මක්නිසාද යෙරුසලමෙහි සිටින ශුද්ධවන්තයන් අතරෙහිවූ දිළිඳුන් උදෙසා සම්මාදමක් කිරීමට මකිදෝනියෙත් අකායෙත් සභාවෝ ප්‍රසන්නවූවෝය.
1 තෙසලෝනික 4:10 - Sinhala Revised Old Version සැබවින් නුඹලා මකිදෝනිය මුළුල්ලෙහි සිටින සියලු සහෝදරයන්ට එසේ ප්‍රේමකරන්නහුය. එහෙත්, සහෝදරයෙනි, වඩ වඩා එසේ කරන මෙන්ද, Sinhala New Revised Version සැබැවින් ම ඔබ මසිදෝනිය මුළුල්ලෙහි සිටින සියලු සහෝදරයන්ට එසේ කරන්නහු ය. එහෙත්, සහෝදරවරුනි, තව වඩ වඩා ඉදිරියට යන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු. සිංහල කාලීන පරිවර්තනය සැබවින් ම ඔබ මකිදෝනියෙහි සමස්ත සහෝදරයිනට ප්‍රේම කරනවා වුව ද, වඩ වඩාත් එසේ කරන ලෙස අපි උදක්ම ඉල්ලන්නෙමු. Sinhala New Revised Version 2018 සැබැවින් ම ඔබ මසිදෝනිය මුළුල්ලෙහි සිටින සියලු සහෝදරයන්ට එසේ කරන්නහු ය. එහෙත්, සහෝදරවරුනි, තව වඩ වඩා ඉදිරියට යන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු. |
මක්නිසාද යෙරුසලමෙහි සිටින ශුද්ධවන්තයන් අතරෙහිවූ දිළිඳුන් උදෙසා සම්මාදමක් කිරීමට මකිදෝනියෙත් අකායෙත් සභාවෝ ප්‍රසන්නවූවෝය.
මේ නිසා මමත් ස්වාමිවූ යේසුස්වහන්සේ තුළ නුඹලා අතරේ ඇත්තාවූ, නුඹලා සියලු ශුද්ධවන්තයන්ට දක්වන්නාවූ ඇදහිල්ල ගැන අසා, නුඹලා මාගේ යාච්ඤාවලදී සඳහන්කරමින්,
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ගෞරවය හා ප්‍රශංසාව සඳහා, නුඹලා ධර්මිෂ්ඨකමේ ඵලවලින් පූර්ණව,
අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට අපි ස්තුතිකර, නිතරම නුඹලා ගැන යාච්ඤාකරමුව.
අප නුඹලාට ප්‍රේමකරන්නාක්මෙන්ම ස්වාමීන්වහන්සේ නුඹලාගෙන් එකිනෙකා කෙරෙහිත් අනික් සියල්ලන් කෙරෙහිත් නුඹලාගේ ප්‍රේමය වැඩිකර, එයින් නුඹලා පුරවා,
ඉතින්, සහෝදරයෙනි, නුඹලා කොයි ආකාර හැසිර දෙවියන්වහන්සේ ප්‍රසන්නකරන්ට ඕනෑද කියා නුඹලා අපෙන් දැනගත් ලෙසද, නුඹලා හැසිරෙන ලෙසද, වඩ වඩා කරන මෙන් ස්වාමිවූ යේසුස්වහන්සේ තුළ අපි නුඹලාගෙන් ඉල්ලමින් අවවාදකරමුව.
සහෝදරයෙනි, නුඹලා ගැන දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්ට අපි බැඳී සිටිමුව. නුඹලාගේ ඇදහිල්ල අතිශයින් වැඩිවන නිසාත්, එකිනෙකා කෙරෙහි තිබෙන නුඹලා සියල්ලන්ගේ ප්‍රේමය අධිකව තිබෙන නිසාත් එසේ ස්තුතිකරන්ට යුතුය;
තවද අප ආඥාකරන දේ නුඹලා කරනවාය කියාද මතුත් කරනවා ඇත කියාද නුඹලා ගැන ස්වාමීන්වහන්සේ තුළ විශ්වාසය ඇතුව සිටිමුව.
එහෙත් අපගේ ස්වාමිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවෙහිද උන්වහන්සේ දැනගැන්මෙහිද වර්ධනයවෙන්න. දැනටත් සදාකාලයටත් උන්වහන්සේට ගෞරවය වේවා. ආමෙන්.