතේ ස්ථිර විය.
දාවිත් මහලුව වයසින් පූර්ණවූ විට තමාගේ පුත්‍රවූ සාලමොන් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකොට පත්කෙළේය.
දාවිත්ගේ පුත්‍රවූ සාලමොන් තමාගේ රජකමෙහි ස්ථිරවිය, ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිට ඔහු ඉතාම උසස් කළසේක.
ඔවුන්ගේ පුත්‍රයොත් නුඹේ සිංහාසනය පිට සදාකල් හිඳින්නෝය කියාද, ස්වාමීන්වහන්සේ දාවිත්ට සැබෑ ලෙසින් දිවුළසේක; උන්වහන්සේ එයින් නොහැරෙන සේක.