“ආරොන් සහ ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන් ද පූජක වස්ත්‍ර සහ ආලේප තෛලය ද පාප පූජාව සඳහා වස්සෙකු ද බැටළුවන් දෙදෙනෙකු ද නුමුහුන් රොටි පැස ද ගෙන
හෙබ්‍රෙව් 5:1 - Sinhala New Revised Version සෑම නායක පූජකයෙක් ම, පඬුරුත් පාප පූජාත් ඔප්පු කිරීම පිණිස ස්වකීය සෙනඟ අතුරින් තෝරාගෙන ඔවුන් වෙනුවෙන් දෙවියන් වහන්සේ සඳහා වූ කටයුතු කිරීම පිණිස පත් කරනු ලබයි. සිංහල කාලීන පරිවර්තනය මිනිසුන් අතරින් තෝරාගනු ලබන හැම උත්තම පූජකයකුම, පඬුරුත්, පාප උදෙසා යාග පූජාත් ඔප්පු කිරීමට මිනිසුන් උදෙසා දෙවියන්වහන්සේට අදාළ කාරණා සම්බන්ධව පත් කර ගනු ලබන්නෙකි. Sinhala New Revised Version 2018 සෑම නායක පූජකයෙක් ම, පඬුරුත් පාප පූජාත් ඔප්පු කිරීම පිණිස ස්වකීය සෙනඟ අතුරින් තෝරාගෙන ඔවුන් වෙනුවෙන් දෙවියන් වහන්සේ සඳහා වූ කටයුතු කිරීම පිණිස පත් කරනු ලබයි. Sinhala Revised Old Version මක්නිසාද සියලු උත්තම පූජකයෝ මනුෂ්‍යයන් අතරෙන් ගනු ලැබ පඬුරුත් පව් උදෙසා පූජාවලුත් ඔප්පුකරන පිණිස දෙවියන්වහන්සේට අයිති කාරණා සම්බන්ධව මනුෂ්‍යයන් උදෙසා පත්කරනු ලබන්නෝය. |
“ආරොන් සහ ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන් ද පූජක වස්ත්‍ර සහ ආලේප තෛලය ද පාප පූජාව සඳහා වස්සෙකු ද බැටළුවන් දෙදෙනෙකු ද නුමුහුන් රොටි පැස ද ගෙන
ඉන්පසු ඔහු ආරොන් අමතා, “පූජාසනයට ළඟා වී, ඔබ උදෙසා ද සෙනඟ උදෙසා ද පව් කමාව අයැදිමින් ඔබේ පාප පූජාව සහ දවන යාග පූජාව පුදන්න. සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි සෙනඟගේ පූජා පුදා ඔවුන් උදෙසා පව් කමාව අයැදින්නැ”යි කීවේ ය.
මා ඔබට බාර දුන්නේ මා ලබාගත් දෙය ම බව ප්‍රධාන කොට කිව යුතු ය. එනම් ශුද්ධ ලියවිල්ල ප්‍රකාර ක්‍රිස්තුන් වහන්සේ අපගේ පාප උදෙසා මළ බවත්,
තවද හැම පූජකයෙක් ම සිටගෙන, දවස්පතා තේවා ඉටු කරමින්, කිසිකලෙකත් පව් නසාලීමට නොහැකි වූ එම පූජාවන් බොහෝ වර ඔප්පු කරයි.
එහෙත් උන් වහන්සේ පව් උදෙසා සදහට ම එක ම පූජාවක් ඔප්පු කොට, දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක.
ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා විශිෂ්ට පූජාවක් දෙවියන් වහන්සේට පුද කෙළේ ය. ඔහුගේ පූජා ගැන දෙවියන් වහන්සේ ප්‍රසන්න වූ බැවින්, ඇදහිල්ලෙන් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට පත් කරනු ලැබී ය. ඔහු මියගිය ද ඇදහිල්ලෙන් දැනුත් කතා කරයි.
එබැවින් ජනතාවගේ පව් කමා කිරීමට දෙවියන් වහන්සේගේ සේවයෙහි දයාන්විත, විශ්වාසවන්ත උත්තම පූජකයෙකු වන පිණිස, හැම අතින් ම සිය සහෝදරයන් හා සමාන වන්නට උන් වහන්සේට යුතු ව තිබිණි.
අන් උත්තම පූජකයන් මෙන්, පළමු කොට තමන්ගේ ම පව් උදෙසාත්, දෙවනු ව ජනතාවගේ පව් උදෙසාත් දිනපතා පූජා ඔප්පු කිරීමට උන් වහන්සේට වුවමනාවක් නැත. මන්ද, උන් වහන්සේ තමන් ම එක ම වරක් පූජා වීමෙන් ඒ වුවමනාව ඉටු කළ සේක.
සියලු නායක පූජකයෝ පඬුරු හා පූජා ඔප්පු කරන පිණිස පත් කරනු ලබන්නාහ. එහෙයින් පූජා ඔප්පු කිරීමට මේ නායක පූජකයාටත් යම් කිසිවක් තිබිය යුතු ය.
උන් වහන්සේ තවමත් මිහි පිට සිටින සේක් නම්, උන් වහන්සේට කිසි සේත් පූජකයෙකු විය නොහැකි ය. මන්ද, ව්‍යවස්ථා අනුව පඬුරු ඔප්පු කරන පූජකයන් සිටින බැවිනි.
මේ සියල්ල වර්තමාන තත්ත්වය හඟවන සංකේතයකි. එහි නියම කර ඇති පඬුරු හා පූජා ඒවා ඔප්පු කරන්නා හට අභ්‍යන්තර පරිපූර්ණත්වයක් ගෙන නොදෙයි.