Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 23:40 - Sinhala Revised Old Version

40 තවද නුඹලා දුරස්තරයෙහි සිටින මනුෂ්‍යයන්ට අඬගසා ඇරියහුය. ඔවුන් ළඟට පණිවිඩකාරයෙක් අරිනලද්දේය, ඔව්හුද ආවෝය; නුඹ ඔවුන් නිසා නාගන, නුඹේ ඇස්වල අඳුන් ගා ආභරණ පැළඳගෙන, අලංකාර ඇඳක ඉඳගත්තෙහිය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 “තවද ඔව්හු දුර බැහැර සිටින මිනිසුන් කැඳවා ඔවුන් වෙත පණිවුඩකාරයෙකු යැවූ හ. ඔව්හු ද පැමිණියෝ ය. නුඹ ඔවුන් නිසා ස්නානය කර, නුඹේ ඇස්වල අඳුන් ගා ආභරණ පැළඳගෙන අලංකාර යහනක ඉඳගත්තෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 “තවද ඔව්හු දුර බැහැර සිටින මිනිසුන් කැඳවා ඔවුන් වෙත පණිවුඩකාරයෙකු යැවූ හ. ඔව්හු ද පැමිණියෝ ය. නුඹ ඔවුන් නිසා ස්නානය කර, නුඹේ ඇස්වල අඳුන් ගා ආභරණ පැළඳගෙන අලංකාර යහනක ඉඳගත්තෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 23:40
13 හුවමාරු යොමු  

ඉතින් නුඹ නාස්තිවුණාම කරන්නේ කුමක්ද? නුඹ රතු වස්ත්‍ර පැළඳ ගත්තත් ස්වර්ණාභරණවලින් සැරසුණත් නුඹේ ඇස්වල අඳුන් ගාගත්තත් නුඹේ අලංකාරවීම නිෂ්ඵලවන්නේය; නුඹේ ප්‍රේමවන්තයෝ නුඹ ප්‍රතික්ෂේපකරති, ඔව්හු නුඹේ ප්‍රාණය හානිකරන්ට සොයන්නෝය.


යේහු යෙස්‍රෙයෙල්ට ආ කල යෙසෙබෙල් ඒ අසා ඇගේ ඇස්වල අඳුන් ගා හිස සරසාගෙන කවුළුවෙන් බැලුවාය.


නුඹ රජු වෙතට තෛල රැගෙන පැමුණුණෙහිය, නුඹේ සුවඳ දේද වැඩිකරගත්තෙහිය, නුඹේ තානාපතීන් නුඹ දුරු රටවලට ඇර, පාතාලය දක්වා පහතට බැස්සෙහිය.


ඈ අපවිත්‍රව සිටින බව දුටිමි; ඔවුන් දෙදෙනාටම තිබුණේ එක මාර්ගයය.


එවිට වේශ්‍යාවකුගේ වස්ත්‍ර ඇඳ සිටි රැවටිලි සිත් ඇති ස්ත්‍රියෙක් ඔහුට මුණගැසුණාය.


එක එක තරුණිය ස්ත්‍රීන්ගේ නියෝගය ප්‍රකාරයට දොළොස් මාසයක් වන ඔවුන්ගේ පවිත්‍රවීමේ කාලයෙන් පසු, එනම් සුවඳලාටු තෙල් සමසක්ද සුගන්ධ ද්‍රව්‍ය සහ ස්ත්‍රීන්ගේ පවිත්‍රවීමේ තෛල සමසක්ද පාවිච්චිකළායින් පසු, අහෂ්වේරොෂ් රජු ළඟට යන්ට ඒ ඒ තැනැත්තියගේ වාරය පැමුණුණාම,


එබැවින් නුඹ නා, තෙල්ගාගෙන, නුඹේ වස්ත්‍ර ඇඳගෙන, පාවරට යන්න. ඒ මනුෂ්‍යයා කා බී නිමවන තුරු නුඹ දකින්ට ඔහුට ඉඩනාරින්න.


නුඹලාගේ අලංකාරවීම හිසකේ ගෙතීමද ස්වර්ණාභරණ පැළඳීමද නොහොත් වස්ත්‍ර හැඳීමද යන පිටත අලංකාරය නොව,


ඇගේ රූපශ්‍රීයට නුඹේ සිතින් ආශානොවන්න; ඇගේ ඇසිපියවලින් ඈ නුඹ අසුකරනොගනීවා.


ඈ ඇගේ මුදුද ආභරණද පැළඳගෙන, ඇගේ ප්‍රේමවන්තයන් පස්සේ ගොස්, මා සිහිනැතිකොට, ඈ විසින් සුවඳදුම් ඔප්පුකරන්ට යෙදුණාවූ බාල් දේවතාවුන්ගේ දවස් නිසා ඈට දඬුවම් කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්