තවද ඔටුවන් වතුර බී නිමවූ කල්හි ඒ මනුෂ්‍යයා ෂෙකෙල් බාගයක් බර ඇති රන් නාසාභරණයක්ද ඇගේ අත්වලට ෂෙකෙල් දශයක් බර ඇති රන් වළලු දෙකක්ද රැගෙන දී:
1 පේත්‍රැස් 3:3 - Sinhala Revised Old Version නුඹලාගේ අලංකාරවීම හිසකේ ගෙතීමද ස්වර්ණාභරණ පැළඳීමද නොහොත් වස්ත්‍ර හැඳීමද යන පිටත අලංකාරය නොව, Sinhala New Revised Version ඔබගේ අලංකාරය, කොණ්ඩා මෝස්තර ද රන් රිදී ආභරණ ද ඇඳුම් පැළඳුම් ද යන බාහිර දේ පිට රඳා නොතිබිය යුතුයි. සිංහල කාලීන පරිවර්තනය ඔබගේ ලස්සන, කොණ්ඩා මෝස්තර, රන් ආභරණ හා ඇඳුම් පැලඳුම් වැනි බාහිර දෙයින් නො ව, Sinhala New Revised Version 2018 ඔබගේ අලංකාරය, කොණ්ඩා මෝස්තර ද රන් රිදී ආභරණ ද ඇඳුම් පැළඳුම් ද යන බාහිර දේ පිට රඳා නොතිබිය යුතුයි. |
තවද ඔටුවන් වතුර බී නිමවූ කල්හි ඒ මනුෂ්‍යයා ෂෙකෙල් බාගයක් බර ඇති රන් නාසාභරණයක්ද ඇගේ අත්වලට ෂෙකෙල් දශයක් බර ඇති රන් වළලු දෙකක්ද රැගෙන දී:
මමද: නුඹ කාගේ දියණියෝදැයි ඇගෙන් ඇසුවෙමි. ඈ: මිල්කා නාහොර් නිසා බිහිකළ පුත්‍රවූ බෙතුයෙල්ගේ දුවයයි කීවාය. එවිට මම නාසාභරණය ඇගේ නාසයෙහිද වළලු ඇගේ අත්වලද දැමුවෙමි.
මෙහෙකරුවා රිදී ආභරණද රන් ආභරණද වස්ත්‍රද ගෙනවුත් රෙබෙකාට දුන්නේය. තවද ඔහු ඇගේ සහෝදරයාටත් මවුටත් අනර්ඝ දේවල් දුන්නේය.
යේහු යෙස්‍රෙයෙල්ට ආ කල යෙසෙබෙල් ඒ අසා ඇගේ ඇස්වල අඳුන් ගා හිස සරසාගෙන කවුළුවෙන් බැලුවාය.
තවද තුන්වෙනිදා එස්තර් රාජවස්ත්‍ර පැළඳගන රජගෙය ඉදිරිපිට තිබුණ රජගෙයි ඇතුල් මිදුලට ගොස් සිටියාය. රජ තෙමේ රජගෙයි රාජ සිංහාසනයෙහි ගෙයි දොරකඩ ඉදිරිපිට වැඩහුන්නේය.
ඔබගේ කුල ස්ත්‍රීන් අතරෙහි රාජ දූවරු සිටිති. ඕපීර්හි රනින් සැරසී බිසව් තොමෝ ඔබගේ දකුණෙන් සිටින්නීය.
එහෙත් එක එක ස්ත්‍රී තම තමාගේ අසල්වාසී ස්ත්‍රියගෙන්ද තම තමාගේ ගෙයි නැවතී සිටින්නියගෙන්ද රිදී බඩුත් රන් බඩුත් වස්ත්‍රත් ඉල්වාගන්නීය. නුඹලා ඒවා නුඹලාගේ පුත්‍රයන්ටද දූවරුන්ටද පළඳවන්නහුය; මෙසේ නුඹලා මිසරවරුන්ගේ වස්තුව ගන්නහුයයි කීසේක.
ආරොන්ද: නුඹලාගේ භාර්යාවන්ගේද පුත්‍රයන්ගේද දූවරුන්ගේද කන්වල තිබෙන රන් කුණ්ඩලාභරණ ගළවා මා ළඟට ගෙනෙන්නැයි කීය.
කැමති සිත් ඇති සියලු පුරුෂයෝද ස්ත්‍රීහුද අවුත් මේඛලාද කුණ්ඩලාභරණද පේරැස් මුදුද වළලුද යන සියලු ආකාර රන් බඩු ගෙනාවෝය; ස්වාමීන්වහන්සේට රන් පඬුරක් ඔප්පුකරන හැමදෙනා එසේ ගෙනාවෝය.
සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ මෙහෙකිරීමට රැස්වන ස්ත්‍රීන්ගේ කැඩපත්වල පිත්තලෙන් සෝදන භාජනයද ඒකේ අඩියද සෑදුවේය.
සියොන්, පිබිදෙන්න, පිබිදෙන්න, නුඹේ බලය පැළඳගන්න; ශුද්ධ නුවරවූ යෙරුසලම, නුඹේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න. මක්නිසාද තවත් අචර්මඡේදිතයෙක්වත් අපවිත්‍රයෙක්වත් නැවත නුඹ තුළට නොපැමිණෙන්නේය.
මම ස්වාමීන්වහන්සේ තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි, මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය; මක්නිසාද මනමාලයා පූජක මකුටයක් දමාගන්නාක්මෙන්ද මනමාලි ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන්ද උන්වහන්සේ ගැළවීම නැමති වස්ත්‍ර මට පැළදෙවුසේක, ධර්මිෂ්ඨකම නැමති සළුවද මට පෙරෙවුසේක.
කන්‍යාවක් ඇගේ ආභරණද මනමාලියක් ඇගේ ඉඟපටියද සිහිනැති කරනවා ඇද්ද? එහෙත් මාගේ සෙනඟ ගණන් නැති දවස්වල මා සිහිනැතිකළෝය.
ඉතින් නුඹ නාස්තිවුණාම කරන්නේ කුමක්ද? නුඹ රතු වස්ත්‍ර පැළඳ ගත්තත් ස්වර්ණාභරණවලින් සැරසුණත් නුඹේ ඇස්වල අඳුන් ගාගත්තත් නුඹේ අලංකාරවීම නිෂ්ඵලවන්නේය; නුඹේ ප්‍රේමවන්තයෝ නුඹ ප්‍රතික්ෂේපකරති, ඔව්හු නුඹේ ප්‍රාණය හානිකරන්ට සොයන්නෝය.
තවද නුඹලා දුරස්තරයෙහි සිටින මනුෂ්‍යයන්ට අඬගසා ඇරියහුය. ඔවුන් ළඟට පණිවිඩකාරයෙක් අරිනලද්දේය, ඔව්හුද ආවෝය; නුඹ ඔවුන් නිසා නාගන, නුඹේ ඇස්වල අඳුන් ගා ආභරණ පැළඳගෙන, අලංකාර ඇඳක ඉඳගත්තෙහිය,
නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.
ඔවුන් නුඹලාගේ පිරිසිදුවූ යටහත් හැසිරීම දුටුවාම, වචනය නැතුව භාර්යාවන්ගේ හැසිරීම කරණකොටගෙන දිනාගන්නා පිණිස, ඔවුන්ට යටත්වෙන්න.