හෙබ්‍රෙව් 1:14 - Sinhala New Revised Version එසේ නම් දේව දූතයෝ කවරහු ද? ඔව්හු සියල්ලෝ ම ගැළවීමේ උරුමය ලබන්නට සිටින්නවුන් උදෙසා සේවය පිණිස එවන ලද ආත්මයෝ ය. සිංහල කාලීන පරිවර්තනය ඔවුන් සියල්ලෝ ගැලවීමේ උරුමය ලබන්නට සිටින්නන්ට සේවය කරන පිණිස, එවනු ලැබූ සේවා ආත්මයෝ නො වෙත් ද? Sinhala New Revised Version 2018 එසේ නම් දේව දූතයෝ කවරහු ද? ඔව්හු සියල්ලෝ ම ගැළවීමේ උරුමය ලබන්නට සිටින්නවුන් උදෙසා සේවය පිණිස එවන ලද ආත්මයෝ ය. Sinhala Revised Old Version ඔවුන් සියල්ලෝ ගැළවීම උරුමකරගන්ට සිටින්නන් උදෙසා සේවයකරන පිණිස එවනු ලබන සේවක ආත්මයෝ නොවෙද්ද? |
මීකායා කතා කොට, “එබැවින් ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ඇසුව මැනව. සමිඳාණන් වහන්සේ තම සිංහාසනයේ වැඩ හිඳිනු ද, මුළු ස්වර්ග සේනාව උන් වහන්සේ ළඟ උන් වහන්සේගේ දකුණු පැත්තේ ද වම් පැත්තේ ද සිටිනු ද මම දිටිමි.
තවද, එක් දිනෙක සගලොව රාජ සභාවෙහි ඇමති මණ්ඩලය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වූ අවස්ථාවේ දී විරෝධකාරී සාතන් ද ඔවුන් අතර විය.
එවිට, නෙබුකද්නෙශර් මෙසේ කීවේ ය: “ෂද්‍රක්ගේත්, මේෂක්ගේ හා අබෙද්නෙගෝගේත් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, උන් වහන්සේ සිය දූතයා එවා තමන්ගේ මේ සේවකයන් තිදෙනා ගළවාගත් සේක. ඔව්හු රජුගේ නියමයට පිටුපා තමන්ගේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ හ. තමන්ගේ දෙවියන් වහන්සේ හැර අන් දෙවියෙකුට සේවය කරනවාටත්, නමස්කාර කරනවාටත් වඩා ගින්නට ගොදුරුවන්නට ඔව්හු සතුටු වූ හ.
මාගේ දෙවියන් වහන්සේ තමන්ගේ දූතයන් එවා සිංහයන්ගේ කටවල් පියෙ වූ සේක. එබැවින් උන්ගෙන් මට කිසි අනතුරක් නො වී ය. මාගේ දෙවියන් වහන්සේ එසේ කෙළේ, උන් වහන්සේ ඉදිරියේ මා නිදොස් කෙනෙකු වන බැවිනි. ඇරත් රජතුමනි, ඔබ ඉදිරියේ ද මා කිසි වරදක් කර නැත.”
ගිනිමය ගංගාවක් උන් වහන්සේ ඉදිරියෙන් ගලාගෙන ගියේ ය. ලක්ෂ සංබ්‍යාත පිරිසක් උන් වහන්සේට උපස්ථාන කළහ. කෝටි ප්‍රකෝටි සංබ්‍යාත පිරිසක් උන් වහන්සේ ඉදිරියේ සිටියහ. අධිකරණ සභාව අසුන් ගත්තා ය. පොත් දිගඅරින ලද්දේ ය.
එහෙත්, ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටිය දී, සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී, “දාවිත්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවාගන්නට බිය නොවන්න; මන්ද, ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසින්.
මනුෂ්‍ය-පුත්‍රයාණෝ ස්වකීය දූතයන් එවන සේක. ඔව්හු උන් වහන්සේගේ රාජ්‍යයේ බාධා උපදවන සියල්ල ද අදමිටුකම් කරන්නන් ද එක් කොට,
“මේ බාලයන්ගෙන් එකෙකු වත් හෙළා නොදැකීමට වගබලාගන්න. මන්ද, ‘ස්වර්ගයෙහි ඔවුන්ගේ දේව දූතයෝ ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි නිරතුරු ම සිටිති’යි මම ඔබට කියමි.
ඔවුන් ගිය පසු සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ජෝසෙප්ට දර්ශනය වී, ඔහු අමතා, “නැඟිට ළදරුවා ද උන් වහන්සේගේ මෑණියන් ද රැගෙන මිසරයට ගොස්, මා දන්වන තුරු එහි නවතින්න. මන්ද, හෙරොද් රජ ළදරුවා මරාදැමීමට සොයති”යි කී ය.
උන් වහන්සේ මහත් හොරණෑ හඬක් සහිත ව තම දූතයන් එවන සේක. ඔව්හු අහසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා සිව් දිගින් තෝරාගත්තවුන් රැස් කරන්නෝ ය.”
එවිට රජ්ජුරුවන් වහන්සේ සිය දකුණු පසෙහි සිටින්නන්ට කතා කොට, ‘මාගේ පියාණන්ගෙන් ආශීර්වාද ලද්දෙනි, එන්න, ලෝකය පටන්ගැන්මේ සිට ඔබට සූදානම් කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න.
උන් වහන්සේ මඟ බැස ගමන් ගනිත් ම එක් මිනිසෙක් දිව අවුත් උන් වහන්සේ ඉදිරියෙහි දණින් වැටී, “යහපත් ගුරුදේවයෙනි, සදාතන ජීවනය උරුම කරගන්නා පිණිස මා කුමක් කළ යුතු දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.
දේව දූතයා පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේ අබිමුවෙහි සේවා කරන ගාබ්‍රියෙල් මම ය; මා එවන ලද්දේ ඔබ සමඟ කතා කරන්නටත්, මේ සුබ ආරංචිය ඔබට පවසන්නටත් ය.
ඒ හිඟන්නා මියගිය පසු දේව දූතයන් විසින් ඔහු ආබ්‍රහම් ළඟට ගෙන යන ලද්දේ ය. ධනපතියාත් මැරී භූමිදාන කරන ලද්දේ ය.
එවිට සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ඔවුන්ට දර්ශනය විය: සමිඳාණන් වහන්සේගේ තේජශ්‍රීය ඔවුන් සිසාරා බැබළිණි; ඔව්හු අතිශයින් බියපත් වූ හ.
හෙරොද් දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය නුදුන් බැවින්, සමිඳාණන් වහන්සේගේ දුතයෙක් එකෙණෙහි ම ඔහුට පහර දුන්නේ ය. ඔහු පණුවන් විසින් කාදමන ලදුව මළේ ය.
එකෙණෙහි ම සමිඳාණන් වහන්සේගේ දුතයෙක් එහි පහළ විය. ආලෝකයක් හිර ගෙයි බැබළිණි. ඔහු පේදුරුගේ පිටට තට්ටු කර අවදි කරමින්, “වහා ම නැඟිටින්නැ”යි කී ය. ඔහුගේ අත්වලින් දම්වැල් ගැලවී වැටුණේ ය.
ඔවුන් සමිඳාණන් වහන්සේට සේවය කරමින් උපවාසයේ යෙදී සිටි විට ශුද්ධාත්මයාණන් වහන්සේ කතා කොට, “මා විසින් බාර්ණබස් ද සාවුල් ද කැඳවනු ලැබූ සේවය සඳහා ඔවුන් මට වෙන් කරන්නැ”යි වදාළ සේක.
හදිසියෙන් මහත් පොළෝකම්පාවක් විය. හිරගෙයි අත්තිවාරම් සෙලවිණි. එකෙණෙහි ම සියලු දොරවල් ඇරිණි; සියල්ලන්ගේ බැඳුම් ද ලිහිණි.
එහෙත් රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දුතයෙක් හිරගෙයි දොරවල් ඇර, ඔවුන් පිටතට ගෙන ගොස්, ඔවුන්ට කතා කොට,
එසේ සලකන්නේ, යම් හෙයකින් මාගේ ම ජාතියේ සෙනඟ උනන්දු කරවා ඔවුන්ගෙන් සමහරෙකු ගළවාගන්නා පිණිස ය.
ඔබ අයබදු ගෙවන්නේත් ඒ නිසා ය. රාජ්‍ය පාලකයෝ සිය යුතුකම් නොපිරි හෙළා ඉටු කරන දෙවියන් වහන්සේගේ සේවකයෝ වෙති.
එසේ ලියන්නේ, විජාතීන් උදෙසා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෙකු වීමට දෙවියන් වහන්සේ මට දෙවා වදාළ වරප්‍රසාදය නිසා ය. ඒ පූජක සේවය, විජාතීන් ශුද්ධාත්මයාණන් විසින් කැප කරනු ලැබ, දෙවියන් වහන්සේට ප්‍රියමනාප පූජාවක් වන අයුරින් සුබ අස්න දේශනා කිරීම ය.
එය ඔවුන් සිය කැමැත්තෙන් කළ තීරණයකි. ඒ ඇරත්, එසේ කිරීම ඔවුන්ගේ යුතුකම ය. මන්ද, විජාතීන් ජුදෙව්වරුන්ගේ ආධ්‍යාත්මික ආශීර්වාදවලින් ප්‍රයෝජන ලැබුවා සේ ම, ජුදෙව්වරුන්ගේ භෞතික අවශ්‍යතාවල දී ඔවුන්ට ආධාර දීමට විජාතීහු බැඳී සිටිති.
අපි දරුවෝ නම් උරුමක්කාරයෝ ද වම්හ. දෙවියන් වහන්සේගේ උරුමක්කාරයෝ ද ක්‍රිස්තුන් වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝ ද වම්හ. මන්ද, දැන් උන් වහන්සේගේ දුක් විඳීමේ පංගුකාරයන් වීමෙන්, අනාගතයේ දී උන් වහන්සේගේ මහිමයේ පංගුකාරයෝ ද වම්හ.
මන්ද, දෙවියන් වහන්සේගේ ප්‍රඥාවන්ත සැලැස්ම අනුව ලෝකයාට ස්වකීය ප්‍රඥා බලයෙන් දෙවියන් වහන්සේ දැනගැනීමට නොහැකි විය. ඒ වෙනුවට ප්‍රලාපයකැ යි කියන සුබ අස්න දේශනා කිරීමෙන් අදහන්නන් ගළවාලීමට උන් වහන්සේ සතුටු වූ සේක.
සැදැහැවතුන්ගේ මේ උපස්ථාන සේවාවෙන් අගහිඟකම පිරිමැසෙනවා පමණක් නොව දෙවියන් වහන්සේට බොහෝ ස්තුති දීම ද හටගන්නේ ය.
ඔබ ක්‍රිස්තුන් වහන්සේට අයිති නම්, ඔබ ආබ්‍රහම්ගේ වංශයට අයිති ව, පොරොන්දුව ලෙස උරුමක්කාරයෝ ද වන්නහු ය.
ඒ අබිරහස නම්, සුබ අස්න කරණකොටගෙන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ විජාතීන් ජුදෙව්වරුන් සමඟ හවුල් උරුමක්කාරයන් ද සභා ශරීරයේ හවුල් සාමාජිකයන් ද පොරොන්දුවේ හවුල් පංගුකාරයන් ද වන බව ය.
ඔබගේ ඇදහිල්ල නමැති පූජාවත් සේවයත් මත මා ද පූජාවක් ලෙස ඔප්පු කරනු ලැබුවත් සන්තෝෂ වෙමි. ඔබ හැම සමඟ ප්‍රීති වෙමි.
මා සොහොයුරු එපප්‍රොදිතස් ද ආපසු ඔබ වෙත එවීම මැනවැ යි මට කල්පනා වී ඇත. ඔහු වනාහි මට ආධාරෝපකාර කිරීමට ඔබ මා වෙත එවූ ඔබේ දුතයෙකු වන මාගේ සේවකයෙකු ද හවුල් හේවායෙකු ද වේ.
දුක් විඳින ඔබට හා අපට සහනය ද දෙන සේක. මෙය සිදු වන්නේ ජේසුස් සමිඳාණන් වහන්සේ ස්වකීය බලසම්පන්න දූතයන් සමඟ ස්වර්ගයෙන් ප්‍රකාශ වන කල්හි ය.
උන් වහන්සේ අප ගැළවුම්කාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන ශුද්ධාත්මයාණන් අධික ලෙස අප පිට වැගිරෙව් සේක.
තවද හැම පූජකයෙක් ම සිටගෙන, දවස්පතා තේවා ඉටු කරමින්, කිසිකලෙකත් පව් නසාලීමට නොහැකි වූ එම පූජාවන් බොහෝ වර ඔප්පු කරයි.
එසේ නම්, පළමුවෙන් සමිඳාණන් වහන්සේ මඟින් ප්‍රකාශ කරන ලද, එය ඇසූවන් විසින් අපට සහතික කර දෙන ලද, මේ සා උදාර ගැළවීමක් අප නොසලකා සිටියොත්, අපි කෙසේ ගැළවෙමු ද?
මෙසේ උන් වහන්සේ සම්පූර්ණත්වය ලැබ, තමන් වහන්සේට කීකරු වන සියල්ලන්ගේ සදාතන විමුක්තිදායකයාණෝ වූ සේක.
තවද ඔබ අලස නොවී, ඇදහීමෙන් හා ඉවසීමෙන් යුතු ව පොරොන්දු උරුම කරගන්නන් අනුගමනය කිරීම අපේ ආශාව ය.
එමෙන් ම දෙවියන් වහන්සේ: පොරොන්දුව උරුම කරගන්නන්ට තමන් වහන්සේගේ අරමුණ වෙනස් නොවන බව පැහැදිලි ලෙස පෙන්වන පිණිස, දිවුරුමකින් එය සහතික කළ සේක.
එහෙත් දැන් උන් වහන්සේ වඩා උතුම් පොරොන්දු පිට පිහිටුවන ලද වඩා විශිෂ්ට ගිවිසුමක මැදහත්කාරයාණන් ව සිටින සේ ම උන් වහන්සේ වඩා උතුම් සේවක ධුරයක් ලැබූ සේක:
බොහෝ දෙනෙකුගේ පව් දුරු කරන පිණිස එක ම වරක් ක්‍රිස්තුන් වහන්සේ දිවි පිදූ සේක. තවද, පාපය දුරු කරන පිණිස නොව, උන් වහන්සේගේ ආගමනය බලා සිටින්නන්ට ගැළවීම දෙන පිණිස, උන් වහන්සේ දෙ වන වර ප්‍රකාශ වන සේක.
මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, සවන් දෙන්න, ඇදහිල්ලෙහි ධනවතුන් වන පිණිසත්, දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් හට පොරොන්දු වූ රාජ්‍යයේ උරුමක්කාරයන් වන පිණිසත්, උන් වහන්සේ ලෝකයේ දිළිඳුන් තෝරා ගත්තේ කුමක්නිසා ද?
තවද, ඔවුන් ඒ සේවය කළේ තමන් උදෙසා ම නොව, ඔබ උදෙසා බව ඔවුන්ට එළිදරව් කරන ලද්දේ ය. මේ දේවල් ස්වර්ගයෙන් එවන ලද ශුද්ධාත්මයාණන් කරණකොටගෙන, ඔබට සුබ අස්න දේශනා කළ තැනැත්තන් ලවා දැන් ඔබට ප්‍රකාශ කරවන ලදී. දේව දූතයෝ පවා මේවා බලා දැනගන්නට ආශා වෙති.
අපට නව ජීවනයක් දී, අපට ජීවමාන බලාපොරොත්තුවක් උදා කළ සේක. ඒ බලාපොරොත්තුව වනාහි සදහට ම පවත්නා උරුමයකට අප හිමිකාරයන් වීම ය. අජරාමර වූ ද, නොමැලවෙන්නා වූ ද ඒ උරුමය ස්වර්ගයෙහි ඔබ උදෙසා තබා ඇත.
එසේ ම පුරුෂයෙනි, ඔබගේ විවාහ ජීවිතයේ දී ඔබත් ඔබගේ භාර්යාවන් සමඟ අවබෝධයෙන් යුතු ව හැසිරෙන්න. ඔවුන් දුබල පක්ෂය වන බැවින් ඔවුන්ට ගෞරව කරන්න. මන්ද, ඔබ හා සමඟ ඔව්හු ද දෙවියන් වහන්සේ නොමිලයේ දෙන දීමනාව වූ ජීවිතයට හවුල් උරුමක්කාරයෝ වන්නහු ය. එවිට ඔබේ යාච්ඤාවලට බාධා නොපැමිණෙයි.
ආදම්ගේ පෙළපතෙහි සත්වැන්නා වූ ඒනොක් මොවුන් ගැන දිවැස් වැකි පවසමින්: “බලන්න, සමිඳාණන් වහන්සේ දස දහසක් ගණන් ස්වකීය ශුද්ධ දූතයන් සමඟ වැඩම කළ සේක.
එවිට සිංහාසනය ද ජීවමාන සත්ත්වයන් සතර දෙනා ද කුලදෙටුවන් ද මධ්‍යයෙහි මරනු ලැබුවාක් මෙන් පෙනුණු බැටළු පෝතකයෙකු සිටිනු මම දිටිමි. ඒ බැටළු පෝතකයාට අං සතක් ද ඇස් සතක් ද විය. ඇස් සත නම්, ලොව පුරා යවනු ලැබූ දෙවියන් වහන්සේගේ ආත්මයෝ සත් දෙනා ය.