මේ දේවල් ලියා එවන්නේ අපේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිසය.
තවද, අප මෙය ලියන්නේ අප හැමගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ය.
අප මෙය ලියන්නේ අපගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ය.
මම ස්වාමීන්වහන්සේ තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි, මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය; මක්නිසාද මනමාලයා පූජක මකුටයක් දමාගන්නාක්මෙන්ද මනමාලි ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන්ද උන්වහන්සේ ගැළවීම නැමති වස්ත්‍ර මට පැළදෙවුසේක, ධර්මිෂ්ඨකම නැමති සළුවද මට පෙරෙවුසේක.
මාගේ ප්‍රීතිය නුඹලා තුළෙහි පවතින පිණිසද නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිසද මේ දේවල් නුඹලාට කීවෙමි.
මේ දක්වා මාගේ නාමයෙන් නුඹලා කිසිවක් ඉල්ලුවේ නැත. නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිස ඉල්ලන්න, එවිට නුඹලාට ලැබෙන්නේය.
මනමාලී ඇත්තා මනමාලයාය. නුමුත් මනමාලයා ළඟ සිට ඔහුගේ වචන අසන ඔහුගේ මිත්‍රයා මනමාලයාගේ හඬට බොහෝසෙයින් ප්‍රීතිවෙයි. එබැවින් මාගේ මේ ප්‍රීතිය සම්පූර්ණවී තිබේ.
එහෙත් නුඹලාගේ ඇදහිල්ල කෙරෙහි අපි බලය පවත්වනවා නොව නුඹලාගේ ප්‍රීතියට ආධාරකාරයෝව සිටිමුව.
එහි පළල, දිග, උස, ගැඹුර කිමෙක්ද කියා තේරුම්ගන්ට නුඹලාට පුළුවන්වන පිණිසත්, උන්වහන්සේගේ මහිමයේ සම්පෙත් හැටියට නුඹලාට දෙන මෙන් යාච්ඤාකරමි.
මාගේ ප්‍රිය දරුවෙනි, මේ කාරණා නුඹලාට ලියා එවන්නේ නුඹලා පව් නොකරන පිණිසය. යමෙක් පව්කළොත් ධර්මිෂ්ඨවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන්වහන්සේ වෙත අපට සිටිනසේක.
බොහෝ කාරණා නුඹලාට ලියා එවන්ට මට තිබේ, නුමුත් කඩදාසියෙන් සහ තීන්තෙන් එසේ කරන්ට නොකැමැත්තෙමි. නුමුත් නුඹේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස නුඹ ළඟට එන්ටද මුහුණට මුහුණලා කථාකරන්ටද බලාපොරොත්තුවෙමි.