Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 රාජාවලිය 10:21 - Sinhala Revised Old Version

21 එසේ යේහු ඉශ්‍රායෙල් රට මුළුල්ලේම පණිවිඩ යැවූ විට බාල්ගේ සේවකයන්ගෙන් එක්කෙනෙක්වත් නෑවිත් නොසිට සියල්ලෝම බාල්ගේ ගෘහයට ඇතුල් වුණෝය; බාල්ගේ ගෘහය එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා පිරී ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 එසේ ජේහු ඉශ්රායෙල් රට මුළුල්ලේ ම පණිවුඩ යැවූ විට බාල්ගේ සේවකයන්ගෙන් එක් කෙනෙකු වත් නෑවිත් නොසිට, සියල්ලෝ ම බාල්ගේ දේවාලයට ඇතුළු වූ හ. බාල්ගේ දේවාලය එක් කෙළවරක පටන් අනෙක් කෙළවර දක්වා පිරී ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 එසේ ජේහු ඉශ්රායෙල් රට මුළුල්ලේ ම පණිවුඩ යැවූ විට බාල්ගේ සේවකයන්ගෙන් එක් කෙනෙකු වත් නෑවිත් නොසිට, සියල්ලෝ ම බාල්ගේ දේවාලයට ඇතුළු වූ හ. බාල්ගේ දේවාලය එක් කෙළවරක පටන් අනෙක් කෙළවර දක්වා පිරී ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 10:21
7 හුවමාරු යොමු  

තවද ඔහු සමාරියේ ගොඩනැගූ බාල්ගේ ගෘහයෙහි බාල්ට පූජාසනයක් සෑදුවේය. ආහබ් අෂේරා කණුත් සෑදුවේය;


ඔහු වස්ත්‍ර ගබඩාවේ මුලාදෑනියාට කථාකොට: බාල් අදහන සියල්ලන්ට වස්ත්‍ර ගෙනෙන්නැයි කීවේය. ඔහු වස්ත්‍ර ගෙනායේය.


දේශයේ මුළු සෙනඟ බාල්ගේ ගෘහයට ගොස් ඒක කඩා, ඔහුගේ පූජාසනද රූපද මුළුමනින්ම බිඳ දමා, පූජාසන ඉදිරියෙහිදී බාල්ගේ පූජකයාවූ මත්තාන් මැරුවෝය. පූජක තෙමේ ස්වාමීන්වහන්සේගේ ගෘහය කෙරෙහි මුලාදෑනීන් පත්කෙළේය.


මම සියලු ජාතීන් රැස්කොට, යෙහෝෂාපාත් මිටියාවතට පමුණුවා, එහි මාගේ සෙනඟද මාගේ උරුමයවූ ඉශ්‍රායෙල්ද ගැන ඔවුන් සමඟ විනිශ්චයට පැමිණෙන්නෙමි. මක්නිසාද ඔව්හු මොවුන් ජාතීන් අතරට විසුරුවා, මාගේ දේශය බෙදාගත්තෝය.


ඔව්හු හෙබ්‍රෙව් භාෂාවෙන් හර්–මගෙදොන් කියන ස්ථානයට ඔවුන් රැස්කළෝය.


ඒ ගෘහය පුරුෂයන්ගෙන්ද ස්ත්‍රීන්ගෙන්ද පිරී තිබුණේය. පිලිස්තිවරුන්ගේ සියලු අධිපතිවරුත් එහි සිටියෝය; පියස්ස උඩ ස්ත්‍රී පුරුෂයෝ තුන් දහසක් පමණ සම්සොන් ක්‍රීඩා පෙන්වනවා බලා සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්