Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 24:20 - Sinhala Revised Old Version

20 දෙවියන්වහන්සේගේ ආත්මය යෙහෝයාදා පූජකයාගේ පුත්‍රවූ ශෙකරියා කෙරෙහි පැමිණියේය; ඔහු සෙනඟට ඉහළින් නැගිට සිට ඔවුන්ට කථාකොට: දෙවියන්වහන්සේ මෙසේ කියනසේක-නුඹලා ස්වාමීන්වහන්සේගේ ආඥා කඩකරන්නේ මක්නිසාද? නුඹලාට සඵලයක් නොවන්නේය. නුඹලා ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසා උන්වහන්සේත් නුඹලා අත්හැරියසේකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ජෙහෝයාදා පූජකයාගේ පුත් ශෙකරියා පිට පැමිණියේ ය. ඔහු සෙනඟට ඉහළින් නැඟිට සිට ඔවුන්ට කතා කොට, “දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා සමිඳාණන් වහන්සේගේ ආඥා කඩ කරන්නේ මන් ද? නුඹලාට යහපතක් නොවන්නේ ය. නුඹලා සමිඳාණන් වහන්සේ අත්හැරිය නිසා උන් වහන්සේත් නුඹලා අත්හැරිය සේකැ’ ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ජෙහෝයාදා පූජකයාගේ පුත් ශෙකරියා පිට පැමිණියේ ය. ඔහු සෙනඟට ඉහළින් නැඟිට සිට ඔවුන්ට කතා කොට, “දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා සමිඳාණන් වහන්සේගේ ආඥා කඩ කරන්නේ මන් ද? නුඹලාට යහපතක් නොවන්නේ ය. නුඹලා සමිඳාණන් වහන්සේ අත්හැරිය නිසා උන් වහන්සේත් නුඹලා අත්හැරිය සේකැ’ ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 24:20
24 හුවමාරු යොමු  

නුමුත් මෝසෙස් කථාකර: සඵලයක් නොවන බව දැනගනත් නුඹලා මෙසේ ස්වාමීන්වහන්සේගේ අණ කඩකරන්නේ මක්නිසාද?


නුඹලාගේ අපරාධ නිසා ඒවා පහවුණේය, නුඹලාගේ පාප නිසා ශුභසිද්ධියද නුඹලාට නොලැබී ගියේය.


එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය සභාව මැද සිටි ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ ලෙවීය මත්තනියාගේ පුත්‍රවූ යෙයියෙල්ගේ පුත්‍රයා වන බෙනායාගේ පුත්‍රවූ සෙකරියාගේ පුත්‍රයා වන යහසීයෙල් කෙරෙහි පහළ වූයේය.


මෙසේ ධර්මිෂ්ඨවූ ආබෙල්ගේ ලේ පටන් ශුද්ධස්ථානයටත් පූජාසනයටත් අතරේ නුඹලා විසින් මරනලද බරාකියාගේ පුත්‍රවූ සකරියාගේ ලේ දක්වා පොළොවේදී වගුරුවනලද සියලු ධර්මිෂ්ඨයන්ගේ ලේ නුඹලා පිටට පැමිණෙන්නේය.


එවිට තිස්දෙනාගේ ප්‍රධානියාවූ අමාසයි පිටට ආත්මය පැමිණ ඔහු කියනුයේ: දාවිත්නි, අපි නුඹේ පක්ෂයටද, යෙස්සේගේ පුත්‍රය, අපි නුඹ සමඟද සිටින්නෙමුව. සමාදානය, සමාදානයම නුඹට වේවා, නුඹට උපකාරකරන්නන්ටත් සමාදානය වේවා; මක්නිසාද නුඹේ දෙවියන්වහන්සේ නුඹට උපකාරකරනසේකැයි කීවේය. එවිට දාවිත් ඔවුන් පිළිගෙන හමුදාවේ ප්‍රධානීන් කෙළේය.


තවද: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මේ සියල්ල අපට කළේ මක්නිසාදැයි නුඹලා අසන කල–නුඹලා මා අත්හැර නුඹලාගේම දේශයේදී අන්‍ය දෙවිවරුන්ට සේවයකළාක්මෙන්ම නුඹලාට අයිති නැති දේශයකදී නුඹලා අන්‍යයන්ට සේවයකරන්නහුයයි ඔවුන්ට කියන්න.


නුඹේ මාර්ගයත් නුඹේ ක්‍රියාවලුත් නිසා මේවා නුඹට පැමිණියේය; මෙය නුඹේ දුෂ්ටකමය; මක්නිසාද ඒක තික්තය, නුඹේ සිතටම වදින්නේය.


නුඹේ දුෂ්ටකම නුඹට දඬුවම්කරන්නේය, නුඹේ පසුබටවීම්ද නුඹට අච්චුකරනවා ඇත. එබැවින් නුඹ විසින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැර සිටින කාරණයද මා කෙරෙහි භය නුඹට නැතිකමද නපුරුවූ තික්තවූ දෙයක් බව බලා දැනගන්නැයි සේනාවල ස්වාමිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.


එවිට ඔව්හු රාජ පුත්‍රයා පිටතට ගෙනවුත් ඔහු මත්තෙහි ඔටුන්න තබා, ව්‍යවස්ථාව ඔහුට දී, ඔහු රජකමට පත්කළෝය. යෙහෝයාදාද ඔහුගේ පුත්‍රයෝද ඔහු ආලේපකොට: රජ සැරදේවයි කීවෝය.


සාලමොන්, මාගේ පුත්‍රය, නුඹ නුඹේ පියාගේ දෙවියන්වහන්සේ හැඳින සම්පූර්ණ සිතකින් හා ප්‍රසන්න ආත්මයකින් උන්වහන්සේට මෙහෙකරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියලු සිත් විමසා කල්පනාවල සියලු අදහස් තේරුම්ගන්නාසේක. නුඹ උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹට සම්බවෙනවා ඇත; නුමුත් නුඹ උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේ නුඹ සදාකාලයටම අහක දමනවා ඇත.


ස්වාමීන්වහන්සේගේ ආත්මය ගිඩියොන් කෙරෙහි පහළවූයේය; ඔහු හොරණෑවක් පිම්බේය; එවිට අබියෙශෙර්වරු ඔහු ළඟට රැස්වූහ.


ලෝකය මැවීමේ පටන් වගුරුවනලද සියලු ප්‍රොපේතවරුන්ගේ ලේ මේ පරම්පරාවෙන් අයකරනු ලබන්නේයයි කීසේක. එසේය, මේ පරම්පරාවෙන් අයකරනු ලබන්නේයයි නුඹලාට කියමි.


ඒ දවසේ මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළෙන්නේය, මම ඔවුන් අත්හැර මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවාගන්නෙමි, එවිට ඔව්හු කොල්ලයක් වන්නෝය, ඔවුන් පිටට බොහෝ විපත්තිද දුක්ද පැමිණෙන්නේය; ඔව්හු ඒ දවසේ කථාකොට: මේ විපත්ති අප පිටට පැමිණ තිබෙන්නේ අපේ දෙවියන්වහන්සේ අප අතරේ නැති නිසා නොවේදැයි කියන්නෝය.


සිරියවරුන්ගේ සේනාව ගණනින් ස්වල්ප දෙනෙක්ව පැමිණි නමුත්, යූදාවරුන් තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසා ස්වාමීන්වහන්සේ ඉතා මහත් සේනාවක් ඔවුන් අතට පාවාදුන්සේක. මෙසේ ඔව්හු යෝවාෂ් කෙරෙහි දඬුවම් පැමිණෙවුවෝය.


ඒ නිසා ස්වාමීන්වහන්සේගේ උදහස යූදා සහ යෙරුසලම කෙරෙහි පැමිණියේය, නුඹලාගේ ඇස්වලට පෙනෙන හැටියට ඔබ මොබ විසිකරනු ලැබීමටත් පුදුමයක් සහ නින්දාවක් වීමටත් උන්වහන්සේ ඔවුන් පාවාදුන්සේක.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවේ සිට, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි නමස්කාරකරන්ට එන්නාවූ යූදාහි සියලු නුවරුන්ට කියන්ට මා විසින් නුඹට අණකළ සියලුම වචන ඔවුන්ට කියන්න; වචනයක්වත් අඩු නොකරන්න.


එවිට ප්‍රොපේතවූ ෂෙමායා රෙහොබොවම් වෙතටත් ෂීෂක්ට භයින් යෙරුසලමෙහි රැස්ව සිටි යූදාහි අධිපතීන් වෙතටත් ඇවිත් ඔවුන්ට කථාකොට: නුඹලා මා අත්හැරියහුය, එබැවින් මමත් නුඹලා ෂීෂක් අතට අත්හැරියෙමියි ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය.


මෙසේ ඔහු රජු සමඟ කථාකරද්දී අමශියා ඔහුට කථාකොට: නුඹ රජුගේ මන්ත්‍රියෙකු කොට පත්කෙළෙමුද? නිකම් සිටින්න; නුඹ මරනු ලබන්නේ කුමටදැයි කීවේය. එවිට ප්‍රොපේත තෙම නැවතී: නුඹ මාගේ දැනමිතිකම නොඅසා මේක කළ බැවින් දෙවියන්වහන්සේ නුඹ විනාශකරන්ට නියමකරගත් බව මට පෙනේයයි කීවේය.


දොරටුවෙහි අවවාදකරන්නාට ඔව්හු වෛරවෙති, අවංකලෙස කථාකරන්නාටද පිළිකුල්කරති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්