1 රාජාවලිය 13:31 - Sinhala Revised Old Version තවද ඔහු විසින් ඔහු තැන්පත්කළ පසු ඔහු තමාගේ පුත්‍රයන්ට කථාකොට: මා මැරුණාම දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා තැන්පත්කරනලද සොහොන්ගෙයි මාත් තැන්පත්කරන්න; ඔහුගේ ඇට ළඟ මාගේ ඇට තබන්න. Sinhala New Revised Version තවද, ඒ මහලු දිවැසිවරයා ඔහු තැන්පත් කළ පසු තමාගේ පුත්‍රයන්ට කතා කොට, “මා මැරුණ විට දෙවියන් වහන්සේට කැප වූ ඒ මනුෂ්‍යයා තැන්පත් කරන ලද සොහොන් ගෙයි මාත් තැන්පත් කරන්න; ඔහුගේ ඇටකටු ළඟ මාගේ ඇටකටු ද තබන්න. Sinhala New Revised Version 2018 තවද, ඒ මහලු දිවැසිවරයා ඔහු තැන්පත් කළ පසු තමාගේ පුත්‍රයන්ට කතා කොට, “මා මැරුණ විට දෙවියන් වහන්සේට කැප වූ ඒ මනුෂ්‍යයා තැන්පත් කරන ලද සොහොන් ගෙයි මාත් තැන්පත් කරන්න; ඔහුගේ ඇටකටු ළඟ මාගේ ඇටකටු ද තබන්න. |
තවද දුෂ්ටයන් තැන්පත්කරනු ලබන බවද ඔවුන් මිනීවළට පැමිණෙන බවද යුක්තිය ඉෂ්ටකළ අය ශුද්ධස්ථානයෙන් ඉවත්ව ගොස් නුවරෙහි මතක නැතිකරනු ලබන බවද දුටිමි. මේකත් නිෂ්ඵලකමක්ය.
යාකොබ්ගේ ධූලි ගණන් කරන්ටවත් ඉශ්‍රායෙල්ගෙන් සතරෙන් කොටසක් ගණන්කරන්ටවත් කාට හැකිද? මාගේ මරණය ධර්මිෂ්ඨයන්ගේ මරණය මෙන් වේවා. මාගේ අන්තිමය ඔවුන්ගේ අන්තිමය මෙන් වේවායි කීවේය.
නුඹ නසින තැන මමත් නැසී, එතැනම තැන්පත්කරනු ලබන්නෙමි. මරණය මිස වෙන කිසිවක් නුඹත් මාත් වෙන්කළොත්, ස්වාමීන්වහන්සේ එසේද ඊට වැඩියෙන්ද මට කරනසේක්වයි කීවාය.