ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 16:32 - Sinhala Revised Old Version

තවද ඔහු සමාරියේ ගොඩනැගූ බාල්ගේ ගෘහයෙහි බාල්ට පූජාසනයක් සෑදුවේය. ආහබ් අෂේරා කණුත් සෑදුවේය;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු සමාරියේ ගොඩනැඟුවාවූ බාල් දේවතාවාගේ දේවාලයෙහි බාල්ට පූජාසනයක් ද අෂේරා කප් කණු ද සෑදී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහු සමාරියේ ගොඩනැඟුවාවූ බාල් දේවතාවාගේ දේවාලයෙහි බාල්ට පූජාසනයක් ද අෂේරා කප් කණු ද සෑදී ය.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 16:32
5 හුවමාරු යොමු  

ඔහුද: මා නොව නුඹ සහ නුඹේ පියාගේ වංශය ස්වාමීන්වහන්සේගේ ආඥා අත්හැර බාල් දේවතාවන් පස්සේ ගිය කාරණයෙන් නුඹලා ඉශ්‍රායෙල් කැලඹුවහුය.


තවද යේහු මුළු සෙනඟ රැස්කර ඔවුන්ට කථාකොට: ආහබ් බාල්ට ස්වල්ප වශයෙන් සේවයකෙළේය. නුමුත් යේහු ඔහුට බොහෝසෙයින් සේවය කරන්නේය.


එසේ යේහු ඉශ්‍රායෙල් රට මුළුල්ලේම පණිවිඩ යැවූ විට බාල්ගේ සේවකයන්ගෙන් එක්කෙනෙක්වත් නෑවිත් නොසිට සියල්ලෝම බාල්ගේ ගෘහයට ඇතුල් වුණෝය; බාල්ගේ ගෘහය එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා පිරී ගියේය.


ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුව තිබුණු දේ කෙළේය; එහෙත් තමාගේ පියාද මවුද මෙන් නොවේ. මක්නිසාද ඔහු තමාගේ පියා සෑදූ බාල්ගේ රූපස්තම්භය පහකෙළේය.