එවිට අදොනියා සමඟ කෑමට ඇවිත් සිටි සියල්ලෝම භයපත්වී නැගිට එකිනෙකා තම තමාගේ ස්ථානයට ගියෝය.
1 රාජාවලිය 1:50 - Sinhala Revised Old Version අදොනියා සාලමොන්ට භයින් නැගිට ගොස් පූජාසනයේ අං අල්ලාගත්තේය. Sinhala New Revised Version අදොනියා ද සලමොන් රජතුමාට බිය වී, නැඟිට ගොස් පූජාසනයේ කොන්වලින් නෙරා ගිය අං අල්ලාගත්තේ ය. Sinhala New Revised Version 2018 අදොනියා ද සලමොන් රජතුමාට බිය වී, නැඟිට ගොස් පූජාසනයේ කොන්වලින් නෙරා ගිය අං අල්ලාගත්තේ ය. |
එවිට අදොනියා සමඟ කෑමට ඇවිත් සිටි සියල්ලෝම භයපත්වී නැගිට එකිනෙකා තම තමාගේ ස්ථානයට ගියෝය.
අදොනියා සාලමොන් රජුට භයවී–සාලමොන් රජු තමාගේ මෙහෙකරුවා කඩුවෙන් නොමරන ලෙස අද මට දිවුරාවායි කියමින් පූජාසනයේ අං අල්ලාගෙන සිටීයයි සාලමොන්ට දන්වනලද්දේය.
ඒ කාරණය යෝවාබ්ට සැලවිය. මක්නිසාද යෝවාබ් අහක්ව අබ්සලොම් අනුව නොගිය නුමුත් අදොනියා අනුව ගියේය. එවිට යෝවාබ් ස්වාමීන්වහන්සේගේ මණ්ඩපයට පලාගොස් පූජාසනයේ අං අල්ලාගත්තේය.
ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ අපට එළිය දුන්සේක. පූජාසනයේ අංවල පූජාව රැහැනින් බඳිව්.
නුමුත් මනුෂ්‍යයෙක් අදහස්කරලාම තම අසල්වාසියා කරා අවුත් ඔහු ප්‍රයෝගයෙන් මැරුවොත් ඔහු මරනු ලබන පිණිස මාගේ පූජාසනය වෙතින් වුවත් ඔහු අහක්කර ගන්න.
ආරොන් අවුරුද්දට වරක් එහි අං පිට සමඟිකමක් කරන්නේය. ඔහු නුඹලාගේ පරම්පරාවල අවුරුද්දට වරක් සමඟිකමේ පාප පූජාවේ ලෙයින් ඒක උදෙසා සමඟිකමක් කරන්නේය. ඒක ස්වාමීන්වහන්සේට අති ශුද්ධයයි කීසේක.