ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 යොහන් 3:4 - Sinhala Revised Old Version

පව්කරන සෑමදෙනම නොපනත්කමද කරති. පාපය නම් නොපනත්කමය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පව් කරන සෑම දෙන ම දේව නීතිය කඩ කරති. පාපය නම් දේව නීතිය කඩ කිරීම ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

පව් කරන සැවොම නොපනත්කම් කරති; පාපය යනු නොපනත්කම ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පව් කරන සෑම දෙන ම දේව නීතිය කඩ කරති. පාපය නම් දේව නීතිය කඩ කිරීම ය.

පරිච්ඡේදය බලන්න



1 යොහන් 3:4
17 හුවමාරු යොමු  

ඔවුන් වාලුන් කොට ගෙනයනු ලැබූ දේශයේදී ඔවුන් ඒ කාරණා සිතට ගෙන හැරී ඔවුන් වාලට ගත් අයගේ දේශයේදී ඔබට කන්නලව් කොට: අපි පව් කෙළෙමුව, හිතුවක්කාරකම් කෙළෙමුව, දුෂ්ටලෙස ක්‍රියා කෙළෙමුයයි කියමින්,


ස්වාමීන්වහන්සේගේ වචනය රක්ෂානොකෙරීමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධවකළ වරද නිසාත් ස්වාමීන්වහන්සේගෙන් නොවිචාරා ආත්ම බන්ධනකාරියෙකුගෙන් කරුණු අසා විචාළ නිසාත් සාවුල් මෙසේ නැසුණේය.


දෙවියන්වහන්සේගේ ආත්මය යෙහෝයාදා පූජකයාගේ පුත්‍රවූ ශෙකරියා කෙරෙහි පැමිණියේය; ඔහු සෙනඟට ඉහළින් නැගිට සිට ඔවුන්ට කථාකොට: දෙවියන්වහන්සේ මෙසේ කියනසේක-නුඹලා ස්වාමීන්වහන්සේගේ ආඥා කඩකරන්නේ මක්නිසාද? නුඹලාට සඵලයක් නොවන්නේය. නුඹලා ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසා උන්වහන්සේත් නුඹලා අත්හැරියසේකැයි කීවේය.


උන්වහන්සේ බලහත්කාරකමෙන්ද විනිශ්චයෙන්ද පහකරනු ලැබූසේක. ජීවත්ව සිටින්නන්ගේ දේශයෙන් උන්වහන්සේ සිඳදමනු ලැබූ බව උන්වහන්සේගේ පරම්පරාවෙහි කවරෙක් කල්පනාකළේද? උන්වහන්සේ තළනු ලැබුවේ මාගේ සෙනඟගේ වරද නිසාය.


එසේය, සියලු ඉශ්‍රායෙල්වරු ඔබගේ ව්‍යවස්ථාව කඩකොට ඔබගේ හඬට කීකරු නොවන ලෙස අහක්ව ගියෝය. මෙසේ අප උන්වහන්සේට විරුද්ධව පව්කළ බැවින්, දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ශාපයද දිවුරුමද අප කෙරෙහි වගුරුවා තිබේ.


මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේගේ වචනය සුළුකොට සිතා උන්වහන්සේගේ ආඥාව කඩකෙළේය; ඔහු සහමුලින්ම සිඳදමනු ලබන්නේය, ඔහුගේ අයුතුකම ඔහුට වන්නේයයි කීසේක.


එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක්වත් කඩකරන්නාවූ, කඩකරන ලෙස මනුෂ්‍යයන්ට උගන්වන්නාවූ කවරෙක් නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි ඉතා සුළුයයි කියනු ලබන්නේය. නුමුත් ඒවා පවත්වන්නාවූ, උගන්වන්නාවූ කවරෙක් නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි උතුම්යයි කියනු ලබන්නේය.


එවිට පාවුල්: සුදුකළ භිත්තියක් බඳුවූ නුඹට දෙවියන්වහන්සේ ගසනසේක. ව්‍යවස්ථාව ලෙස මා විනිශ්චයකරන්ට ඉඳගනම ව්‍යවස්ථාවට විරුද්ධව මට ගසන්ට අණකෙරෙහිදැයි කීවේය.


කුමක්හෙයින්ද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කිසිම මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨකරනු නොලබන්නේය. මක්නිසාද ව්‍යවස්ථාව කරණකොටගෙන පාපය දැනගැනීම වේ.


මක්නිසාද ව්‍යවස්ථාව උදහස උපදවන්නීය; නුමුත් ව්‍යවස්ථාවක් නැති තැන වරද කිරීමකුත් නැත.


මා නැවත ආකල මාගේ දෙවියන්වහන්සේ නුඹලා ඉදිරියෙහි මා යටත්කරනසේකැයි කියාද, මේ දක්වා පව්කොට තමුන් කළ අපිරිසුකමද වේශ්‍යාකමද සල්ලාලකමද ගැන පසුතැවිලි නුවූ බොහෝදෙනා උදෙසා මට වැලපෙන්ට වේදෝ කියාද භයවෙමි.


එවිට ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ. ස්වාමීන්වහන්සේ ඔහු නැගුටුවනවා ඇත. ඔහු පාපයන්කර තිබේ නම්, ඒවා ඔහුට කමාකරනු ලැබේ.


සියලු අධර්මිෂ්ඨකම් පාපයය. මරණයට නොපමුණුවන පාපයක්ද ඇත්තේය.


සාවුල් සාමුවෙල්ට කථාකොට: මම පව්කෙළෙමි. මක්නිසාද මම සෙනඟට භයවී ඔවුන්ගේ හඬට කීකරුවූ බැවින් ස්වාමීන්වහන්සේගේ ආඥාවද ඔබගේ වචනද කඩකෙළෙමි.