Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 11:34 - Sinhala New Revised Version

34 යමෙකුට බඩගිනි නම්, ඔබගේ රැස්වීම දේව දඬුවමට පාත්‍ර නොවන ලෙස, ඔහු ගෙදර දී කෑවාවේ. අනිත් කරුණු ගැන, මා පැමිණි විට, මම පිළිවෙළක් කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

34 යමකුට කුසගිනි නම්, ඔබ එක්රැස් වන කල, එය විනිශ්චයට පාත්‍ර නො වන පිණිස, ඔහු ගෙදරදී කෑවා වේ. අනිකුත් දෑ ගැන, මම ඔබ වෙත ආ කල, උපදෙස් දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 යමෙකුට බඩගිනි නම්, ඔබගේ රැස්වීම දේව දඬුවමට පාත්‍ර නොවන ලෙස, ඔහු ගෙදර දී කෑවාවේ. අනිත් කරුණු ගැන, මා පැමිණි විට, මම පිළිවෙළක් කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

34 යමෙකුට බඩගිනි ඇත්නම් නුඹලාගේ රැස්වීම දඬුවමට හේතු නොවන පිණිස ඔහු ගෙදරදී කෑවාවේ. මා ආ විටකදී අනික් කාරණා හරිගස්සන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 11:34
9 හුවමාරු යොමු  

එසේ වුව ද සමිඳාණන් වහන්සේ එකිනෙකාට නියම කොට ඇති ප්‍රකාරයට හා දෙවියන් වහන්සේ එකිනෙකා කැඳවා ඇති ප්‍රකාරයට ජීවත් වන්න. සැම සභාවකට ම මා දෙන නියෝගය මේ ය.


එහෙත් සමිඳාණන් වහන්සේ කැමැති වන සේක් නම්, මම නොපමා ව ඔබ වෙත අවුත්, අහංකාර අයගේ කථිකත්වය නොව ඔවුන්ගේ බලයේ තරම දැනගන්නෙමි.


මා ඔබ ක්‍රීතයේ නතර කෙළේ, ඉතුරු කටයුතු සම්පූර්ණ කරන පිණිසත්, මා නියෝග කළ ලෙස නුවරක් පාසා සභා මූලිකයන් පත් කරන පිණිසත් ය.


සෑම සතියක ම පළමු වන දා ඔබෙන් එකිනෙකා උපයා ගත් මුදලින් කොටසක් ඉතිරි කරගෙන තමා ළඟ වෙන් කර තබාගනී වා. එවිට මා ආ කල සම්මාදමක් කිරීමට උවමනා නැත.


මසිදෝනිය මැදින් යන්නට මා අදහස් කරන බැවින්, එසේ ගිය පසු, මම ඔබ වෙත එන්නෙමි.


එබැවින් මේ සඳහා සමිඳාණන් වහන්සේ තුළ මට ප්‍රියාදර, විශ්වාසවන්ත පුත්‍රයෙකු වන තිමෝතියස් ඔබ වෙත එවමි. ඔහු හැමතැන, හැම සභාවල මා උගන්වන ක්‍රිස්තුන් වහන්සේ තුළ වූ මාගේ සදාචාර පිළිවෙත් ඔබට සිහිගන්වනු ඇත.


එබැවින් මාගේ සහෝදරවරුනි, ඔබ රාත්‍රි භෝජනයට එක්රැස් වන විට, අනුන් නොසලකා, කන්නට ඉක්මන් නොවන්න.


දෙවියන් වහන්සේගේ සෙනඟ උදෙසා කරන සම්මාදම ගැන ගලාතියේ සභාවලට මා නියම කළ දෙය ම ඔබත් කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්