Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 43:15 - Sinhala Revised Old Version

15 පූජාසනයේ උඩ කොට්ඨාසය රියන් සතරක්ය; උඩ කොට්ඨාසයේ සිට ඉහළට අං සතරක් ඇත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 පූජාසනයේ උඩ කොටස මීටර් දෙකකි; උඩ කොටස සිට ඉහළට අං සතරක් වැනි කොන් ඇත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 පූජාසනයේ උඩ කොටස මීටර් දෙකකි; උඩ කොටස සිට ඉහළට අං සතරක් වැනි කොන් ඇත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 43:15
9 හුවමාරු යොමු  

එහි අං එහි කොන් සතර පිට සාදන්න. අංද ඊට සම්බන්ධවී තිබිය යුතුය. ඒක පිත්තලින් වසන්න.


ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ අපට එළිය දුන්සේක. පූජාසනයේ අංවල පූජාව රැහැනින් බඳිව්.


ආරොන්ගේ පුත්‍රයෝද ලේ ඔහු ළඟට ගෙනාවෝය. ඔහු තමාගේ ඇඟිල්ල ලෙයෙහි ගල්වා පූජාසනයේ අංවල ගා පූජාසනය මුල ලේ වත්කෙළේය.


අරියෙල්ට විරුද්ධව සටන්කරන සියලු ජාතීන්ගේ සමූහයා එනම් ඈට සහ ඇගේ බලකොටුවට විරුද්ධව සටන්කරන්නාවූද ඈට විපත පමුණුවන්නාවූද සියල්ලෝ හීනයක් එනම් රාත්‍රියේ දර්ශනයක් මෙන් වන්නෝය.


ඒ කාරණය යෝවාබ්ට සැලවිය. මක්නිසාද යෝවාබ් අහක්ව අබ්සලොම් අනුව නොගිය නුමුත් අදොනියා අනුව ගියේය. එවිට යෝවාබ් ස්වාමීන්වහන්සේගේ මණ්ඩපයට පලාගොස් පූජාසනයේ අං අල්ලාගත්තේය.


අදොනියා සාලමොන්ට භයින් නැගිට ගොස් පූජාසනයේ අං අල්ලාගත්තේය.


නුඹ උගේ ලේවලින් ස්වල්පයක් රැගෙන ඒකේ අං සතරේද පිළේ කොන් සතරේද වටකර ගැටියේද ගා, එසේ ඒකේ දෝෂ පහකොට, ඒක උදෙසා සමඟිකමක් කරන්න.


පූජාසනය පස් රියනක් දිගටද පස් රියනක් පළලටද ෂිටිම් ලීවලින් සාදන්න; පූජාසනය හතරැස් විය යුතුය. එහි උස තුන්රියනක් විය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්