1 කොරින්ති 11:34 - Sinhala Revised Old Version යමෙකුට බඩගිනි ඇත්නම් නුඹලාගේ රැස්වීම දඬුවමට හේතු නොවන පිණිස ඔහු ගෙදරදී කෑවාවේ. මා ආ විටකදී අනික් කාරණා හරිගස්සන්නෙමි. Sinhala New Revised Version යමෙකුට බඩගිනි නම්, ඔබගේ රැස්වීම දේව දඬුවමට පාත්‍ර නොවන ලෙස, ඔහු ගෙදර දී කෑවාවේ. අනිත් කරුණු ගැන, මා පැමිණි විට, මම පිළිවෙළක් කරමි. සිංහල කාලීන පරිවර්තනය යමකුට කුසගිනි නම්, ඔබ එක්රැස් වන කල, එය විනිශ්චයට පාත්‍ර නො වන පිණිස, ඔහු ගෙදරදී කෑවා වේ. අනිකුත් දෑ ගැන, මම ඔබ වෙත ආ කල, උපදෙස් දෙන්නෙමි. Sinhala New Revised Version 2018 යමෙකුට බඩගිනි නම්, ඔබගේ රැස්වීම දේව දඬුවමට පාත්‍ර නොවන ලෙස, ඔහු ගෙදර දී කෑවාවේ. අනිත් කරුණු ගැන, මා පැමිණි විට, මම පිළිවෙළක් කරමි. |
මා ආ කල සම්මාදම් නොකරන පිණිස සතියේ පළමුවෙනිදා නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ කාරණා සඵලවන ප්‍රකාරයට රැස්කොට තම තමා ළඟ යමක් තබාගනීවා.
මේ පිණිස, ස්වාමීන්වහන්සේ තුළ මාගේ ප්‍රියවූ විශ්වාස දරුවාවූ තිමෝතියස් නුඹලා ළඟට එවීමි. මා සියලු තැන්වල සියලු සභාවලදී උගන්වන ප්‍රකාරයට ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ මාගේ මාර්ගයන් ඔහු නුඹලාට සිහිකරවනවා ඇත.
නුමුත් ස්වාමීන්වහන්සේ කැමතිසේක් නම් මම නුඹලා ළඟට වහාම ඇවිත්, උඩඟුවූවන්ගේ කථාව නොව ඔවුන්ගේ බලය දැනගන්නෙමි.
නුමුත් ස්වාමීන්වහන්සේ එක් එක්කෙනාට බෙදාදුන් ප්‍රකාරයටද එක් එක්කෙනාව දෙවියන්වහන්සේ කැඳෙවු ප්‍රකාරයටද හැසිරේවා. සියලු සභාවලදී මෙසේ නියමකරමි.
මා එන විට නුඹ ක්‍රීතෙහි නැවැත්වූ කාරණය නම්, අඩුව තිබුණූ දේවල් නුඹ විසින් පිළිවෙළට යොදන පිණිසත් මා නුඹට ආඥාකළ ලෙස නුවරක් පාසා වැඩිමහල්ලන් පත්කරන පිණිසත්ය;