ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 13:14 - Sinhala Revised Old Version

දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා පස්සේ ගොස් ඔහු අලෝන ගහක් යට ඉන්නවා දැක: යූදා සිට ආ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා නුඹදැයි ඔහුගෙන් ඇසීය. ඒ මමයයි ඔහු කීවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දෙවියන් වහන්සේට කැප වූ ඒ මනුෂ්‍යයා පසුපස ගොස්, ඔහු ආලෝන ගසක් යට වාඩි වී සිටිනු දැක, “ජුදා සිට පැමිණි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ඔබ දැ”යි ඔහුගෙන් ඇසී ය. “ඒ මම ය”යි ඔහු කී විට,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දෙවියන් වහන්සේට කැප වූ ඒ මනුෂ්‍යයා පසුපස ගොස්, ඔහු ආලෝන ගසක් යට වාඩි වී සිටිනු දැක, “ජුදා සිට පැමිණි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ඔබ දැ”යි ඔහුගෙන් ඇසී ය. “ඒ මම ය”යි ඔහු කී විට,

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 13:14
9 හුවමාරු යොමු  

ආබ්‍රම් ඒ දේශය මැදින් ෂෙඛෙම් නම් ස්ථානයෙහි මොරේගේ ආලොන් වෘක්ෂය දක්වා ගියේය. ඒ කාලයෙහි කානානිවරු දේශයෙහි සිටියෝය.


මට කොටළුවා සූදානම්කරදෙන්නැයි ඔහු තමාගේ පුත්‍රයන්ට කීය. ඔවුන් ඔහුට කොටළුවා සූදානම් කර දුන් විට ඔහු ඌ පිට නැගී,


එවිට ඔහු: මා සමඟ ගෙදර ඇවිත් කෑම කන්නැයි ඔහුට කීවේය.


තමාම දවසක ගමන් කාන්තාරයට ගොස් රෝතෙම් ගසක් යට හිඳගන, තමා මැරෙන ලෙස ඉල්ලමින්: ස්වාමීන්වහන්ස, ඉතින් ඇත; දැන් ස්වාමීන්වහන්ස, මාගේ ප්‍රාණය ගතමැනව; මක්නිසාද මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවෙමියි කීවේය.


යේසුස්වහන්සේද: මාගේ කෑම නම් මා එවූ තැනන්වහන්සේගේ කැමැත්ත කොට උන්වහන්සේගේ වැඩ ඉෂ්ට කිරීමය.


එහි යාකොබ්ගේ ළිඳ තිබුණේය. යේසුස්වහන්සේ ගමනින් වෙහෙසව සිටිසේක්, ඒ ආකාරයෙන්ම ළිඳ ළඟ හිඳගත්සේක. ඒ හවෙනි පැය පමණ විය.


වැඩ සහ වෙහෙසීම්වලටද, නොයෙක්විට නිදිමැරීමටද, ක්ෂුධාව සහ පිපාසයටද, නොයෙක්විට නිරාහාරව සිටීමටද, ශීතලයටද, නග්නභාවයටද පැමිණියෙමි.