Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 21:14 - Sinhala Revised Old Version

14 නුමුත් මනුෂ්‍යයෙක් අදහස්කරලාම තම අසල්වාසියා කරා අවුත් ඔහු ප්‍රයෝගයෙන් මැරුවොත් ඔහු මරනු ලබන පිණිස මාගේ පූජාසනය වෙතින් වුවත් ඔහු අහක්කර ගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 එහෙත් යම් මිනිසෙක් ඕනෑකමින් තම අසල්වැසියා වෙත පැමිණ ඔහු ප්‍රයෝගයෙන් මරන්නේ නම්, ඒ තැනැත්තා මරාදමන පිණිස මාගේ පූජාසනය වෙතින් පවා ඔහු ගෙන යා හැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 එහෙත් යම් මිනිසෙක් ඕනෑකමින් තම අසල්වැසියා වෙත පැමිණ ඔහු ප්‍රයෝගයෙන් මරන්නේ නම්, ඒ තැනැත්තා මරාදමන පිණිස මාගේ පූජාසනය වෙතින් පවා ඔහු ගෙන යා හැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 21:14
18 හුවමාරු යොමු  

මක්නිසාද සැබෑව දැනගැනීම ලැබුවායින් පසු අපි කැමැත්තෙන්ම පව් කරමු නම්,


දඬුවම යටතේ විනිශ්චය දවස දක්වා තබන්ටත් ස්වාමීන්වහන්සේ දන්නාසේක. භය නැත්තාවූ හිතුවක්කාරවූ මොව්හු උත්තමයන්ට නින්දාකරන්ට තැති නොගනිති.


එඩිතරව පව්කිරීමෙන් ඔබගේ මෙහෙකරුවා වැලැක්වුව මැනව; ඒවා මා කෙරෙහි අධිපතිකම් නොකෙරේවා. එවිට මම නිර්දෝෂ වන්නෙමි, මහත් අපරාධයෙන් නිදොස්වන්නෙමි.


එවිට යෙහෝයාදා පූජකයා සේනාවේ ප්‍රධානීන්වූ ශතාධිපතීන්ට කථාකොට: ඈ පංක්ති අතරෙන් පිටතට ගෙනයන්න; ඈ පස්සේ යමෙක් ආවොත් ඔහු කඩුවෙන් මරන්නැයි අණකෙළේය. මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ ගෘහයේදී ඈ මරනු නොලබාවයි පූජකයා කීවේය.


අබ්නේර් හෙබ්‍රොන්ට හැරී ආකල යෝවාබ් ඔහු සමඟ රහසින් කථාකරන්ට දොරටුවේ පැත්තකට කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේය. එසේ කළේ තමාගේ සහෝදරවූ අසාහෙල්ගේ ලේ සඳහාය. ඔහු මළේය.


තමාගේ අසල්වාසියා රහසින් මරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.


අනාගතවක්තෘ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් කථාකරන දේ ඉෂ්ට නොවන්නේ නම්, නොපැමිණෙන්නේ නම්, ඒ වනාහි ස්වාමීන්වහන්සේ නොකී කාරණයය. ඒ අනාගතවක්තෘතෙම ඒක හිතුවක්කාරකමින් කීවේය, ඔහුට භයනොවන්නැයි මට කීසේක.


මම නුඹලාට එසේ කීමි, එහෙත් නුඹලා නොඅසා ස්වාමීන්වහන්සේගේ අණට විරුද්ධව කැරළිගසා හිතුවක්කාරකමින් කන්දට නැගී ගියහුය.


තමාගේ පියාටවත් මවුටවත් පහරදෙන තැනැත්තා සැබවින් මරනු ලැබිය යුතුය.


එහෙත් යමෙක් මැරෙන ලෙස හෙතෙම යකඩ ආවුදයකින් ඔහුට පහර දුන්නේනම් ඔහු මිනීමරන්නෙක්ය. මිනීමරන්නා සැබවින්ම මරනු ලැබිය යුතුය.


යමෙකුගේ ලෙයින් බරවී සිටින මනුෂ්‍යයා වළට පලායන්නේය; කිසිවෙක් ඔහු නොවලක්වාවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්