දෙවියන් වහන්සේගේ කරුණාව නිෂ්ප්‍රභ නොකරමි. මන්ද, ව්‍යවස්ථාව මඟින් දමිටු බව ඇතිකර ගත හැකි නම් ක්‍රිස්තුන් වහන්සේගේ මරණයේ තේරුමක් නැත.
හෙබ්‍රෙව් 7:11 - Sinhala New Revised Version ඉශ්රායෙල් සෙනඟට ව්‍යවස්ථාව දෙන ලද්දේ ලෙවීගේ පූජකත්වය සම්බන්ධ කරගෙන ය. ඒ පූජකත්වය හේතුකොටගෙන පූර්ණත්වය ලැබී නම්, ආරොන්ගේ පූජක පිළිවෙළ අනුව නො වූ, මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව වෙන පූජකයෙකුගේ පහළ වීම ගැන කතා කරන්නේ කෙසේ ද? සිංහල කාලීන පරිවර්තනය ලෙවීය පූජකත්වය මඟින් සම්පූර්ණත්වය අත්කර ගත හැකි වී නම්, (මන්ද ජනයා දහම් නීතිය ලද්දේ ඒ යටතේ ය) ආරොන්ගේ පිළිවෙළට අනුව පූජකයකු නම් කිරීම මිස, මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව වෙනත් පූජකයකු නැගිටීමේ වැඩිපුර අවශ්‍යතාව කුමක් ද? Sinhala New Revised Version 2018 ඉශ්රායෙල් සෙනඟට ව්‍යවස්ථාව දෙන ලද්දේ ලෙවීගේ පූජකත්වය සම්බන්ධ කරගෙන ය. ඒ පූජකත්වය හේතුකොටගෙන පූර්ණත්වය ලැබී නම්, ආරොන්ගේ පූජක පිළිවෙළ අනුව නො වූ, මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව වෙන පූජකයෙකුගේ පහළ වීම ගැන කතා කරන්නේ කෙසේ ද? Sinhala Revised Old Version ඉඳින් ලෙවීගේ පූජකකමෙන් සම්පූර්ණකම පැමිණේ නම් (මක්නිසාද ඒ සම්බන්ධව සෙනඟ ව්‍යවස්ථාව ලැබුවෝය), ආරොන්ගේ පිළිවෙළේ හැටියට කියනු නොලැබ, මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට වෙන පූජකයෙක් නැගිටින්ට තවත් තිබුණු ඕනෑකම මොකද? |
දෙවියන් වහන්සේගේ කරුණාව නිෂ්ප්‍රභ නොකරමි. මන්ද, ව්‍යවස්ථාව මඟින් දමිටු බව ඇතිකර ගත හැකි නම් ක්‍රිස්තුන් වහන්සේගේ මරණයේ තේරුමක් නැත.
එහෙත් දැන් ඔබ දෙවියන් වහන්සේ පිළිගෙන තිබිය දී, නොහොත් දෙවියන් වහන්සේ ඔබ පිළිගෙන තිබිය දී, ඔබ ඒ දුර්වල, නිෂ්ඵල දෙවිදේවතාවුන්ට වහල්වීමේ ආශාවෙන්, නැවත ඔවුන් දෙසට හැරෙන්නේ කෙසේ ද?
එලෙස ම වෙන තැනක: “ඔබ මෙල්කිසදෙක් පූජක පරපුර අනුව, සදහට ම පූජකයෙක් වන්නෙහි ය”යි ඒ තැනැන් වහන්සේ වදාරන සේක.
ජේසුස් වහන්සේ මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව, සදහට ම උත්තම පූජකයෙකු වී අප උදෙසා පුරෝගාමියෙකු වශයෙන් එතැනට පිවිසි සේක.
එසේය, යමෙකු ගැන මේ දේ කියන ලද්දේ ද, ඒ තැනැන් වහන්සේ වෙන ගෝත්‍රයකට අයිති වූ සේක. ඒ ගෝත්‍රයෙන් කිසිවෙක් පූජාසනය ළඟ සේවය නොකෙළේ ය.
එහෙත් උන් වහන්සේ පූජකයෙකු වූයේ දිවුරුම් දීමක් ඇති ව ය. ඒ බව ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත: “ ‘ඔබ සදහට ම පූජකයෙකැ’යි සමිඳාණන් වහන්සේ දිවුරුම් දුන් සේක, ඒ දිවුරුම උන් වහන්සේ නිෂ්ප්‍රභ නොකරන සේක.”
මේ දේවල් මෙසේ පිළියෙළ කොට තිබිය දී, පූජකයෝ සිය පුදපූජා ඉටු කිරීමට පළමු වන මණ්ඩපයට ඇතුළු වෙති.