ඔබේ දෙව් මැදුරට ඇති උද්‍යෝගය මා දවන්නේ ය. ඔබට නින්දා කරන්නන්ගේ නින්දා මා පිට පැටවී ඇත්තේ ය.
හෙබ්‍රෙව් 10:33 - Sinhala New Revised Version නින්දා සහ පීඩා නිසා ඔබ උපහාසයට ලක් කරනු ලැබුවා පමණක් නොව, එසේ ලක් කරනු ලැබූවන් සමඟ හවුල්කාරයෝ ද වූවහු ය. සිංහල කාලීන පරිවර්තනය ඒ, විටෙක ප්‍රසිද්ධියේ නින්දා හා හිංසාවනට ලක්වෙමින් හා විටෙක එම හිංසාවලට ලක්වූවන්ගේ හවුල්කරුවන් වෙමිනි. Sinhala New Revised Version 2018 නින්දා සහ පීඩා නිසා ඔබ උපහාසයට ලක් කරනු ලැබුවා පමණක් නොව, එසේ ලක් කරනු ලැබූවන් සමඟ හවුල්කාරයෝ ද වූවහු ය. Sinhala Revised Old Version එසේ වුණේ නින්දා සහ පීඩා කරණකොටගෙන පරිහාස හේතුවක් කරනු ලැබීමෙනුත්, එසේ කරනු ලැබූවන්ට හවුල්කාරයන් වීමෙනුත්ය. |
ඔබේ දෙව් මැදුරට ඇති උද්‍යෝගය මා දවන්නේ ය. ඔබට නින්දා කරන්නන්ගේ නින්දා මා පිට පැටවී ඇත්තේ ය.
දෙවිඳුනි, නැඟිට විසඳුව මැනව. යුක්තිය රැක ගැනීමට සටන් කළ මැනව. නොදැහැමියන් දවස පුරා ඔබට නිගා කරන බව සිහි කළ මැනව.
අහෝ සමිඳුනි, අපේ අසල්වාසීන් ඔබට සමච්චල් කර ඇත. එය හත් ගුණයකින් ඔවුන් වෙත ම හැරෙවුව මැනව.
දැහැමිකම දන්න, සිය සිත්වල මාගේ අණපණත් නිදන් කර ඇති ජනයෙනි, මට සවන් දෙන්න. මිනිසුන් නුඹලාට නින්දා කරන විට බිය නොවන්න. ඔවුන්ගේ අපහාසවලට නොකැළඹෙන්න.
ජෝෂුවා, උත්තම පූජක වන නුඹ ද සහකාර පූජකයන් වන නුඹලා ද සවන් දෙන්න. නුඹලා වනාහි මංගල පෙර නිමිති ය. ‘පැළෑටිය’ වන මාගේ මෙහෙකරුවා පැමිණෙන්නට සලස්වන්නෙමි.
මට පෙනෙන්නේ, දෙවියන් වහන්සේ ප්‍රේරිතවරයන් වන අප මරණයට නියම කළ අය මෙන්, අන්තිම තැන අපට දී තිබෙන බව යි. මෙලෙස අපි දේව දූතයන් හා මනුෂ්‍යයන් හා ඇතුළු මුළු ලොවට ම ප්‍රසිද්ධ ප්‍රදර්ශනයක් වී සිටිමු.
එහෙයින් ක්‍රිස්තුන් වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම් ද අන්තරා ද අගහිඟකම් ද පීඩා ද විපත්ති ද මම සතුටින් පිළිගනිමි. මක්නිසා ද යත්, දුර්වල ව සිටිය දී ම මම ශක්තිසම්පන්න ව සිටිමි.
ඔබ මට ඉතා හිතවත් බැවින් ද මා සිරගත ව සිටිය දී ද සුබ අස්න ගැන වගඋත්තර දීමේ දී හා එය ස්ථිර කිරීමේ දී ද මා ලැබූ දේව වරප්‍රසාදයන්ට ඔබ පංගුකාරයන් වූ බැවින් ද ඔබ හැම ගැන මා මෙසේ සිතීම යුතු ය.
සහෝදරවරුනි, ක්‍රිස්තියානි සහභාගිකමට ඇතුළත් ජුදයේ දෙවියන් වහන්සේගේ සභාවන්ට සිදු වූ දෙය ම ඔබටත් සිදු විය. ඔවුන් ජුදෙව්වරුන්ගෙන් පීඩා ලැබූ ලෙස ම ඔබත් ඔබගේ ම රටවැසියන්ගෙන් පීඩා ලැබුවහු ය.
එහෙයින් අපේ සමිඳාණන් වහන්සේ උදෙසා සාක්ෂි දැරීම ගැනත්, උන් වහන්සේගේ සිරකරුවා වන මා ගැනත්, ලජ්ජා නොවන්න. එහෙත් දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි විශ්වාසය තබා, සුබ අස්න වෙනුවෙන් දුක් විඳීමෙහි පංගුකාරයෙක් වන්න.
මන්ද, මතු එන්නට තිබෙන ඉෂ්ට විපාකය හිත ගත් බැවින්, මිසරයේ යසඉසුරුවලට වඩා විමුක්ති දායකයාණන් නමින් එන අවමානය මහත් සම්පතකැයි ඔහු සිතී ය.