1 තෙසලෝනික 2:5 - Sinhala Revised Old Version මක්නිසාද නුඹලා දන්නා හැටියට අප විසින් කිසිකලක ඉච්චා වචනවත් තණ්හාවේ උපායක්වත් ව්‍යවහාරකළේ නැත–දෙවියන්වහන්සේ සාක්ෂිය. Sinhala New Revised Version ඔබ දන්නා පරිදි අප කිසි කලෙක ඉච්ඡා වචන ව්‍යවහාර කළේත්, අපගේ තණ්හාව සැඟවීමට උපා යෙදුවේත් නැත. ඒ බවට දෙවියන් වහන්සේ සාක්ෂි දරන සේක. සිංහල කාලීන පරිවර්තනය අප කිසි විටෙක චාටු බස් නො දෙඩූ වග ඔබ දන්නහු ය. තණ්හාව වසාගැනීමේ උපායක් ද අප නො කළ බවට අපේ සාක්ෂිය දෙවියන්වහන්සේම ය. Sinhala New Revised Version 2018 ඔබ දන්නා පරිදි අප කිසි කලෙක ඉච්ඡා වචන ව්‍යවහාර කළේත්, අපගේ තණ්හාව සැඟවීමට උපා යෙදුවේත් නැත. ඒ බවට දෙවියන් වහන්සේ සාක්ෂි දරන සේක. |
තමාගේ මිත්‍රයන් කොල්ලයක් පිණිස පාවාදෙන යමෙක් ඇද්ද, ඔහුගේ දරුවන්ගේ ඇස් පවා ක්ෂයවී යනවා ඇත.
කේලාම්කියමින් ඇවිදින්නා රහස් එළිදරව්කරන්නේය; එබැවින් බොහෝසෙයින් කට අරින්නා සමඟ සමාගම් නොපවත්වන්න.
ඔව්හු දිවස් ඇත්තන්ට: නුඹලා දර්ශන නොදකින්නය කියාද, ප්‍රොපේතවරුන්ට: නුඹලා හරිවූ දිවස්වාක්‍ය අපට නොපවසා, මෘදු වචන කථාකොට, රැවටිලි වාක්‍ය අපට පවසන්නය කියාද:
එසේය, ඒ බල්ලෝ ගිජුව, කිසිකලක තෘප්තියට නොපැමිණෙති; ඔව්හු විමසන්ට නොදන්න එඬේරුය. ඔවුන් එකිනෙකා තම තමාගේ ප්‍රයෝජනය පිණිස තම තමාගේම මාර්ගයට තීන්දුවටම හැරීගියෝය.
මක්නිසාද ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම අයුතු ලාභය අනුව යති; ප්‍රොපේතවරයා පටන් පූජකයා දක්වා සියල්ලෝම වංචාකම් කරති.
එබැවින් ඔවුන්ගේ භාර්යාවන් අන්‍යයන්ටද ඔවුන්ගේ කෙත් ඒවා අල්ලාගන්නන්ටද දෙන්නෙමි. මක්නිසාද කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම අයුතු ලාභය පස්සේ යති, අනාගතවක්තෘ පටන් පූජකයා දක්වා සියල්ලෝම ප්‍රයෝගකරති.
මාගේ සෙනඟ මුළාකරවන්නාවූ, තමුන්ගේ දත්වලින් හපාකන අතර: සමාදානයයයි මොරගසන්නාවූ, තමුන්ගේ කටට කෑම නොදෙන අයට විරුද්ධව යුද්ධයට පේවෙන්නාවූ අනාගතවක්තෘවරුන් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:
අනේ නුඹලා මාගේ පූජාසනය පිට නිෂ්ඵලලෙස ගිනි නොදල්වන පිණිස දොරවල් වසාතබන කෙනෙක් නුඹලා අතරේ ඇත්නම් හොඳය! නුඹලා කෙරේ මට ප්‍රසන්නයක් නැත, නුඹලාගේ අත්වලින් පූජාවක් මා විසින් පිළිගන්නෙත් නැතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
ඔව්හු හෙරෝදිවරුන් සමඟ තමුන්ගේ ගෝලයන් උන්වහන්සේ ළඟට යැවුවෝය. ඔව්හුද: ආචාරීන්වහන්ස, ඔබ සැබෑ කෙනෙක් බවත්, දෙවියන්වහන්සේගේ මාර්ගය සැබෑලෙස උගන්වන බවත්, මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන බැවින් කිසිවෙකු නොසලකන බවත් දනිමු.
ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට එන්ට නොදී ස්වර්ගරාජ්‍යය වසා, නුඹලාම ඇතුල්වෙන්නේවත් ඇතුල්වෙමින් සිටින්නන්ට ඇතුල්වෙන්ට ඉඩදෙන්නේවත් නැත.
මාගේ යාච්ඤාවලදී කඩ නැතුව නුඹලා සඳහන්කරමින්, දැන්වත් යම් අන්දමකින් නුඹලා වෙතට එන්ට දෙවියන්වහන්සේගේ කැමැත්තෙන් මාර්ගයක් සැලසෙන ලෙස නිතරම ඉල්ලන බවට,
මක්නිසාද එබඳු අය අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේට නොව තමුන්ගේම බඩට සේවයකරමින්, තමුන්ගේ සෞම්‍ය ප්‍රිය වචනවලින් අවංක අයවලුන්ගේ සිත් මුළාකරති.
මට බලවත් ශෝකයද හෘදයෙහි නිරන්තර වේදනාවද තිබේයයි බොරු නොකියා ක්‍රිස්තුස්වහන්සේ තුළ සැබෑව කියමි.
මක්නිසාද අපි දෙවියන්වහන්සේගේ වචනය බොහෝදෙනා මෙන් නරක් නොකර, අවංකකමින්ද දෙවියන්වහන්සේගෙන් ලැබුණු ලෙසද දෙවියන්වහන්සේ ඉදිරියෙහි ක්‍රිස්තුස්වහන්සේ තුළ කථාකරමුව.
ලජ්ජාවේ රහස් දේවල් එපා කළෙමුව. ප්‍රයෝගයෙන් නොහැසිර, දෙවියන්වහන්සේගේ වචනය ගැන වංචා නොකර, සැබෑව ප්‍රකාශකිරීමෙන්ම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදයසාක්ෂියට එකඟවෙන ලෙස අපේ ගුණ දැක්වීමුව.
නුඹලාගේ සිත් අපට විවරකරන්න. අපි කිසිවෙකුට අයුත්තක් නොකළෙමුව, කිසිවෙකු නරක් නොකළෙමුව, කිසිවෙකුගෙන් වාසි නොගතිමුව.
මා නුඹලාට ලියා එවන මේ කාරණා සම්බන්ධව මා බොරු නොකියන බව, මෙන්න, දෙවියන්වහන්සේ ඉදිරිපිට කියාසිටිමි.
අදහන්නාවූ නුඹලා අතරෙහි අපි කොපමණ ශුද්ධව ධර්මිෂ්ඨව නිදොස්ව හැසුරුණෙමුද කියා නුඹලාත් දෙවියන්වහන්සෙත් සාක්ෂිකාරයෝය.
ඔහු බේබද්දෙක් නොවූ, ගහගන්නෙක් නොවූ, ඉවසිලිවන්තවූ, ඩබරකාරයෙක් නොවූ, වස්තු තෘෂ්ණාව නැත්තාවූ,
එසේම උපස්ථායකයන් සන්සුන්වූ, දෙයාකාර කථා නැත්තාවූ, බොහෝ මුද්‍රිකපානයට ඇලුම් නොවූ, නින්දිත ලාභයට ගිජු නොවූ,
මක්නිසාද නායකයා දෙවියන්වහන්සේගේ ගබඩාකාරයෙක්මෙන් නිදොස්වූ, හිතුවක්කාර නොවූ, නොකිපෙන්නාවූ, බේබද්දෙක් නොවූ, ගහගන්නෙක් නොවූ, නින්දිත ලාභයට ගිජු නොවූ,
නුඹලා අතරෙහි සිටින දෙවියන්වහන්සේගේ රැළ බලාගනිමින්, බලහත්කාරය නිසා නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින්ද නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද,
මක්නිසාද ඔව්හු නිෂ්ඵලකමේ මහත් ආඩම්බර වචන කථාකරමින්, වරදෙහි වසන්නන් කෙරෙන් යන්තම් ගැළවීයන්නන් මාංසයේ තෘෂ්ණාව වන සල්ලාලකමෙන් ඇදගනිති;
තණ්හාව නිසා ඔවුන් වංචා වචනවලින් නුඹලා වෙළඳාමක් කරගන්නවා ඇත. පුරාණයේ සිට පවතින ඔවුන්ගේ විනිශ්චය ප්‍රමාද නොවන්නේය, ඔවුන්ගේ විනාශයද නිදා නොගනියි.
ඔවුන්ට දුක්වේ! මක්නිසාද ඔව්හු කායින්ගේ මාර්ගයෙහි ගමන්කර, කුලී පිණිස බාලාම්ගේ මුළාවෙහි වේගයෙන් දිවගොස්, කෝරාගේ විරුද්ධ–කථාවේදී විනාශවූවෝය.