තවද ඔහු දර්බයටත් ලුස්ත්‍රාවටත් ආවේය. ඇදහිලිවන්ත යුදෙව් ස්ත්‍රියෙකුගේ පුත්‍රවූ තිමෝතියස් නම් ගෝලයෙක් එහි සිටියේය;
1 තිමෝති 6:20 - Sinhala Revised Old Version තිමෝතියස්නි, දැනගැන්මයයි බොරුවෙන් කියන දැනගැන්මේ අපහාසිකවූ හිස් දෙඩවිලිවලින්ද විරුද්ධකම්වලින්ද අහක්ව සිට, නුඹට භාරදුන් දෙය ආරක්ෂාකරන්න; Sinhala New Revised Version තිමෝතියස්, ඔබට භාර දුන් දෙය ආරක්ෂා කරන්න. දැනුම ලෙස සැලකෙන මිථ්‍යාදෘෂ්ටික අදහස්වලින් ද අර්ථයක් නැති හිස් දෙඩවිලිවලින් ද පරස්පර විරෝධී මතවලින් ද වළකින්න. සිංහල කාලීන පරිවර්තනය එම්බා තිමෝති, ඔබට බාර දී ඇති දෑ රැකගන්න; හිස් දෙඩවිල්ලෙන් හා දැනුම යැයි බොරුවෙන් හඳුන්වන පරස්පර-විරෝධී අදහස්වලින් ද වළකින්න. Sinhala New Revised Version 2018 තිමෝතියස්, ඔබට භාර දුන් දෙය ආරක්ෂා කරන්න. දැනුම ලෙස සැලකෙන මිථ්‍යාදෘෂ්ටික අදහස්වලින් ද අර්ථයක් නැති හිස් දෙඩවිලිවලින් ද පරස්පර විරෝධී මතවලින් ද වළකින්න. |
තවද ඔහු දර්බයටත් ලුස්ත්‍රාවටත් ආවේය. ඇදහිලිවන්ත යුදෙව් ස්ත්‍රියෙකුගේ පුත්‍රවූ තිමෝතියස් නම් ගෝලයෙක් එහි සිටියේය;
එපිකුරීය සහ ස්තෝයික පණ්ඩිතයන්ගෙන් සමහරෙක්ද ඔහුට මුණගැසුණෝය. සමහරෙක්ද: මේ වාචාලයා මක්කියන්ට හදනවාදැයි කීවෝය. තව සමහරෙක්: ඔහු අන් දේවතාවන් ප්‍රකාශ කරන්නෙකු මෙන් පෙනේයයි කීවෝය. මෙසේ කීවේ ඔහු යේසුස්වහන්සේ හා මළවුන්ගෙන් නැගිටීම ප්‍රකාශකළ බැවින්ය.
(මක්නිසාද සියලු අතීනසයෝද එහි පොරොත්තුව සිටියාවූ විදේශීහුද අමුතු කාරණයක් කීමෙන් නොහොත් ඇසීමෙන් මිස වෙන සැටියකින් කාලය ගත නොකළෝය.)
එසේවී නුමුත් සම්පූර්ණ තැනැත්තන් අතරෙහි අපි ප්‍රඥාව කථාකරමුව. එනම්, මේ ලෝකයේ, නොහොත් මේ ලෝකයේ නැතිවීයන මුලාදෑනීන්ගේ ප්‍රඥාවක් නොව,
මක්නිසාද මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන්වහන්සේ ඉදිරියෙහි මෝඩකමය. මක්නිසාද: උන්වහන්සේ ප්‍රඥාවන්තයන් ඔවුන්ගේ උපායවලින් අසුකරගන්නාසේකැයි ලියා තිබේ.
පහත්වීමටද දේවදූතයන්ට නමස්කාරකිරීමටද කැමතිවීමෙන් දිනුම නුඹලාගෙන් පහකරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න. එබඳු තැනැත්තා තමා දුටු දේවල හැසිරෙමින්, තමාගේ මාංසික බුද්ධියෙන් නිරර්ථකලෙස උඩඟුවී,
ක්‍රිස්තුස්වහන්සේට එකඟ නැත්තාවූ, මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝගවලත් ලෝකයේ ගුරුකම්වලත් ප්‍රකාරයට තිබෙන පණ්ඩිතකමද හිස්වූ රැවටිලිකාරකමද කරණකොටගෙන නුඹලා කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලාගන්න.
එබැවින් නුඹලාගේ සියලු පීඩාවලදීත් නුඹලා ඉවසන දුක්වලදීත් ඇත්තාවූ නුඹලාගේ ස්ථිරකමත් ඇදහිල්ලත් නිසා අපිම නුඹලා ගැන දෙවියන්වහන්සේගේ සභාවලදී පාරට්ටුකරමුව.
එබැවින්, සහෝදරයෙනි, නුඹලා ස්ථිරව සිට අපගේ වචනයෙන් හෝ ලියුමෙන් හෝ නුඹලාට ඉගැන්වූ ගුරුකම් තදින් අල්ලාගෙනම සිටින්න.
මට භාරදෙනලද ශුභාන්විත දෙවියන්වහන්සේගේ තේජවත්වූ ශුභාරංචියේ හැටියට සාරවූ ඉගැන්වීමට විරුද්ධවූ වෙන කිසිවක් ඇද්ද, ඒ නිසාත් පිහිටුවනලද බවය.
ඇදහිල්ලෙහි මාගේ සැබෑ දරුවාවූ තිමෝතියස්ට ලියා එවන වග නම්: පියවූ දෙවියන්වහන්සේගෙන්ද අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේගෙන්ද කරුණාවත් දයාවත් සමාදානයත් වේවා.
කෙළවරක් නැති පෙළපත් කථාත් නොසලකන හැටියටද, නුඹ විසින් සමහරුන්ට ආඥාකරන පිණිස, එපීසයෙහි නැවතී සිටින්ට කියා මා මකිදෝනියට යන කල නුඹට අවවාද කෙළෙමි, දැනුත් එසේ කරමි.
ඔහු මෙය දන්නවා ඇත: එනම්, ව්‍යවස්ථාව වනාහි ධර්මිෂ්ඨයෙකු නිසා නොව අධර්මිෂ්ඨයන් සහ අකීකරුවන්ද අභක්තීන් සහ පව්කාරයන්ද අපිරිසිදුවන් සහ දේව අපහාසිකයන්ද පියවරුන් මරන්නන් හා මවුවරුන් මරන්නන්ද මිනීමරන්නන්ද,
නුමුත්, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, නුඹ වනාහි මේවායින් පලාගොස්, ධර්මිෂ්ඨකමද භක්තිවන්තකමද ඇදහිල්ලද ප්‍රේමයද ස්ථිරකමද මොළොක්ගුණයද පස්සේ යන්න.
සියල්ල ජීවත්කරන්නාවූ දෙවියන්වහන්සේද පොන්තියුස් පිලාත් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කළාවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේද ඉදිරියෙහි නුඹට ආඥාකරමි.
නුමුත් අපහාසිකවූ හිස් දෙඩවිලිවලින් අහක්ව සිටින්න. ඔවුන් අභක්තියේ තව දුරට ගමන්කරනවා ඇත,
පොදු ඇදහිල්ලේ හැටියට මාගේ සැබෑ දරුවාවූ තීතස්ට ලියා එවන වග නම්: පියවූ දෙවියන්වහන්සේගෙන්ද අපගේ ගැළවුම්කාරයාවූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් වේවා.
තවද ඔහු සාරවත් ගුරුකමින් අවවාදකරන්ටත් විරුද්ධවාදීන් නිශ්ශබ්දකරන්ටත් පුළුවන්වන පිණිස ඉගැන්වීමට එකඟවූ විශ්වාස වචනය තදින් අල්ලාගෙන සිටින්ට ඕනෑය.
නුමුත් මෝඩ වාද, පෙළපත් කථා, විවාද, ව්‍යවස්ථාව ගැන ඩබර යන මේවායින් අහක්වෙන්න; මක්නිසාද ඒවා නිෂ්ඵලය, නිරර්ථකය.
එබැවින් නුඹ ලැබුවේ කෙසේද, ඇසුවේ කෙසේදැයි සිහිකර, ඒ දේ පවත්වා, පසුතැවිලිවෙන්න. මෙසේ නුඹ අවදිව නොසිටින්නෙහි නම්, සොරෙකු මෙන් එන්නෙමි, මා නුඹ කරා කොයි පැයේ එනවා ඇද්ද කියා නුඹ නොදැනම සිටිනවා ඇත.